• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිටපු අගමැතිගේ පුතා ජීවිතාන්තය දක්වා හිරේට! මෙන්න දෙනවා දඬුවම්! Sri Lanka Latest News

August 10, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
හිටපු අගමැතිගේ පුතා ජීවිතාන්තය දක්වා හිරේට! මෙන්න දෙනවා දඬුවම්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘දේශපාලකයකු සහ ජනතාවගේ නියෝජිතයකු ලෙස මොහු සිදුකර ඇති වරද සමස්ත සමාජයටම සිදුකළ වරදක් ලෙස සැලකිය හැකියි. එසේම මොහු සිදුකර ඇති අපරාධය කාන්තාවන්ට නමස්කාර කරන සමස්ත සමාජයටම සිදුකළ වරදක් ලෙස මම තීරණය කර සිටිනවා. තවද මෙම පුද්ගලයා රාජ්‍ය පරිපාලකයකු හා නීති සම්පාදකයකු ලෙස මෙසේ සිදුකර ඇති වරද බරපතළ අංගයක් ලෙස නොසලකා සිටිය නොහැකියි. වින්දිතයා මෙම චූදිතයාගේ පවුලේ ගොවිපළේ සේවය කළ අහිංසක කාන්තාවක්. මෙලෙස ඇයට හෝ සමාජයේ අනෙකුත් කාන්තාවන්ට හෝ ඔවුන්ගේ දුප්පත් ආර්ථික තත්ත්වය හේතුවෙන්, ඔවුන් කෙරෙහි අවඥාවක් දක්වමින් ඔවුන්ට එරෙහිව මෙසේ ලිංගික අපරාධ සිදුකිරීම, ඉවත දැමිය හැකි වරදක් නොවේ. එසේම මෙම අපරාධකරුවා වින්දිතයාට නැවත නැවතත් දරුණු ලෙස බලහත්කාරයෙන් ලිංගික සංසර්ගය සිදුකිරීම මිනීමැරුමක් කිරීමට වඩා බරපතළ අපරාධයක් ලෙස සැලකිය හැකියි…’Sri Lanka Latest News

ලිංගික අපරාධයකට අදාළව ඇසෙන මෙම බරපතළ කතාන්දරය කුමක්ද? මෙය කියා සිටින්නේ කවරකු විසින්ද? එම තොරතුරු සොයා බලන්නට ප්‍රථම මෙම කතාව තවදුරටත් ගලායන ආකාරය කුමක්දැයි විමසා බලමු.

‘මට මෙහිදී මතක් වෙන්නේ එක්තරා වටිනා අපූරු සංස්කෘත කියමනක්. එනම් ‘ධර්මෝ රක්ෂති රක්ෂිතහා’ යන්න මගින් කියැවෙන්නේ ‘ධර්මය විනාශ නොකළ යුතු අතර, එහි ප්‍රතිවිපාකයක් ලෙස අපට විනාශ විය නොහැක’ යන්නය. තවත් ආකාරයකින් මෙය ප්‍රකට ඉංග්‍රීසි කතාවක් වන ‘ඩේවිඩ් එදිරිව ගෝලියත්’ වගේ එකක්. ඒක මගින් හොඳ සහ යක්ෂයා අතර සටනක් කියැවෙන්නක්. ඒ හෙයින් මෙම අපරාධය සිදුකළ චූදිතයාට උපරිම දඬුවම් නියම කිරීම උත්තරීතර අධිකරණයේ යුතුකමක් ලෙස සලකනවා. ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහයේ 376(2)(එන්) වගන්තිය යටතේ එකම කාන්තාවක නැවත නැවත දූෂණයට අදාළව මෙම උපරිම දඬුවම පමුණුවනු ලබනවා. මේ හෙයින් චූදිතයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන අතර, රුපියල් ලක්ෂ 05ක දඩයක් සහ වින්දිතයාට රුපියල් ලක්ෂ 07ක වන්දි මුදලක් ගෙවීමටද මම නියෝග කර සිටිනවා…’

