ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වසර හතකට පසු පළමු වරට චීනයේ සංචාරය කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.Sri Lanka Latest News
අගෝස්තු 31 වන දින ආරම්භ වන බහුපාර්ශ්වික ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සමුළුව සඳහා අග්‍රාමාත්‍යවරයා චීනයට යන බවටයි වාර්තා වෙන්නේ.
රුසියාව ඇතුළත් යුරේසියානු දේශපාලන හා ආරක්ෂක කණ්ඩායමක් වන SCO සමුළුව සඳහා මෝදි චීනය වෙතසංචාරය කරනුයේ 2018 ජුනි මාසයෙන් පසුවයි.
2020 දී ඔවුන්ගේ මතභේදාත්මක හිමාලයානු දේශසීමාවේ ඇති වූ මිලිටරි ගැටුමකින් පසු චීන-ඉන්දියානු සබඳතා තියුණු ලෙස පිරිහී යෑමට සමත් වුණා.










