• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අධිකරණය නවීකරණයට ඩිජිටල්කරණයට අගවිනිසුරු කතා කරයි! දැනට කරන දේම කළොත් අපට ලැබෙන දේ නිසැකවම ලැබේවි! කිසිදා නොලැබුණු දෙයක් ලැබීමට නම් කිසිදා නොකළ දෙයක් කරන්න! Sri Lanka Latest News

August 10, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
අධිකරණය නවීකරණයට ඩිජිටල්කරණයට අගවිනිසුරු කතා කරයි! දැනට කරන දේම කළොත් අපට ලැබෙන දේ නිසැකවම ලැබේවි! කිසිදා නොලැබුණු දෙයක් ලැබීමට නම් කිසිදා නොකළ දෙයක් කරන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ශ්‍රී ලංකාවේ සමහර අධිකරණයන් තුළ පවතින දූෂණ වංචා සහ විවිධ අක්‍රමිකතා මුලිනුපුටා දැමීමට අප කටයුතු කළ යුතුයි. බොහෝ අධිකරණ ලේඛනාගාරවල පවතින ගැටලු නිසා නීති ප්‍රමාදයන් රාශියක් සිදුවෙනවා. මෙම බාධාවන් සියල්ල තුරන් කර දැමීම සඳහා අප විශ්වාසයක් ඇතිව කටයුතු කළ යුතුයි. අපගේ අධිකරණය තුළ ඇති සාම්ප්‍රදායික ක්‍රමවේදයන් නිසා මෙවැනි අක්‍රමිකතා සහ බාධාවන් සිදුවනු ලබනවා. මෙම තත්ත්වයෙන් මිදීමට නම් අප අධිකරණය තුළට නවීකරණය සහ නව තාක්ෂණික ක්‍රමවේදයන් හඳුන්වා දිය යුතුයි. මේ සඳහා ප්‍රධාන වශයෙන්ම ‘යුක්තිය පසිඳලීමේ ඩිජිටල් ක්‍රමවේදය’ හඳුන්වා දීම කඩිනම් කිරීමට මම පොරොන්දු වෙනවා. මේ අනුව රට පුරා අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම අප ඉක්මනින්ම ආරම්භ කරනවා. එම ප්‍රයත්නයට සහාය වීම සඳහා සියලු පාර්ශ්වකරුවන්ට අත්වැල් බැඳගන්නා ලෙසට මම ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකාවේ අධිකරණයෙහි ගුණාත්මකභාවය සඳහා මෙය අත්‍යාවශ්‍යයි…’ Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයට අදළාව ඇසෙන මෙම සුවිශේෂ කතාන්දරය කුමක්ද? මෙය කියා සිටින්නේ කවරකු විසින්ද? ‘මෙයට දින කීපයකට පෙර ඇසුණු මෙම ප්‍රකාශය සිදුකරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ 49 වැනි අගවිනිසුරුවරයා ලෙස තේරී පත්වුණු අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසිනි. මෙලෙස ඔහු පිළිගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේදී පැවැති උත්සවයේදී විශේෂ කතාවක් පවත්වමින්, නව අගවිනිසුරුවරයා ඉහත අදහස් ප්‍රකාශ කර සිටියේය. ශ්‍රී ලංකාවේ වත්මන් අධිකරණ ක්ෂේත්‍රයට අදාළව බොහෝ ආන්දෝලනාත්මක අදහස් ගණනාවක් ඔහු අවධාරණය කර සිටියේය. තවදුරටත් එම ප්‍රකාශය සොයා බලමු.

‘ශ්‍රී ලංකාවේ අධිකරණයේ යුක්තිය පසිඳලීමේ ක්‍රමයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා වඩාත් දියුණු ක්‍රමවේද අනුගමනය කිරීමේ කාලය පැමිණ තිබෙනවා. මෙම යුගයේ වඩාත්ම දියුණු ක්‍රමවේදය වන්නේ ඉලෙක්ට්‍රොනිකව යුක්තිය පසිඳලීමේ ඩිජිටල්කරණ ක්‍රමයයි. ඊට වඩා දියුණු වෙනත් ක්‍රමයක් දැනට ලෝකයේ නැති අතර, මෙය දැනට ලෝකයේ රටවල් රාශියක භාවිතයට ගන්නවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා සහ අධිකරණ අමාත්‍යවරයා සමගත් මම මේ පිළිබඳ සාකච්ඡා පවත්වා තිබෙනවා. අපගේ නීති පද්ධතිය වඩාත් දියුණු පද්ධතියක් බවට පත්කිරීම සහතික කිරීමේ ක්‍රමවේදයක් අවශ්‍ය වන අතර, එය රටේ කාර්යක්ෂම පද්ධතියක් ලෙසට සියලු දෙනා විසින් පිළිගැනීමට තරම් දියුණු විය යුතුයි. ඒ සඳහා දැන් හොඳම කාලය පැමිණ තිබෙනවා. ගුණාත්මකව යුක්තිය ඉටුකරන ලෝකයේ අනෙකුත් රටවල් රාශියක්ම ඔවුන්ගේ අධිකරණ පද්ධති ස්වයංක්‍රීය කර තිබෙනවා. අපි එසේ නොකළ යුතු බවට හේතුවක් නැහැ. මේ ක්‍රියාවලිය සඳහා රජය අරමුදල් සැපයීමට සූදානම්. එසේම අනෙකුත් අදාළ කොටස්කරුවන්ද සහාය වීමට සූදානම්. එසේ නම් එය සිදු නොවන්නේ ඇයි? එසේ වන්නේ සත්‍ය වශයෙන්ම අප එහි මූලිකත්වය නොගන්නා නිසයි…’
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා තවදුරටත් සුවිශේෂ කරුණු අවධාරණය කළේය.

