• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලි ඉන්න තැන් ගෙදර ඉඳන් දැනගන්න පුළුවන්! ගල්ගමුවේ පොඩි කොල්ලෙක් අලි බේරගන්න ලොකු වැඩක් කරයි! ඇප් එකේ නම Elephant Journey!

August 3, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
අලි ඉන්න තැන් ගෙදර ඉඳන් දැනගන්න පුළුවන්! ගල්ගමුවේ පොඩි කොල්ලෙක් අලි බේරගන්න ලොකු වැඩක් කරයි! ඇප් එකේ නම Elephant Journey!
Share on WhatsAppShare on Facebook

නවයොවුන් තාරුණ්‍යය කියන්නේ අත්හදාබැලීම්, නව නිපැයුම් හා අලුත් අලුත් සිතුවිලිවලින් සිත්සතන් පෝෂණය වන කාලසීමාවක්. එහෙව් තාරුණ්‍යය පරිසරයට, සතා සිවුපාවට ආදරය කරනවා කියන්නේ තවත් එක් සොඳුරු පරිච්ඡේදයක් නිර්මාණය වීම. අද අපේ රටේ ඔඩුදුවා ඇති එක් පරිසර ඛේදවාචකයක් තමයි අලි – මිනිස් ගැටුම, එහෙම නැත්නම් අලි – මිනිස් සංහිඳියාව දුරස්වීම. මේ ප්‍රශ්නයට තාක්ෂණය උපයෝගී කරගෙන නව නිර්මාණයක් කරන්න, එහෙම නැත්නම් ඇප් එකක් හදන්න ගල්ගමුව ප්‍රදේශයේ නවයොවුන් තරුණයෙක් සමත් වෙලා තියෙනවා. ඔහු නමින් විනුර අබේරත්න. අද අපි කැලෑ කොලමෙන් කතා කරන්නේ විනුර හදපු මේ Elephant Journey ඇප් එකේ අපි නොදන්නා කතාව ගැනයි.Sri Lanka Latest News

ආයුබෝවන් විනුර. කැලෑ කොලමේ අපි කැමැතියි මුලින්ම ඔබ ගැන විස්තර ටිකක් දැනගන්න?
මම පාසල් ගියේ කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලයට. පදිංචිය අඹන්පොළ. මගේ වයස අවුරුදු 19යි.

මේ වගේ ඇප් එකක් නිර්මාණය කරන්න ඔබට අදහසක් ආවේ කොහොමද?
ඒ මූලික අඩිතාලම වුණේ අපේ ගමට අල්ලපු ගමේ ‘සංඛ’ ඇතා 2023 දී මියයාම. මම එතැනට ගියා. ඒක ඒපැත්තේ මම දැකපු පළමු අලි මරණය. ඒත් එක්කම මට හිතුණා අලි සහ මිනිස්සු වෙනුවෙන් මේ වගේ නිර්මාණයක් තිබුණා නම් හොඳයි කියලා. ඒ වගේම චරිත් අතලගේගේ ZD8 සින්දුවත් මට හේතුවක් වුණා මෙවැනි දෙයක් කරන්න. ඉතින් ඒ කරුණු දෙක නිසා තමයි මම වන අලින් වෙනුවෙන් Elephant Journey නමින් ඇප් එකක් නිර්මාණය කළේ.

ඊට පස්සේ ඔයා කොහොමද නව තාක්ෂණය සහ අන්තර්ජාලය එක්ක සම්බන්ධ වෙලා මේ වගේ වැඩක් කරන්න ප්ලෑන් කරගත්තේ?
මිනිස්සු ගොඩක් මැරෙන්නේ අලි ඉන්නවා කියලා දන්නෙ නැති හින්දා. අපිත් උදේට ඉස්කෝලේ ගියේ බයෙන්. මම කුරුණෑගල ඉස්කෝලේ ගියේ. මට ඉස්කෝලෙට යන්න පැයක් විතර යනවා. අපි සාමාන්‍යයෙන් උදේ පහමාරට විතර තමයි ගෙදරින්. යන්නේ. එතකොට සමහර දවස්වල අලි පාර හරස් කරලා තියෙනවා. ඒ නිසා අපි හරි බයෙන් තමයි ඒ දවස්වල පාසල් ගියේ අලි ඉඳී කියලා. පාරේ එන කාගෙන් හරි අහනවා මග අලි හිටියද කියලා. එහෙම නැත්නම් කෝල් එකක් හරි දීලා අහනවා දන්න අයගෙන් අලි ඉන්නවද කියලා. අන්න ඒ අදහස තමයි ඊට වඩා දියුණු කරලා ඇප් එකක් විදියට නිර්මාණය කරන්න මම උත්සාහ ගත්තේ හැමෝගෙම යහපත පිණිස.

