ඉකුත් ආණ්ඩු සමය යටතේ රාජ්‍ය සේවකයන්ට ලබා දුන් සියලුම වරප්‍රසාද වත්මන් ආණ්ඩුව යටතේ කප්පාදු කර ඇති බවත්, ඉදිරියේදී ඒ සියලුම වරප්‍රසාද යළි රාජ්‍ය සේවකයන්ට ලබා දෙන බවත් හිටපු අමාත්‍ය, කොළඹ දිස්ත්‍රික් සමගි ජන බලවේග අපේක්ෂක පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව යටතේ බැරැක්ක බයිනෙත්තු මත හිද ඉදිරියේදී රාජ්‍ය සේවකයන්ට සිය රාජකාරී කිරීමට සිදුවනු ඇති බවකි.
ඉදිරි සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ ඉන්ධන මිල, ජල බිල, විදුලි බිල නියත වශයෙන්ම අඩු කොට ජනතාවට සහනදායී වටපිටාවක් සකස් කරන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.










