අනුරාධපුර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට (13) සිදු නොකෙරෙන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.
පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවත්, ඡන්ද විමසුම සඳහා වෙනත් දිනයක් මැතිවරණ කොමිසම මගින් ඉදිරියේ දී දැනුම් දෙනු ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.
කෙසේවෙතත් යොදා ගත් පරිදි අනෙකුත් සියලු දිස්ත්‍රික්කවල තැපැල් ජන්ද කටයුතු ආරම්භ වීමට නියමිතය.










