අලුත්කඩේ උසාවි සංකීර්ණ පරිශ්‍රයේ දී මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධව පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා විසින් අදාළ මාධ්‍යවේදියාගෙන් සමාව ඉල්ලා ඇත.
වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ විත්තිකරුවකු වන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා විසින් තමන්ට අමානුශික ආකාරයෙන් සැළකු බවට චෝදනා කරමින් ඡායාරූප මාධ්‍යවේදියෙකු විසින් ඊයේ (10) පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මෙම පැමිණිල්ල කොළඹ මහාධිකරණයේ පොලිස් මුරපොළ වෙත යොමු කර තිබුණි.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ හා අපක්ෂපාතී කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.
ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගෙන් ලිඛිතව අදාල ඉල්ලීම සිදුකර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.










