• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජිතගේ ඉල්ලීම ප්‍රතික්ෂේපයි! වරෙන්තුව දිගටම ක්‍රියාත්මකයි! දැන් එළියට එන්නම වෙනවා! I Sri Lanka Latest News

August 19, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
රාජපක්ෂලාගේ සල්ලි හංගන් ඉන්න ව්‍යාපාරිකයෝ දෙන්නෙක් ලංකාවට සල්ලි අරන් ඇවිත් මන්ත්‍රීවරු ගන්න හදනවා! එක මන්ත්‍රී කෙනෙකුට කෝටි 10යි! රනිල් මටත් කතා කළා! රාජිත මහා හෙළිදරව්වක් කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව තාවකාලිකව අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෝසමක් මාර්ගයෙන් කළ ඉල්ලීමක් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) ප්‍රතික්ෂේප කළේය.Sri Lanka Latest News

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළේය.

සැකකාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාගේ අපේක්ෂිත ඇප ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ඔහු ඊට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළ බව සඳහන් කළේය.

එම ප්‍රතිශෝධන පෙත්සම ඉකුත් 07 වනදා කොළඹ මහාධිකරණ හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීනිය අධිකරණය හමුවේ පෙනී සිටි බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් පවතින බව දකිමින් අධිකරණ නිවාඩු කාලයේ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා නොමඟ යවමින් සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීම සඳහා නීතිවිරෝධී ලෙස අල්ලස් කොමිසම විසින් වරෙන්තුවක් ලබා ගෙන තිබෙන බව ඔහු චෝදනා කළේය.

මහජන මුදලින් වැටුප් ලබන අල්ලස් කොමිසමේ නිලධාරීන් මේ ආකාරයෙන් බොරු කරන්නේ ඇයි දැයි ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥවරයා අල්ලස් කොමිසමේ නිලධාරීන්ට නීතියට ඉහළින් ගොස් කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවත් චෝදනා කළේය.

ඇප පනතේ 25 වන වගන්තිය ප්‍රකාරව මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් පවතින අවස්ථාවක වරෙන්තුවක් ඉල්ලා සිටිය යුත්තේ මහාධිකරණය හමුවේ යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එවැනි ඉල්ලීමක් අල්ලස් කොමිසම විසින් මහාධිකරණය හමුවේ සිදුනොකළ බව පැවසුවේය.

අදාළ ප්‍රතිශෝධන පෙත්සම ඉකුත් 07 වනදා මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී වරෙන්තුවක් ඉල්ලා නොසිටි  අල්ලස් කොමිසමට දොළොස්වනදා වන විට වරෙන්තුවක් ලබාගැනීමට ඇතිවූ හදිස්සිය කුමක්දැයි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රශ්න කර සිටියේය.

ඒ අනුව අල්ලස් කොමිසම අධිකරණය නොමඟ යවමින් ලබාගෙන තිබෙන අදාළ වරෙන්තුව ආපසු කැඳවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම මෝසම අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් සුළෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු විසින් ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම ඉකුත් 07 වනදා කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එම පෙත්සමට අදාළව තම කොමිසමට නොතීසි ලැබී නොතිබූ බව ඇය සඳහන් කළේය.

මෙම සැකකරු ප්‍රකාශ ලබාදීම මඟහරිමින් සිටි අවස්ථාවේදී ඔහු සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම වරෙන්තුව ලබා ගැනීමට තම කොමිසමට සිදු වූ බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළේය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අනතුරුව මෙම නියෝගය නිකුත් කළාය.

මේ අතර අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ මේ වන විට අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින රාජිත සේනාරත්න මහතාට ප්‍රකාශයක් ලබා දෙන ලෙස දැන්වීමක් නිකුත් කිරීමට  නියෝගයක් ලබාදෙන ලෙස අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක්ද මහෙස්ත්‍රාත්වරිය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවාය.

SendShareShare
Previous Post

ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබ්බ සාකච්ඡාව සාර්ථක වුවත් තැපැල් වර්ජනය දිගටම! නවත්වන්න නම් ඇමැති එක්ක ඉක්මන් සාකච්ඡාවක් ඉල්ලයි! I Sri Lanka Latest News

Next Post

පෑලියගොඩ වෙඩිල්ලෙන් එක් අයකු මරුට! I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.