• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුද්දො අපේ රට සුද්ද කරනවා – අපේ එවුන් වටවෙලා ෆොටෝ ගහනවා! කොළොම්තොටින් නැව් නැග්ග අපේ රටේ මනුස්සකම! Sri Lanka Latest News

August 17, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
සුද්දො අපේ රට සුද්ද කරනවා – අපේ එවුන් වටවෙලා ෆොටෝ ගහනවා! කොළොම්තොටින් නැව් නැග්ග අපේ රටේ මනුස්සකම! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මුළු ලෝකයක් දියුණු වීමට නම් නිතැතින්ම ලෝකයේ සියලු රටවල් දියුණු විය යුතුය. රටක් දියුණු වීමට නම් ආර්ථිකය හෝ තාක්ෂණය පමණක්ම වර්ධනය වීම සංවර්ධිත රටක දියුණු වීමේ රහසක් නොවේ. මන්දයත් රටක් දියුණු වීම යනු ආර්ථිකය, තාක්ෂණය, අධ්‍යාපනය, දේශපාලනය හා රටේ ජනතාවගේ මානව ධර්මතාවයන්ද ඉතා උසස් මට්ටමක පැවැතීමයි. ආර්ථික පැතිකඩෙන් හෝ වේවා, තාක්ෂණික පැතිකඩෙන් හෝ වේවා, දේශපාලනික පැතිකඩෙන් හෝ වේවා මෙකී සියලු ආකාරවලින් රට පරිපූර්ණ වුවත් ජනතාව තුළ මානව ධර්මතා බිඳවැටී ඇත්නම් හුදෙක්ම ඒ රටේ සංවර්ධනයට, එසේත් නැතිනම් රටේ අනාගතයට, රටේ ඉදිරි පැවැත්මට එම තත්ත්වය මහත් කැළලක් හා පසුගාමී තත්ත්වයක් ඇතිකරවනු නිසැකය. ඒ අනුව බලන කල ශ්‍රී ලංකාව දශක ගණනක් මුළුල්ලේ සිට තවමත් තුන්වැනි ලෝකයේ රටක් වීම මීට සුදුසුම නිදසුනක් බැව් මගේ මතයයි. ඒ කෙසේදයත් පරිසරයෙන් බොහෝ සම්පත් අප රටේ විහිදී තිබුණද, ඓතිහාසික වශයෙන් උරුමයන්, භූමිය, කෘෂිකාර්මික හැකියාව, සාගර සම්පත්, උසස් අධ්‍යාපන මට්ටම් ආදී සියලු සම්පත් අප රටේ මානවයාට භුක්ති විඳීමට තිබුණද සමාජ සංස්කෘතියේ හා පුද්ගල මනෝභාවයේ සඳහන් දුර්වලතාවයන් කරණකොට ගෙන සමාජය තුළ විවිධාකාරයෙන් අගතිගාමී තත්ත්වයන් ඇති වී ඇත.Sri Lanka Latest News

මීට දින කිහිපයකට ප්‍රථම ගාල්ල උඩුගම ප්‍රධාන මාර්ගයේ තෙල්කුඹුර ප්‍රදේශයේදී විශාල ගසක් මාර්ගයට කඩාවැටීම හේතුවෙන් ගමනාගමනයට බාධාවක් එල්ල වූ අතර, තත්පර කිහිපයක් ඇතුළත පූර්ණ වශයෙන් ගමනාගමනය නවතා දැමීමට මෙම සිද්ධිය හේතු වී තිබිණි. සිදුවීමෙන් පසුව මාර්ගය සකස් කිරීමට අදාළ නිලධාරීන්ගේ පැමිණීම ප්‍රමාද වීම මෙම තත්ත්වය තවදුරටත් සංකීර්ණ වීමට හේතු විය. ගස කපා ඉවත් කිරීමට ගම්වාසීන්ගේ වුවද සහාය නොලැබීම මෙහි සිදුවූ කනගාටුදායක තත්ත්වයයි. එම අවස්ථාවේදී එම මාර්ගය ඔස්සේ ගමන් කරමින් සිටි විදේශිකයන් පිරිසක් තමන් සතු උපකරණද යොදාගනිමින් ගස කපා ඉවත් කිරීමට උත්සාහ ගත්තේය. වැසිබර කාලගුණික තත්ත්වයක් තිබියදී වුවත් පැය භාගයක් මත්තෙන් මාර්ගය තිබූ ආකාරයටම සකස් කිරීමට ඔවුන් සමත් විය. මෙහිදී ගම්වාසීන් හා අසල සිටි මිනිසුන් සිදුකර ඇත්තේ ජංගම දුරකතනවලින් අදාළ සිද්ධිය පටිගත කිරීමය. ඔවුන්ගේ කිසිදු සහයෝගයක් විදේශිකයන් හට ලැබී නොමැත. මේ නම් ශ්‍රී ලාංකිකයන්ගේ මනුෂ්‍යත්වයයි. අනෙකා කෙරෙහි දක්වන සංවේදීභාවයයි. උසස් ජාතියක් ලෙස මහත් පුරාජේරු කතා කියූ පමණින් මිනිසාට උසස් විය නොහැක. එය ක්‍රියාවෙන් ඔප්පු කළ නොහැකි නම් එම උසස්භාවය අවලංගු කාසියක් වනු ඇත.