මේ කටයුත්ත මම කළේ අයි.ටී. දන්න මගේ යාළුවෝ දෙන්නෙක් එක්ක එකතු වෙලා. එක යාළුවෙක් ඇප් හදන්න දන්නවා. එයාට මගේ අදහස කියලා, මම එයාට ඇඳලා පෙන්නුවා මේකෙන් සිද්ධ වෙන දේ. ඒ අනුව අපි ඇප් එකක් හැදුවා. නමුත් ඒක සාර්ථක වුණේ නැහැ. නොටිෆිකේෂන් හරියට වැඩ කළේ නැහැ. ඊට පස්සේ නැවත වතාවක් අපි අලුත් ඩිසයින් එකක් එක්ක අලුත් ඇප් එකක් හැදුවා. මගේ අයිඩියා එක විතරයි තිබ්බේ මේක හදන්න. ඇප් එක ඩිවලොප් කළේ සිතිජ නෙත්සර. වෙබ් එකේ වැඩ, යූඅයි ඩිසයින් කළේ චමල් සේනාරත්න. ඒ මිතුරන් දෙන්නා නැත්නම් මට මේ වැඩේ කරන්න බෑ ඇත්තටම.

මේ ඇප් එක හදන්න විනුරගේ යාළුවෝ දෙන්නට අමතරව මේ සඳහා ඔබට සහාය දුන්නේ කවුද?
මුලින්ම මම අලි සම්බන්ධ ෆේස්බුක් පේජ් කරන කට්ටියට කතාකරලා බැලුවා. පසුව මට රවීන්ද්‍ර තෙන්නකෝන් කියන ඡායාරූප ශිල්පියාව මුණගැහුණා. එයා මේ කටයුත්තට මට ලොකු සහායක් ලබාදුන්නා මුල ඉඳලම. ඇප් එකේ මැක් ඩිවලොප්මන්ට් කරන්න එයාගේ ඇපල් පරිගණකය පවා මට ලබාදුන්නා.

ඇප් එක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එකත් අපට විස්තර කරන්න පුළුවන්ද?
දැන් සාමාන්‍යයෙන් ඈත ගමක වුණත් හැම ගෙදරකම වගේ ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා. අලි – මිනිස් ගැටුම් තියෙන ප්‍රදේශවල 80%ක විතරම ස්මාර්ට්ෆෝන් තියෙනවා. ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ප්ලේ ස්ටෝර් සහ ඇප් ස්ටෝර් මගින්. ඒ කියන්නේ ඇපල් ෆෝන් තියෙන අයටත්, ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් තියෙන අයටත් දෙගොල්ලන්ටම Elephant Journey ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට අමතරව අපි වෙබ් අඩවියකුත් නිර්මාණය කරලා තියෙනවා මේ වෙනුවෙන්ම. www.elephantjourney.info තමයි එහි ලිපිනය.

ඊට පස්සේ, සරල සයින් ඉන් වීමකින් ඇප් එක ඇතුළට යන්න පුළුවන්. ඊට පස්සේ ඇප් එක ඇතුළට ගිහිල්ලා, තමන්ගේ ප්‍රදේශයට අලියෙක් ආවොත්, අලියෙක් ආවා කියලා, ඇප් එකේ දාන්න පුළුවන්. එහෙම දැම්මට පස්සේ ඒ ප්‍රදේශයේ සිට කිලෝමීටර් පහක සීමාවක ඉන්න හැමෝටම ක්ෂණිකව මැසේජ් එකක් යනවා අසවල් තැනට අලියෙක් ආව බව දන්වලා. ඇප් එකට සයින් ඉන් නොවී, ඩවුන්ලෝඩ් කරගෙන පමණක් ඉන්න අයටත් ඒ මැසේජ් එක යනවා.

