• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පුතාව දිනවන්න මහින්ද දෙණියායට යයි: පොහොට්ටුව ශත්කිමත් කළ අයට ජන්දය දෙන්න කියයි (PHOTOS)

July 11, 2020
in Exclusive
Reading Time: 5 mins read
A A
පුතාව දිනවන්න මහින්ද දෙණියායට යයි: පොහොට්ටුව ශත්කිමත් කළ අයට ජන්දය දෙන්න කියයි (PHOTOS)
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කිරීමට දැවැන්ත ශක්තියක් වූවන් සමඟ අත්වැල් බැඳගන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  පවසයි.

සිය නැගණිය වූ ගාන්ධිනී රාජපක්ෂ මැතිනයගේ පුතණුවන් වූ නිපුණ රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම උදෙසා අද (11) පස්වරුවේ දෙණියාය නගරයේ පැවති හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා –

පහුගිය කාලයේ බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කරන අවස්ථාවේ බැසිල් රාජපක්ෂ මහතා මහ රෑ වෙනකල් කාර්යාලයේ වැඩ කළා. ඒ වෙලාවේ නිපුන එතන ඉඳගෙන බැසිල් රාජපක්ෂ මහතාට උදව් කළා. අපි කාටවත් ඒකට වෙලාවක් තිබුණෙ නැහැ. නිපුන තමයි උදේ දවල් රෑ නැතිව බැසිල් රාජපක්ෂ මහතාට පක්ෂය හදන්න ශක්තියක් වුණේ. ඒ නිසා තරුණ දේශපාලන නායකත්වයක් අවශ්‍ය මේ යුගයේ අවශ්‍යතාවය පිරිමහන්න නිපුනට අවස්ථාව ලැබෙන්නේ. 

දේශපාලන ඉතිහාසයේ පළවෙනි වතාවට විපක්ෂයක් ආණ්ඩුව එක්ක සටනක් නැහැ. ඒ අයට තියෙන්නේ සිරිකොත ඇල්ලීමේ සටන පමණයි. මොකටද සිරිකොත අල්ලන්න දඟලන අයට ඡන්දෙ දෙන්න යන්නේ. ඡන්දෙ දෙන්න ඕනේ රට හදන්න.

ඒ වගේම දෙණියාය කියන්නේ අධ්‍යාපනයට පාඩම් කරන්න හොඳ  පළාතක් හොඳ දේශගුණයක් තිබෙන ප්‍රදේශයක්.‍ දැනටමත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දෙණියායට පෞද්ගලික විශ්ව විද්‍යාල පද්ධතියක් ගේන්න කටයුතු කරනවා කියලා කියන්නේ සතුටින්. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ජනාධිපතිවරයා සකස් කරමින් තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නිපුන රණවක මහතා –

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආරම්භ කරපු දේශපාලන වැඩපිළිවෙළ සහ  ජනතාව සමග එතුමා  හැසිරුණු ආකාරය නිසා ජනතාව සෑම විටම මහින්ද රාජපක්ෂ මහතා සමග ඉන්නවා.

එතුමා කෙරෙහි දෙණියාය ජනතාව ඉමහත් ආදරයකින් කටයුතු කරනවා. මේ මැතිවරණයෙන් පසුව ඔබතුමා දෙණියාය සංවර්ධනය කිරීමට මූලිකත්වය ගනී කියලා ඒ අය බලාපොරොත්තු වෙනවා. එක් දහස් නවසිය අසූ ගණන් වල සිට තිබෙන මාර්ග පද්ධතිය තවමත් හම්බන්තොට සමග යා වෙලා නෑහැ. ඒ මාර්ග සම්බන්ධ කරන්න තිබෙනවා. වසර හතර හමාරක් තිස්සේ රෝහලක් හදන්න   මුල්ගල් තියන්න බලන් ඉන්නවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා දියුණු කරන විට ඇති වන රැකියා අවස්ථා සඳහා උචිත වෘත්තීය පුහුණුව ලබාගත හැකි  ස්ථාන මාතර දිස්ත්‍රික්කය තුළ නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ බලාපොරොත්තුව එක්ක තමයි විශාල පිරිසක් අද මේ ස්ථානයට ඇවිත් සිටින්නේ.

ඊළඟ අවුරුදු හය තුළ මාතර දිස්ත්‍රීක්කයේ ජනතාවට ප්‍රතිලාභයක් ලැබෙයි කියලා ඔබතුමා කෙරෙහි ජනතාව බලාපොරොත්තුවක් තබා තිබෙනවා. ආසියාවේ දේශපාලනය කරනවා නම් තරුණයෙකුට දේශපාලනය ඉගෙන ගන්න තියෙන හොඳම  දැනුම ගන්න පුළුවන් ඔබතුමාගේන් විතරයි.

මගේ මෑණියන් මේ ජනතාවට අසීමිතව ආදරය කළා. ඔබතුමා මැතිවරණයෙන් පස්සේ දෙණියායට මාතරට අලුත් දෙයක් කරයි කියන එක විශ්වාසයි.

මේ මැතිවරණයේදී මාතරින් ආසන හයක් ලබාදීලා තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් ලබාගන්න සහාය ලබාදෙන්න. අද පක්ෂ පාට භේදයකින් තොරව පැමිණ සිටින්නේ  ඔබතුමා කෙරෙහි පවතින විශ්වාසය නිසයි. අසීමිත ආදරය නිසයි. වසර ගණනාවක් තිස්සේ අපේ පවුලත් එක්ක අම්මත් එක්ක තාත්තත් එක්ක සම්බන්ධතා තිබුණ බලාපොරොත්තු සහිත පිරිසක් මෙතන සිටිනවා. දෙණියායට අලුත් ජවයක් සමග මාතර දිස්ත්‍රික්කයේ සියලු දෙනා වෙනුවෙන් ඔබ පැමිණීම පිළිබඳව ජනතාවට ස්තූති කරනවා.

SendShareShare
Previous Post

රංගජීව සමාව ගනී

Next Post

ගෝඨා මහින්දානන්දගේ වේදිකාවට නගී: UNP මන්ත්‍රීවරු 8 දෙනෙකුත් එක්වෙයි

MORE NEWS

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

Load More
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ...

Read more
ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.