දැන් ඔබ මෙම කතාවේ යම් සන්ධිස්ථානයකට පැමිණ සිටින්නේය. එසේනම් මෙම වතගොත කුමක්දැයි අප සොයා බලමු. පසුගියදා මෙම කතාව අපට අසන්නට ලැබුණේ අපගේ යාබද ඉන්දියාවෙනි. මෙය ලිංගික අපරාධයක කතාන්දරයක් ලෙස පෙනුණත් එය සාමාන්‍ය සිදුවීමකින් ඔබ්බට ගිය බැරෑරුම් සිදුවීමකි. එනම් පසුගියදා ඉන්දියානු විශේෂ මහාධිකරණයක් විසින් මෙම සිර දඬුවම නියම කරනු ලැබුවේ ඉන්දියාවේ සිටින ප්‍රකට තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුටය. දැනට 34 වැනි වියේ පසුවන මොහුගේ නාමය වන්නේ ප්‍රජ්වාල් රේවන්නාය. තවද විවාහ දිවියට පිවිස නැති මොහු කඩවසම් පෙනුමකින් හෙබි දේහධාරී තරුණයෙකි. මොහු කාලයක් පුරා කාමුක සතුටු ජීවිතයක් ගතකරමින් සිටි පුද්ගලයකු බව ප්‍රකටය. එනම් ඉහත ලිංගික අපරාධය පමණක් නොව තවත් කාන්තාවන් කිහිප දෙනකුටම විවිධ ලිංගික අපරාධ සිදුකළ බවට ඔහු ප්‍රකට වී ඇත. එවැනි තොරතුරු කිහිපයක් අපි පසුව සොයා බලමු. මෙහිදී ඔහුගේ ජීවිත පසුබිම කුමක්දැයි අපි සොයා බලමු. එය සුවිශේෂ කතාන්දරයකි. ප්‍රජ්වාල් රේවන්නා යනු වත්මන් ඉන්දියානු පාලක පක්ෂය වන භාරතී ජනතා පක්ෂයට සම්බන්ධ වී ඇති ජනතා ඩාල් නමැති පක්ෂයේ ප්‍රබල සාමාජිකයෙකි. මොහු 2019 වසරේ පැවැති ඉන්දියානු මහ මැතිවරණයෙන් දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ හසන් නමැති ආසනයට තරග කර විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත්තේය. ඉන් අනතුරුව ඔහු 2019 මැයි 23 සිට 2024 ජුනි 04 දක්වා නොකඩවා ඉන්දියානු ලොක් සභාව (ප්‍රධාන පාර්ලිමේන්තුව) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස නියෝජනය කළේය. මෙම කාලයේ ඔහුගේ වයස අවුරුදු 28ක් පමණ වූ අතර, මෙම තරුණ දේශපාලකයා ඉන්දීය දේශපාලනයට පිවිසෙන්නේ 2014 වසරේදී වන අතර, එවිට ඔහු 24 වැනි වියේ පසුවිය. ප්‍රජ්වාල් රේවන්නා ඉතා කෙටි කාලයක් ඇතුළත ඉන්දීය දේශපාලන ක්ෂේත්‍රය තුළ ප්‍රකට වූ තරුණ දේශපාලකයකු විය. එයට හේතු වූ එක්තරා සුවිශේෂ වටපිටාවක් ඇත. එය කුමක්දැයි සොයා බලමු. ඉන්දීය මහාධිකරණය විසින් මෙසේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන ලද හිටපු ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රජ්වාල් රේවන්නාගේ පවුලේ සාමාජිකයන් රැසක්ම ඉන්දීය දේශපාලනයට ප්‍රබල සම්බන්ධයක් ඇති බලගතු පිරිසක් වෙති. එනම් මොහුගේ සීයා වන එච්.සී. දේවි ගොව්ඩා නමැති ප්‍රවීණ දේශපාලකයා ඉන්දියාවේ හිටපු අගමැතිවරයකු වෙයි. ඔහු 1996 ජුනි 01 සිට 1997 අප්‍රේල් 21 දක්වා මාස 09ක කෙටි කාලයක් ඉන්දියාවේ අගමැති ධුරය දැරීය. ඔහු එසේ කෙටි කාලයකට පමණක් අගමැති ධුරයට පත්වූයේ 1996 දී මහ මැතිවරණයෙන් පසු එකල නරසිංහ රාඕ රජය පරාජයට පත්වීමෙන් පසුව ඇතිවූ බල තුලනයක් හේතුවෙනි. ඒ කෙසේ වුවත් අගමැති දේව් ගොව්ඩා යනු ඉන්දියානු මැතිවරණ 14කින් පමණ විශිෂ්ට ලෙස ජයග්‍රහණය කර ඇති ඉතා පරිණත දේශපාලකයෙකි. එසේම අමාත්‍ය ධුර ගණනාවක්ද දරා ඇත. දැනට 92 වැනි වියේ පසුවන මොහු තවද ජීවතුන් අතර සිටියි. දැන් මෙම දේශපාලන පවුලේ අනෙක් අපූරු පිටුව පෙරළෙන්නේ මෙතැනදීය. ඉහත හිටපු අගමැතිවරයාට දරුවන් හය දෙනකුවන අතර, ඉන් එච්.සී. රේවන්නා ඉන් වැඩිමහලු පුතාය. මොහුද ඉන්දීය රජයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා ඇමැතිවරයකුද වෙයි. දැනට 67 වැනි වියේ පසුවන මෙම පුද්ගලයාගේ පුත්‍රයා වන්නේ ඉහත ප්‍රබල සිර දඬුවම් නියම වූ ප්‍රජ්වාල් රේවන්නාය. මෙම සියලු දෙනා දැනට ඉන්දීය භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධ ‘ජනතා දාල්’ පක්ෂයේ සාමාජිකයන්ය. එහෙත් 2024 සිටම ප්‍රජ්වාල් රේවන්නාට ලිංගික අපරාධ චෝදනා එල්ල වූ හෙයින් 2024 මහ මැතිවරණයට තරග කිරීමට නාමයෝජනා ප්‍රතික්ෂේප විය.

