වසරකට ආසන්න කාලයක් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපතිවරයාව කටයුතු කළ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ජයංග තිලකරත්න මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති අතර, එහි නව සභාපතිවරයා ලෙස වෛද්‍ය තමර කළුබෝවිල පත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. Sri Lanka Latest News
විශේෂඥ වෛද්‍යවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය සෞඛ්‍ය අමාත්‍යවරයාට භාරදීමෙන් පසු සෞඛ්‍ය ඇමැතිවරයා මෙම නව පත්කිරීම සිදුකර ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් ‘මව්රට’ට පැවැසීය.
පසුගිය කාලය පුරා මෙහි හිටපු සභාපතිවරයාගේ පත්වීම දේශපාලන මැදිහත් වීමකින් සිදුකරන ලද්දක්ය යන මතය මත බොහෝ අංශවල විවේචනයටද ලක්ව තිබිණි.
එසේ වුවද මෙම විශේෂඥ වෛද්‍යවරයා බදුල්ල ශික්ෂණ රෝහලේ නව අධ්‍යක්ෂ තනතුර අපේක්ෂා වෙන් සිටින බවද සෞඛ්‍ය අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණ කරයි.
නන්දන ශ්‍රී දොරකුඹුර










