2011 ලෝක කුසලානයේ අවසන් මහා තරගය පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් චෝදනා කරනු ලැබීමෙන් අනතුරුව ක්‍රීඩා විමර්ශන ඒකකය මගින් පැය 9ක් ප්‍රශ්න කළ ලෝ ප්‍රකට ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතාගේ ජායාරූපයක් එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ සවි කිරීමට එංගලන්ත ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන ඇත.
ලෝඩ්ස් පිටිය සැලකෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ රන් දෙවොල ලෙසය.
සෑම ක්‍රිකට් ක්‍රීඩකයකුගේම සිහිනයක්ව ඇත්තේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ තරග වැදීම සහ එහි ශතකයක් වාර්තා කිරීමය.
කුමාර් සංගක්කාර යනු එම සිහිනය සැබෑ කරගත්තෙකි.
ඒ අනුව සංගක්කාරට දක්වන උපහාරයක් ලෙස එංගලන්ත බලධාරීන් විසින් ඔහුගේ චිත්‍රයක් ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ සවි කිරීමට පියවර ගෙන ඇත.