ලාංකිකයන් ලෙස අප ජනතාව ‘සංස්කෘතිය’ යන්න ඉතා හරසර ලෙස ගොඩනගාගෙන ඇත. එනමුත් සංස්කෘතිය හමුවේ අනාගතය වෙනුවෙන් නොතැනිය යුතු දේ බොහෝ සෙයින් අප ජනතාව බිහිකරගෙන ඇත. ඒ කුමක්ද යත් ‘තමා’ එසේත් නැතිනම් ‘මම පමණි’ යන මතයය. මෙම සිද්ධියේ පසුබිම ගොඩනැගී ඇත්තේද එවැනිම තමා පිළිබඳවම පමණක්ම අපේ මිනිසුන් සිතීම හේතුකරගෙනය. ප්‍රාදේශීය සභාව හෝ නගර සභාවම පැමිණ ගස කපා ඉවත් කරන තෙක් බලා සිටීම ඔවුන්ගේ මූලික කර්තව්‍යය වී ඇත. ප්‍රමාදය සියල්ලන්ටම සිදුවන බව නොසිතා ඔවුන්ගේ මෙම නොමනා ක්‍රියාව සංචාරකයන් ලෙස පැමිණි විදේශිකයන් කෙතරම් නම් අප්‍රසන්න ලෙස අර්ථකථනය කරන්නට ඇද්ද? නිතැතින්ම ශ්‍රී ලාංකිකයන් වශයෙන්ම ඉතාම ලැජ්ජා වියයුතු සිදුවීමක් ලෙස මෙම සිද්ධිය අප පහදාගත යුතුය. ඕනෑම අවස්ථාවකදී අපේ මනෝභාවය වී ඇත්තේ ‘ඒක අපේ වැඩක් නෙවෙයි’ යන්නයි. බොහෝ දෙනා ගැටලු පිළිබඳ නිරන්තරයෙන්ම අදහස් දැක්වුවත් එය විසඳීමට උත්සාහ නොකරයි. මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව තවදුරටත් තුන්වැනි ලෝකයේ රටක් ලෙසින් ඉදිරියට ගමන් කිරීම විශේෂයක් නොවේ. එනමුත් විදේශිකයන් ඔවුන්ගේ අවහිරතාවය දැක, ඔවුන්ගේ කාර්යභාරය ගැන නොසලකා, ඔවුන්ගේ බලය ගැන නොසලකා, අයිතිය ගැන නොසලකා ‘අපි මේ ගමන එකට යන්න ඕන’ යන අර්ථයෙන් යුතුව ගස කපා ඉවත් කිරීමට උනන්දු විය. මෙමගින් මූලිකවම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපගේ වගකීම් සහ තීරණ කෙතරම් නම් පොහොසත් විය යුතුද යන්න සිතාබැලීම ඉතා වැදගත් වේ. හුදෙක් රජය මත පිහිටුවා වුවද ඕනෑම ගැටලුකාරී තත්ත්වයක් අධිකාරිය විසින්ම බලය ලත් පිරිස විසින් විසඳනු ඇති කියා බලා සිටීම ප්‍රමාණවත් නොවනු ඇත.