දැන් ඔබ මෙම කතාවෙහි යම් හැරවුම් ලක්ෂ්‍යයකට පැමිණ සිටින්නේය. එනම් ඉහත ප්‍රජ්වාල් රේවන්නාට එරෙහිව ලිංගික අපරාධ චෝදනා එල්ල වූ වටපිටාව කුමක්ද? මොහුට මෙම චෝදනා ගොඩනැගෙන්නේ 2024 වසරේ මැදභාගයේ සිටය. එයට පෙර සිට හෝ ඔහු මෙවැනි නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වී තිබෙන්නට හැකි වුවද නීතිමය වශයෙන් අපරාධ චෝදනා ගොනුවන්නේ මෙයට වසරකට පමණ පෙර සිටය. පාර්ශ්ව කිහිපයක්ම ප්‍රකාශ කර තිබුණේ මෙම පුද්ගලයා විසින් කාන්තාවන් ගණනාවක්ම දූෂණය කරනු ලැබූ බවයි. එහෙත් එම කාන්තාවන්ගෙන් සිවු දෙනකු පමණක් තමන්ට සිදුකරන ලද ලිංගික අපරාධ ගැන අදාළ ආරක්ෂක සහ නීතිමය අංශ වෙත පැමිණිලි කර තිබිණි. එයින්ද ඉහත ප්‍රකාශ කෙරුණු 47 හැවිරිදි කාන්තාවගේ ලිංගික අපරාධය අධිකරණය විසින් දැඩි අවධානය යොමුකළ අතර, චූදිතයාට දැඩි දඬුවම් නියම කළේය. ඒ ආකාරයට එම නඩුව 2024 අවසාන භාගයේ සිට විභාග කෙරුණු අතර, 2025 අගෝස්තු 01 වැනිදා අවසාන තීන්දුව ප්‍රකාශයට පත්කර දඬුවම් නියම කරන ලදී. මේ අනුව මේ වනවිට ප්‍රජ්වාල් රේවන්නා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳීමට සිරගත කිරීම සිදුකර ඇත.

