• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චිචීගේ රොකට් එක හම්බවුණා! Sri Lanka Latest News

August 10, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
චිචීගේ රොකට් එක හම්බවුණා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් රෝහිත රාජපක්ෂ මහතා විසින් ක්‍රියාත්මක කළ බව කියැවුණු සුප්‍රීම් සැට් අභ්‍යවකාශ යානය සම්බන්ධයෙන් පසුගිය 06 වැනිදා පාර්ලිමේන්තුවේදී අදහස් පළවුණා. එහිදී අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහස් පහත පළවේ. Sri Lanka Latest News

2011-12 කාලයේදී සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස් ආයතනයට අනුබද්ධිත සුප්‍රීම් සැට් සමාගම විසින් දියත් කළ සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා ආයෝජනය කර ඇති මුදල පිළිබඳ අහලත් තියෙන ප්‍රශ්නය අනුව, සුප්‍රීම් සැට් සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම්ගත වී තිබෙන්නේ 2012 මැයි මස 23 වැනි දින. ඒ 2013-14 කාලය තුළ මෙම ආයතනය රුපියල් 12,104,936ක මුදලක් සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා යොදවලා තියෙනවා.

සමාගම විසින් ඉදිරිපත් කර ඇති ආයෝජන අයදුම්පතෙහි තොරතුරු අනුව, මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය විසින් මුදල් ආයෝජනය කර නොමැත. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල නීතියේ 17 වැනි වගන්තිය යටතේ දේශීය වෙළෙඳපොළ කේන්ද්‍ර කරගත් ව්‍යාපෘතියක් ලෙසයි ඒක ආයෝජනය කරලා තියෙන්නේ. රුපියල් මිලියන 1,828ක ආයෝජනයක් සහිතව මහනුවර කාර්මික උද්‍යානයේ චන්ද්‍රිකා පද්ධතියක් පිහිටුවීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා 2012.05.23 දින සුප්‍රීම් S H S Tපෞද්ගලික සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට එළඹ ඇති අතර, මෙම ව්‍යාපෘතිය මගින් ග්‍රාහකයන් සඳහා විදුලි සංදේශ සහ විකාශන පහසුකම් සැපයීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය 2015.08.27 දින සිට වාණිජ්‍ය මෙහෙයුම ආරම්භ කර ඇත. පවතින වාර්තාවලට අනුව වර්ෂ 2019 වනවිට සමාගමේ කොටස් ව්‍යුහය පහත පරිදි වේ.
සුප්‍රීම් එස්.එල් ඉන්වෙස්ට්මන්ට් පෞද්ගලික සමාගම කොටස් 47,180,200ක්. සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම කොටස් 188,344,970. අර පළවෙනි එකට, සුප්‍රීම් එස්.එල් ඉන්වෙස්ට්මන්ට් එකට 20%යි. සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස්වලට 80%යි.

ආයෝජන මණ්ඩලය සතු වාර්තා අනුව ශ්‍රී ලංකාවට මූල්‍ය ප්‍රතිලාභ ලෙස සුප්‍රීම් සැට් සමාගම විසින් පහත සඳහන් ආදායම් ලබා ඇත. වර්ෂය 2015-16 ආදායම රුපියල් මිලියන 19,617යි. 2016-17 ආදායම රුපියල් මිලියන 28,133යි. 2017-18 රුපියල් මිලියන 29,106යි. 2018-19 රුපියල් මිලියන 34,169යි. 2019-20 රුපියල් මිලියන 42,960යි. 2020-21 රුපියල් මිලියන 62,545යි. 2021-22 රුපියල් මිලියන 87,789යි. 23 පළමු මාස හය තුළ රුපියල් මිලියන 39,590යි. දීලා තියෙන වාර්තාව ගරු කතානායකතුමනි මම මේ පිළිතුර සකස් කරලා තියෙන්නේ. ලැබිලා තියෙන දත්ත සහ තොරතුරු අනුව පමණයි.

අග්‍රාමාත්‍යවරියගේ එම ප්‍රකාශයට, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා එහිදී මෙලෙස ප්‍රතිචාර දක්වා සිටියා.

මම අග්‍රාමාත්‍යතුමියට ස්තුතිවන්ත වෙනවා පළවෙනියට ලංකාව තුළ ආයෝජකයන්ට එල්ල කරලා තිබ්බ ලොකුම ප්‍රහාරයකට අද ඔබතුමිය උත්තර දුන්නා. මේක මම හිතන්නේ ලංකාවේ වැඩියෙන්ම දන්නේ ‘චිචීගෙ රොකට් එක’ කිව්වා. සුප්‍රීම් සැට් කිව්වට වැඩිය ‘චිචීගෙ රොකට් එක’ කිව්වොත් තමයි දන්නේ. ඒකේ හින්දා මේකේ කිව්වා ලංකාවේ ඩොලර් මිලියන 300ක් ආයෝජනය කරලා මේක අතුරුදන් වෙලා කියලා තමයි කිව්වේ. මම ප්‍රශ්නය අහපු දවසෙත් බිමල් රත්නායක මන්ත්‍රීතුමා එහා පැත්තේ ඉඳන් කිව්වා අතුරුදහන් වෙලා කියලා. හැබැයි දැන් අග්‍රාමාත්‍යතුමියම කියනවා එහෙම දෙයක් වෙලා නැහැ. ලංකාවේ එක රුපියලක්වත් ආයෝජනය කරලත් නැහැ. ඒ වගේම අනිත් පැත්තෙන් වාර්ෂිකව මිලියන 20,000, ඒ ආකාරයෙන් හැම වර්ගෙම රටට ආදායමක් ඇවිල්ලා තියෙනවා. ඍජු ආයෝජනයක් ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මම දැක්කා ගිය සතියට කලින් සතියේ පාර්ලිමේන්තුවෙත් සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා, ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් පහර දෙනවා මේක මේ ලංකාවේ රජයෙන් එහෙම නැත්නම් ජනාධිපතිතුමාගේ පුතාලට විනෝද වෙන්න කරපු දෙයක් කියලා. හැබැයි අද අග්‍රාමාත්‍යතුමිය කියනවා මේකෙන් විශාල ආයෝජනයක් ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඍජුව හැම අවුරුද්දෙම වාර්ෂික ආදායමක් ලැබිලා තියෙනවා කියලා. මම අග්‍රාමාත්‍යතුමියගෙන් අහන්න කැමැතියි, මෙවැනි ආයෝජන අධෛර්යවත් කරන්න මේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද පාවිච්චි කරලා මෙවැනි ප්‍රහාරය එල්ල කිරීම ඔබතුමිය අනුමත කරනවද කියලා?

අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය
මට බී.ඕ.අයි එකෙන් ලැබිලා තියෙන තොරතුරු අනුව තමා මම පිළිතුර සැපයුවේ. ඒක ගැන නිගමනයකට එන්න තරම් මම මේක විශාලද, පොඩිද, කොහොමද කියන එකක් ගැන මගේ අදහසක් නම් කියන්න ගියේ නැහැ. බී.ඕ.අයි එකෙන් දැනට සැපයිලා තියෙන මේ තොරතුරු අනුව තමයි මම පිළිතුර දෙන්නේ. මම හිතන්නේ සමාජයේ කතාබහට ලක්වුණේ වෙනම හේතූන් නිසා. ඒක ගැන ඔබතුමා වෙනම ප්‍රශ්නයක් අහනවා නම් මට ඒකට උත්තර දෙන්නත් පුළුවන්. ඒක වෙනම වැඩක්. මේ අහපු ප්‍රශ්නෙට උත්තර බී.ඕ.අයි එකෙන් ලැබුණු තොරතුරු අනුව මම ඉදිරිපත් කළේ. ඒක ලොකුද, පොඩිද, හොඳද, නරකද කියන එක ගැන මම හිතන්නේ සමාජය තීරණය කරයි. මේක මම හිතන්නේ අපි කිසිසේත්ම ආයෝජකයන් අධෛර්යවත් කරන්න අපේ ආණ්ඩුව කවදාක්වත්, අපි රජයක් හැටියට මැදිහත් වෙන්නේ නැහැ. ඒ ආයෝජනවලින් මිනිස්සු ගන්න ප්‍රයෝජන සහ ඒවා කොහොමද සිද්ධ වෙන්නේ කියන එක ඒක වෙනම කතාවක්.

පා.ම. ඩී.වී. චානක
ගරු අග්‍රාමාත්‍යතුමිය, ලොකුද, පොඩිද, එහෙම අදාළ නැහැ. ආයෝජන කියන්නේ ආයෝජන. ලංකාවට ඩොලර් එන ඒවයින් තමයි අපිට ඔය තෙල් මිලදී ගන්න එකේ ඉඳන් හැමදේම කරන්න වෙලා තියෙන්නේ. අපිට ලැබෙන විදේශ ප්‍රේෂණ, ඒ වගේම ඍජු ආයෝජන, ඒ වගේම සංචාරක කර්මාන්තය. ඒක හින්දා ඒක ලොකුද, පොඩිද බලලා ඒක වෙනස්කම් කරන්න එපා. ඒ වගේම මොන ආණ්ඩුවෙන් ආපු හින්දත් වෙනස්කම් කරන්නත් එපා. අනිත් එක බී.ඕ.අයි. එකෙන් ලබාදෙන උත්තරයක් අග්‍රාමාත්‍යතුමිය මේ සභාවට කියනකොට අපි විශ්වාස කරනවා ඔබතුමිය ඒක අධ්‍යයනය කරලා, ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාගේ යටතේ මේ අමාත්‍යාංශය තියෙන්නේ. ඒක හින්දා ඒකේ උත්තර ලබාදීමේදී අපි විශ්වාස කරනවා මේක ඇත්ත උත්තර, ඒ වගේම අධ්‍යයනය කරලා ඔබතුමිය ලබාදෙනවා කියලා. ඒ වගේම මම දැනගන්න කැමැතියි මේ අවුරුද්දේ ඍජුවම ආපු ලොකුම ආයෝජනය මොකක්ද? ඒකේ වටිනාකම, මම හිතනවා ඔබතුමිය දන්නවා ඇති කියලා. ඒ පිළිබඳ මොනවා හරි තියෙනවා නම් ඔබතුමියට පවසන්න පුළුවන්.

අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය
ඒ පිළිබඳ නිශ්චිත තොරතුරු දෙන්න නම් මට ඒක වෙනමම ප්‍රශ්නයක් හැටියට යොමුකරන්න කියන්න ගරු මන්ත්‍රීතුමාට. එතකොට මම පිළිතුරු දෙන්නම්. ආයෝජන ගන්නකොට ඒක රටේ සංවර්ධන ඉලක්ක එක්ක ගළපලා තමයි අපි ආයෝජනයක් හොඳද, නරකද කියන එක තීරණය කරන්නේ. ඒක ප්‍රමාණය අනුවම විතරක් නෙවෙයි.

Hiru News

SendShareShare
Previous Post

Booking.com එකෙන් ලංකාව හැලෙයි? ආණ්ඩුවේ කරන්න යන වැඩෙන් සංචාරක කර්මාන්තය කඩන් වැටෙයිද? I Sri Lanka Latest News

Next Post

වලස් කටා පොලිසියෙන් පනින්න හදලා! කකුල් දෙකයි අතකුයි කැඩිලා! I Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.