‘ඉලෙක්ට්‍රොනික ඩිජිටල් යුගයේ සන්දර්භය තුළ අපි මෙම පද්ධති අනුගමනය නොකරන්නේ නම් මේ රටේ යුක්තිය පසිඳලීමේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට අපට නොහැකි වනු ඇත. නඩු පවරන්නන්ට කඩදාසි වැඩ සඳහා වැයකරන විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට නොහැකි වනු ඇත. මාගේ මෙම කාලයේදී මම රට පුරා අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම වේගවත් කිරීමට පොරොන්දු වෙමි. නීතිඥ සංගමයට අවශ්‍ය වන්නේ එයයි. ගරු අමාත්‍යතුමාට අවශ්‍ය වන්නේ එයයි. රජයට අවශ්‍ය වන්නේද එයයි. නඩු පවරන්නන්ට අවශ්‍ය වන්නේත් එයයි. ඔබට වෙනස් ප්‍රතිඵල අවශ්‍ය නම් වෙනස් කිරීම් කිරීමට දැන් සිටම පටන් ගන්න. අපි දැනට කරමින් සිටින දේ දිගටම කරගෙන ගියොත් අපට ලැබෙන දේ නිසැකවම අපට ලැබෙනු ඇත. ඔබට කිසිදා නොලැබුණු දෙයක් ඔබට අවශ්‍ය නම් ඔබ කිසිදා නොකළ දෙයක් ඔබ කළ යුතුය. එවැනි ක්‍රමයක් හරහා කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව වැඩිදියුණු කරනු ඇති අතර, එමගින් අවසානයේ යුක්තිය පසිඳලීමේ කාර්යක්ෂම ක්‍රමයක් සාක්ෂාත් කරගැනීමට හැකිවනු ඇත…’

නව අගවිනිසුරුවරයා පිළිගනිමින් නීතිපති, ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතා පැවැසුවේ පසුගිය සමයේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මුදල් අමාත්‍යාංශයට සහ භාණ්ඩාගාර ලේකම්වරයාට එරෙහිව 2024 දී අතුරු නියෝගයක් නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස විනිසුරු සූරසේන මහතා ගත් නිර්භීත තීරණය, ප්‍රජාතන්ත්‍රවාදයේ විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස බොහෝ විශ්ලේෂකයන් විසින් ප්‍රශංසාවට පත්කර ඇති බවයි. එසේම අධිකරණය අද භුක්ති විඳින කීර්තිය සහ ස්ථාවරය, දීර්ඝ කාලයක් තිස්සේ අනුප්‍රාප්තික විනිසුරුවරුන් විසින් ගොඩනගාගෙන පූජනීය ලෙස ආරක්ෂා කරන ලද උසස් සම්ප්‍රදායන්ගේ සමුච්චිත බලපෑම බවද නීතිපතිවරයා ප්‍රකාශ කළේය.

ප්‍රිති පද්මන් සූරසේන නමැති ශ්‍රී ලංකාවේ සිටින ප්‍රකට සහ ප්‍රවීණතම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා මෙරට 49 වැනි අගවිනිසුරුවරයා ලෙස 2025 ජූලි 27 දා පත්කරන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි. විනිසුරු සූරසේන මෙයට පෙර 2019 ජනවාරි 09 සිට 2025 ජූලි 27 දක්වා නොකඩවා වසර 06කට අධික කාලයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධාන විනිසුරුවරයකු ලෙස සේවය කළේය. එසේම ඉන් පෙර ඔහු මහාධිකරණ විනිසුරුවරයකු සහ අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙසද කටයුතු කර ඇත. තවද ඔහු අභියාචනාධිකරණයේ 46 වැනි සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇත. විනිසුරු සූරසේන මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් සහ කොළඹ නීති විද්‍යාලයෙන් උපාධි හිමිකරගෙන ඇති විද්වතෙකි. ප්‍රීති පද්මන් සූරසේන මහතා බොහෝ පෞරුෂයක් ඇතිව රාජකාරි කටයුතු කරන නිර්භීත විනිසුරුවරයකු ලෙස ප්‍රකටය.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

අතුරුදන් වෙලා තිබුණු චිචීගේ රොකට් එක හරිනි හෙයාගනී! චිචී දැන් නිදහස්! Sri Lanka Latest News

Next Post

දේශපාලනීකරණය! ජවිපෙකරණය! අතකොළුවන් උඩ පුටුවලට දැමීම! යෞවන සමාජ තරුණ තරුණියන් සජිත් හමුවෙන්න එයි! අනාගත අනතුරක් ගැන සජිත් අනතුරු අඟවයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.