මෙම සිද්ධිය අවස්ථාවේදී වුවද මිනිසුන් සිදුකර ඇත්තේ ජංගම දුරකථන ඔස්සේ අදාළ සිද්ධිය පටිගත කිරීමය. මෙම ක්‍රියාදාමයන් අනුව පිළිබිඹු වන්නේ මිනිසුන් ඕනෑම සිදුවීමක් ඡායාරූපගත කිරීම හෝ වීඩියෝ කිරීම ඔවුනගේ දිවියේ කොටසක් වී ඇති බවය. මන්දයත් මීට පෙර ඇසීමට සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් ලෙස ගැහැනු දරුවකු දූෂණයකට ලක්වීම ජංගම දුරකතනයක් හමුවේ සජීවීව සමාජ මාධ්‍ය තුළ මුදාහැරීමේ සිද්ධියයි. මෙම වාර්තාවන පුවත් අනුව හැඟීයන එක් මතයක් වනුයේ මිනිසුන් කෙතරම් නම් තවත් අයෙක් කෙරෙහි සංවේදීභාවයෙන් යුතුව කටයුතු නොකරන බවයි. මන්දයත් ‘මම, මගේ’ යන මතය පමණක්ම පිටතට මුදාහැරීමට ඔවුන් බොහෝ සෙයින් සමත් වන හෙයිනි. එනමුත් විය යුත්තේ එය නොවෙයි. රටක් ඉදිරියට යාමේදී මිනිසුන් අතර පවත්නා සහසම්බන්ධතාව ඉතාම වැදගත් වේ. තනිවම රටක් දියුණු නොවේ. රටක් දියුණු වීමට නම් රටේ සමස්ත මානවයාම දියුණු විය යුතුය.

ශ්‍රී ලංකා පිළිබඳ හැඳින්වීමේදී ආසියාතික රටක් වශයෙන් සංස්කෘතික මුහුණුවරකින් එසේත් නැති නම් ඇදහිලි විශ්වාස, ආගමික මතවාද තුළින් ඉතාමත් ඉහළින්ම හෙබි රටකි. ආගම, ජාතිය යන්න පිළිබඳ මහත් පුරාජේරු හරසර කතා ඉදිරිපත් වුවද එම හැඟීම් එනම් ජාතික, ආගමික, මානුෂීය හැඟීම් මානවයා තුළට කිඳාබැස නොමැති නම් හිස මුදුනින් තබාගත් සංස්කෘතියෙහි කිසිදු වටිනාකමක් පිළිබිඹු නොවේ. ශ්‍රී ලාංකිකයන් හමුවේ විදේශ රටවලින් විදේශිකයන් වෙනස් වනුයේ මෙකී මතවාදය හේතුවෙනි. දිනෙන් දින ප්‍රවර්ධිත රටවල් වශයෙන් ඉදිරියට ගමන් කරන්නේ එබැවිනි. අප රටේ සමාජය තුළින් බොහෝ දෙනා පුද්ගලික පහසුව, පුද්ගලික සුබසෙත උදෙසා පමණක් කැපවී සිටින බව යථාර්ථයක් වේ. පරිසරයට සිදුවන හානිය, අපද්‍රව්‍ය ගැටලුව, සත්ව හිංසා කිරීම්, පොදු දේපළ ආරක්ෂා කිරීම් වැනි වගකීම් අනුගමනය නොකිරීම ශ්‍රී ලාංකිකයන් ලෙස අප රට තවදුරටත් පිරිහීමට හේතුවනු ඇත. තවද දේශපාලනික වශයෙන් ජනතාවගේ විශ්වාසය ලබාගෙන අවසානයේදී තම බලය වාසිය පමණක් තහවුරු කරගන්නා පුද්ගලයන්ද අප කොතෙකුත් සමාජය තුළ දැක ඇත. මෙයට මූලිකවම හේතු වන්නේ ‘මම පමණක්ම සිටිය යුතුය’ යන මතවාදයයි. නීතිරීති අනුගමනය නොකිරීම, සමාජය කෙරෙහි පරිසරය කෙරෙහි සංවේදී නොවීම රටේ ඉදිරි ප්‍රවර්ධිත යෝජනා ක්‍රියාත්මක වීම සම්පූර්ණයෙන්ම අඩපණ කරනු ඇත.

