බදුල්ල දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනය පිහිටුවීමද එම ප්‍රදේශයේ හෝටලයකදී පැවැත්වුණේ අමාත්‍ය සමන්ත විද්‍යාරත්නගේ ප්‍රධානත්වයෙන්.Sri Lanka Latest News
එහිදීද තරුණයින් පිරිසකගෙන් අලුතින් පත්වු නිලධාරී මණ්ඩලයට දැඩි විරෝධයක් එල්ල වූ අතර විරෝධය හමුවේ අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටව ගොස් තිබුණා.
එමෙන්ම මාතලේ දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනයද උණුසුම් මුහුණුවරක් ගත්තේ නව නිලධාරී මණ්ඩලයට විරෝධය පළ කිරීමත් සමඟයි.
විරෝධතාවයෙන් අනතුරුව එම තරුණයින් පිරිස එම ස්ථානයෙන් පිටව ගියා.
නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් දිස්ත්‍රික් සම්මේලනය ආරම්භ වුණේ ඉන් අනතුරුවයි.