අලි-මිනිස් ගැටුම දරුණුවටම පවතින ගල්ගමුව හා තදාසන්න ප්‍රදේශවල ගම්වැසියන්ව මේ ඇප් එක ගැන දැනුවත් කරන්නත් ඔබ කටයුතු සංවිධාන කරමින් ඉන්නවා නේද?
ඔව්. කාවන්තිස්ස ඇතා ඇතුළු තවත් ඇත්තු ටිකක් නිතරම යන එන අඹන්පොළ යටදිවුල ප්‍රදේශ ආශ්‍රිතව මම දැනුවත් කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ස්වේච්ඡා සංවිධාන කිහිපයක් සහ වනජීවී ඡායාරූප ශිල්පීන් එක්ක එකතු වෙලා මම ඒ ගම්වල ඇවිදලා, අලි ඇත්තු මරන්න එපා, දීර්ඝකාලීන විසඳුමක් ලැබෙනතුරු මාරාන්තික ක්‍රමවලින් වැළකිලා ඉන්න සහ මේ ඇප් එක අත්හදා බලන්න කියන පණිවුඩය ගම්වැසියන්නට ලබාදෙන්න කටයුතු කරනවා. අගෝස්තු 02 වැනි සෙනසුරාදා තමයි ඒ දැනුවත් කිරීම් අපි ආරම්භ කරන්නේ.

ඇප් එක එළිදැක්වීමත් එක්ක ඔබට සමාජයෙන් විවිධ ප්‍රතිචාර ලැබෙන්න ඇති. ඒ ගැන සඳහන් කළොත්?
තාක්ෂණය ගැන ලොකු දැනීමක් නැති අය මේ ඇප් එකේ වැරැදි කියනවා. මං හිතනවා, තාක්ෂණය සම්බන්ධයෙන් ඔවුන්ට ඇති දැනුම මදිකම නිසයි ඒ වගේ කතා කියන්නේ කියලා. නමුත් ඉදිරියේදී ගොඩක් අය තාක්ෂණයත් එක්ක වැඩ කරනකොට එවැනි දොස් නැගීම් නැතිවෙලා යාවි.

මම සමාජයෙන් බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන වශයෙන්ම මේකේ රිපෝට් කරන එක තමයි. ඒ වගේම ‘දැනුවත් කිරීම තමා සංරක්ෂණය’ කියන කන්සෙප්ට් එක මම ඉස්සරහට අරන් යන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඉන්න කට්ටිය දැනුවත් කිරීම කියන එක ඉස්සරහට අරන් යන්න බයයි. ඒ හින්දා මම ඒක කඩාගෙන, ‘දැනුවත් කිරීම තමයි සංරක්ෂණය’ කියන තැනට යන්න ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා ඒක.

