ඉන්දීය බොලිවුඩ් සිනමාවේ සුපිරි නළුවන් දෙපළක් වන අමිතාබ් බච්චන් සහ අභිෂේක් බච්චන් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
සිය නිල ටිවිට්ර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් බොලිවුඩ් සුපිරි නළු අමිතාබ් බච්චන් සහ අභිෂේක් බච්චන් මේ බව සනාථ කර ඇති අතර ඔවුන් දෙදෙනාම මේ වන විට රෝහල් ගත කොට ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.
ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ සහ නිවසේ සේවය කරන්නන්ද කොරෝනා පරීක්ෂණයට භාජනය කොට ඇති අතර එහි ප්‍රථිපල අද දින ලැබීමට නියමිතය.