ඒ අනුව අනෙකුත් සංවර්ධිත රටවල් එනම් ජපානය, ජර්මනිය, දකුණු කොරියාව වැනි රටවල් හා සංසන්දනයේදී සමාජ වගකීම් හා පරිසරය කෙරෙහි දක්වන්නා වූ ගුණගරුකභාවය එම රටවල් තුළ පුරවැසියන් නිතැතින්ම හඳුනාගෙන සිටීි. නිදසුනක් වශයෙන් ජපානය තුළ ටොෆි කොලයක් හෝ බිම නොදැමීමට එම මිනිසුන් හැඩගැසී ඇත. විය යුත්තේ එයයි. එනමුදු අප රට තුළ නීතිරීති තිබුණද එම නීති ක්‍රියාත්මක කිරීමේ දුර්වලතාව මිනිසුන්ගේ ආකල්පත් සමගම අවම වී ඇත. ඒ සඳහා තවත් එක් නිදසුනක් වනුයේ මෑත කාලසීමාව තුළ අප කන වැකුණු එක් පුවතකි. කුඩා බිලිඳියක් කැලයක් තුළ දමාගොස් තිබීමේ පුවතයි. එය එසේ වීද කිසිදු කාන්තාවක් එම දැරියව තම දෑතට ගැන්මට උත්සුක නොවීම ජාතියක් ලෙස, ශ්‍රී ලාංකිකයන් ලෙස අපගේ පවත්නා නොමිනිස් ගතිය හුවාදැක්වීමකි.

මේ සියලු තත්ත්ව හමුවේ සිදුවනුයේ ජාත්‍යන්තරය තුළින් අප පිළිබඳ පවතින විශ්වාසය අඩුවීමත් ඒ ඔස්සේ සංචාරකයන්ගේ පැමිණීම අවම වීමත්ය. ආර්ථික වශයෙන් බලපෑම් ඇති කිරීමටත්, පරිසරය හා නීති හමුවේ ගරු නොකරන රටක් ලෙස රටට සැලකීමත් මෙහිදී නිතැතින්ම සිදුවනු ඇත. එමෙන්ම අධ්‍යාපනික තත්ත්වයන්, වෘත්තීය අවස්ථා අඩුවීම, විදේශ රැකියා හා සියලු පැතිකඩවල් හමුවේ ආධාර අඩුවීම, විශ්වසනීභාවය අවම වීමත් මෙන්ම රටේ අනාගතය කෙරෙහි මෙම තත්ත්වයන් නිරන්තරයෙන් බලපෑම් ඇති කරවීමත් ඉදිරියට සිදුවනු ඇත. හුදෙක් මෙම මනෝභාවයන් දිගින් දිගටම පුද්ගලයා තුළ ක්‍රියාත්මක වන්නේ නම් එය එලෙසින්ම වනු ඇත. මිනිස්සුන්ගේ මනෝභාවයන් වෙනස් නොවීම, ‘මම පමණක්’ යන අදහසින් තම ජීවිතය ගතකිරීම ඉදිරියේදී රටක් වශයෙන් ඉදිරියට යාමට බාධාවක් එල්ල වනු නිසැකය. මෙම තත්ත්වයන් වෙනස් වීමට නම් සමාජ වගකීම් සහයෝගිතාවයෙන් යුතුව ඉටුකිරීමටත්, වගකිව යුතු පුරවැසි පරම්පරාවක් බිහිකිරීමටත් හේතුවනු ඇත. එසේ නොවන්නේ නම් අනාගතයේදී අප රට තව දිගු කලක් තුන්වැනි ලෝකයේ රටක් ලෙස පැවතීම අනිවාර්යයෙන්ම සිදුවනු ඇත. එමන්ම සමාජයට අර්ථවත් වදනක් කියාදෙමින් පසක් කරනුයේ ජාතික අභිමානය යනු කතා මාලාවක් පමණක් නොවෙයි, ගැටලුවක් හමුවේ මෙය කවුරු විසඳාවිද කියා බල බලා සිටිනවාට වඩා මම යන හැඟීම, මම යන වගකීම පිළිබඳ ඉතා විචක්‍ෂණශීලී ලෙස සිතා බැලීමත් හමුවේ බලාපොරොත්තු වන්නා වූ මනෝභාවයන් තුළ ප්‍රායෝගිකත්වය එළියට මතු කිරීමයි.

පී.එම්. සඳලි සත්සරණි රත්නායක
ජන සන්නිවේදන අධ්‍යයන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.

SendShareShare
Previous Post

රනිල් වටේ ඉන්න ඔක්කොටම වැඩ වරදින්න වගේ යන්නේ! ගිය සතියෙ වජිරව පැය 8ක් ප්‍රශ්න කළා! මේ සතියෙ මනූෂට මූල්‍ය අපරාධ විමර්ශන දිසාවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවලා! I Sri Lanka Latest News

Next Post

බඩු මිල වැඩියි! ලයිට් බිල අඩු කරනු! පොරොන්දු ඉටු කරනු! වතු කම්කරු වැටුප් වැඩි කරනු! නුවරඑළියේත් මිනිස්සු පාරට බැහැලා විරෝධතා පටන් අරන්! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.