ඔබේ ඇප් එකේ තියෙන සමහර ෆීචර්ස් (විශේෂාංග) නිසා විශේෂයෙන්ම ඇතුන් ගැන හොයන අයට ඇත්තු ඉන්න තැන හරියට ලොකේට් කරගන්න පුළුවන් කියලා දුර්මතයක් තියෙනවා. නමුත් ඔබ ඒකට විසඳුමක් දීලා තියෙනවා කියලා දන්නවා. ඒ ගැනත් පොඩ්ඩක් කිව්වොත්?
ඔව්, මේකේ ‘ටස්කර් ෆීචර්’ කියලා එකක් තියෙනවා. අලින් සහ ඇත්තු දෙකම වාර්තා කරන්න පුළුවන්. ඒ ටස්කර් ෆීචර් එකෙන් රිපෝට් කරන්න පුළුවන් වෙන්නේ, අයිඩී එක වෙරිෆයි කරපු, වෙරිෆයිඩ් එකවුන්ට් එකක් තියෙන අයට විතරයි. ඒ වගේම අපි මේකේ ප්‍රීමියම් ෆීචර් එකක් දීලා තියෙනවා. ඒකෙන් වෙන්නේ, මාසික සහ වාර්ෂික දත්ත. ඉතින් කාට හරි ඕනේ නම් යම් කාලයක් තුළ වෙච්ච අලි මරණවලට අදාළ දත්ත ලබාගන්න, එයා ප්‍රීමියම් පැකේජ් එක අරන් තමයි ඒ දත්ත ලබාගන්න ඕනේ. එතකොට ඒකත් එක්ක අපි එයාට ලබාදෙනවා මේ ටස්කර් ෆීචර් එක. ඒක දෙන්නේ අපි මේ ටස්කර් රූටින් එක බලන්න. ඒ සඳහා වෙරිෆයි වෙලා තියෙන්න ඕනේ එයාගේ අයිඩී එක. ඊට පස්සේ එයා ටස්කර් රික්වෙස්ට් කරන්න ඕනේ වෙනම. එතකොට අපි ඒක ටස්කර් පැනල් එකක් හරහා, ඒ කියන්නේ මෙයා මොකටද මේ දත්ත ගන්නේ? මෙයා කවුද? මෙයාගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක මොකක්ද? මෙයා මොනවා කරන කෙනෙක්ද? කියලා සතියක විතර කාලයක් අරන් සෝදිසි කරලා බලලා තමයි එයාට ඒකේ ඇක්සස් දෙන්නේ. අපිට එතකොට වගකීමක් ගන්න පුළුවන් කවුරු හරි ඇතෙක් මරලා කියලා අපිට චෝදනාවක් කළොත් කාට හරි, ඒ කෙනා අපේ රිපෝට් එකක් බලලද ඒක කළේ කියලා අපිට පැහැදිලිව කියන්න පුළුවන්.

ඒ කියන්නේ ඔබ පුළුල් විමර්ශනයක් කරලා ඉවර වෙලා තමයි ඇත්තු ගැන තොරතුරක් තුන්වැනි පාර්ශ්වයකට දෙන්නේ?
ඔව්. ඒක ඒ පැනල් එකකින් පරීක්ෂා කරලාම තමයි දෙන්නේ.

මේ වගේ පුංචි වයසකදී අලි ඇතුන් වෙනුවෙන් ඉතා වැදගත් මෙහෙවරක් සමාජගත කිරීම සම්බන්ධයෙන් කැලෑ කොලමේ අපි ඔබේ අනාගත කටයුතු සාර්ථක වෙන්න කියලා සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අලි ඇතුන්ට ආදරේ කරන ඔබ සියලු දෙනාමත් Elephant Journey ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන, අලි – ඇතුන් සුරකින්නත්, අලි මිනිස් ගැටුම අවම කරගන්නත් දායක වෙන්න කියලා ‘මව්රට’ කැලෑ කොලම කියවන ඔබගෙන් අපි ඉල්ලා සිටිනවා.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

ට්‍රම්ප්ගේ 30%ක බද්ද 20%ට බස්සගන්න අන්තිම පැය දෙකේ ගහපු ගේම! අමෙරිකාවෙන් බරපතළ ඉල්ලීමකුත් ඇවිත්! ඉදිරි මාස 3 තීරණාත්මකයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Next Post

වෙළෙඳ දැන්වීම් දෙන නිසා මේ කතාව හංගන්න එපා! ගම්මන්පිල තවත් කන්ටේනර් 6ක් ගැන මහා හෙළිදරව්වක් කරයි! රුපියල් 80 ලුණු කිලෝව 325ක් කරලා ලේබල් අලවලා! වරායේ කන්ටේනර් 400 ගානක් හිරවෙලා තියෙද්දී ලුණු කන්ටේනර් 6ක් විතරක් නිදහස් කළේ කොහොමද? Sri Lanka Latest News

MORE NEWS

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.