ඉන්දීය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රජ්වාල් රේවන්නා ජීවිතාන්තය දක්වා සිර දඬුවමට නියම කරනු ලැබුවේ බෙන්ගලාරු විශේෂ මහාධිකරණයේ සිවිල් සහ අපරාධ නඩු පිළිබඳ විශේෂ හා ප්‍රධාන විනිසුරුවරයකු වන සන්තෝෂ් ගජනන් බාට් :ී්බඑයදිය ඨ්ව්බ්බ ඊය්එ* විනිසුරුවරයා විසිනි. ඔහුගේ නඩු තීන්දුව ගැන බොහෝ පාර්ශ්ව ප්‍රශංසා කරමින් කියා සිටියේ ඉන්දියානු ප්‍රබල දේශපාලන පවුලක සාමාජිකයකු විසින් මෙසේ සිදුකළ අපරාධ සඳහා උපරිම දඬුවම් ලබාදීම, විනිසුරුවරයා විසින් සිදුකළ විශිෂ්ට ක්‍රියාවක් බවයි. අධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට පෙර කාන්තා නීතිඥයන් විශාල පිරිසක් අධිකරණය තුළ රැඳී සිට ඇත්තේ දඬුවම කුමක්දැයි දැනගැනීමට මහත් කුතුහලයෙනි. එම නීතිඥවරියන් මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කර ඇත්තේ ඉහත චූදිතයාට උපරිම දඬුවම් නියම කළ යුතු බවයි. දඬුවම ප්‍රකාශයට පත්වීමෙන් පසු ඔවුන් දැඩි ලෙස සතුටට පත්ව ඇත. මහාධිකරණ විශේෂ විනිසුරු සන්තෝෂ් ගජනන් යනු මුළු මහත් නීති ක්ෂේත්‍රයට සහ සමාජයටද සුවිශේෂ ආදර්ශයක් යැයි එම පාර්ශ්ව ප්‍රශංසා කළේය.

මෙම ඉන්දියානු තරුණ දේශපාලකයා පසුගිය කාලයක් පුරා කාන්තාවන් ගණනාවක්ම දූෂණය කර ඇතැයි පැවසෙන අතර, එහිදී ඔහු විසින් එම බොහෝ සිදුවීම් වීඩියෝගත කර ඇතැයිද ප්‍රකාශ විය. එම ලිංගික අපරාධ ඇතුළත් සමහර වීඩියෝ ඔහු විසින් අන්තර්ජාලයේ සහ සමාජයේ සංසරණය කිරීමට සලස්වා ඇත. එහිදී චූදිතයා ප්‍රකාශ කර තිබුණේ ඒවා (වීඩියෝ) තමන් සම්බන්ධ ඒවා නොවන බවත්, තමන් දේශපාලනයෙන් නෙරපා හැරීමට සතුරන් විසින් ව්‍යාජ ආකාරයෙන් සකසන ලද ඒවා බවත්ය. තත්ත්වය කෙසේ වුවද මෙම දේශපාලකයා විසින් කාන්තාවන් කිහිප දෙනකුටම දරුණු ලිංගික අපරාධ සිදුකළ බැව් අධිකරණයේදී ඔප්පු වී ඇත. ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරුණේ එහෙයිනි.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ලංකාවට එරෙහිව ජිනීවාවලට අලුත් යෝජනාවක් ගේනවා! බ්‍රිතාන්‍ය සහ කැනඩාව ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

Next Post

අතන මෙතන බැලුවත් කොතනවත් නැති රතන හිමි ඉල්ලපු අපේක්ෂිත ඇප උසාවියෙන් දීලා නෑ! I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.