• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨා අන්තර්ජාතික සමුළුවක් අමතයි

July 8, 2020
in Exclusive
Reading Time: 1 min read
A A
හොර ඔප්පුවට ගෝඨා වැට බඳී
Share on WhatsAppShare on Facebook

කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තිය සමග විදෙස්ගත ශ්‍රමිකයන් මව්රට පැමිණීමෙන් සේවා නියුක්ති ව්‍යුහයට වන බලපෑම පසෙකලා සියලුදෙනාගේ ජීවිත ආරක්ෂාවට මුල්තැන දීම තම අරමුණ වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.
රටින් පිටත සේවය කරන විශාල ශ්‍රම බලකායක් ශ්‍රී ලංකාව සතුය. ගත වූ මාස කිහිපය තුළ අන්තර්ජාතික ගුවන් ගමන් නවතා තිබිණ. එසේ වුවද එතෙර සිටී 15,000කට අධික පිරිසක් මව් රටට ගෙන්වා ගනු ලැබීය. එය රටේ ආර්ථිකයට මෙන්ම සේවා නියුක්තියට ද පීඩනයක් ඇති කළේය. ඒ සියල්ලට වඩා තම රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව වැදගත් බව ජනාධිපතිතුමා කියා සිටී.
‘කොවිඩ් 19 සහ වැඩ කරන ලෝකය – වඩා යහපත් අනාගතයක් ගොඩනැගීම” තේමාකරගත් අන්තර්ජාතික කම්කරු සංවිධාන ගෝලීය සමුළුව අන්තර්ජාලය ඔස්සේ අද ඇමතූ ජනාධිපතිතුමා මේ බව පැවසීය.
ජූලි 01 වැනිදා සිට 09 වැනිදා දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවාහි කම්කරු සංවිධාන මූලස්ථානය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වෙන සමුළුවේ රාජ්‍ය නායක දිනය අදට (08) යෙදී තිබිණ. රටවල් රැසක නායකයෝ තම රටවල සිට අන්තර්ජාලය ඔස්සේ සමුළුව ඇමතූහ.
සේවකයන්, සේවා යෝජකයන් සහ රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වය සහිත විශාලතම සමුළුව මෙයයි.
පශ්චාත් කොවිඩ් සමයේ “වැඩ ලෝකය” යථා තත්වයට පත් කර ගන්නේ කෙසේ ද යන්න සාකච්ඡා කිරීමට රාජ්‍ය නායකයෝ මෙය වේදිකාවක් කර ගත්හ. සේවා නියුක්තිය වඩා ඵලදායී ලෙස භාවිතා කරන්නේ කෙසේද, වසංගතයෙන් වැඩිම බලපෑමකට ලක්ව ඇති කණ්ඩායම්වලට සහයවිය හැකි ආකාරය සහ 2030 එක්සත් ජාතීන්ගේ න්‍යායපත්‍රයේ ඇති ඉලක්ක සපුරා ගැනීමට අන්තර්ජාතික ප්‍රජාව එක්ව කටයුතු කරන්නේ කෙසේද යන්න සාකච්ඡාවට ලක් කෙරිණ.
කොවිඩ් 19 වසංගතයට එරෙහිව ලෝ වැසි සියලුදෙනා සටන් වැද සිටින සංවේදී කාල පරිච්ඡේදයක “වැඩ ලෝකය” නොබිඳී පවත්වාගෙන යාමට සියලු රටවල් ගත් උත්සාහය තමා අගය කරන බව ජනාධිපතිතුමා කීය.
පවතින තත්ත්වය මත සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් ඇති රටවල ද “වැඩ ලෝකය” එක සේ සුවිසල් ප්‍රතිසංවිධානයකට ලක්ව ඇතැයි රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේය.
කොවිඩ් වසංගතය ගෝලීය ආර්ථිකයට කළ බලපෑමෙන් නිර්මාණය වූ කම්පනයෙන් මෙරට ශ්‍රම බලකාය ආරක්ෂා කර ගැනීමට විශේෂ අවධානය යොමු කළ බව ජනාධිපතිතුමා පැවසීය.
රටේ සක්‍රීය ශ්‍රම බලකාය ලක්ෂ 86කිග ඉන් ලක්ෂ 35කට ආසන්න සංඛ්‍යාවක් පෞද්ගලික අංශයේ සේවයේ නිරතව සිටිති. කොවිඩ් පැතිරීම ආරම්භ වූ කාලයේ හඳුන්වාදුන් සමාජ ආරක්ෂණ පියවර ශ්‍රම බලකායේ සෑම අංශයක්ම ආවරණය කළේය. අප්‍රේල් සහ මැයි මාසවල පීඩාවට පත් ස්වයං රැකියාවල නිරත කණ්ඩායම් සඳහා රුපියල් 5,000ක මාසික දීමනාවක් ප්‍රදානය කෙරිණ.
පෙර පාසල් ගුරුවරයාගේ සිට ස්වයං සහ දෛනික වැටුප් ලබන රැකියාවල නිරත සියලුදෙනාට ඉන් ප්‍රතිලාභ හිමි විය.
විදෙස් රටවල සිට පැමිණි ශ්‍රමිකයන්ට නැවත එම රටවලට නොගොස් දේශීය ශ්‍රම වෙළෙඳපොළට දායකවීමේ අවස්ථාව රට තුළ නිර්මාණය වී ඇත. එය “අපේ වැඩ ලෝකයේ” නව මුහුණුවරක් ඇතිකරනු ඇතැයි ජනාධිපතිතුමා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ නිපුණතා අංශය, පශ්චාත් කොවිඩ් 19 වකවානුවට අනුරූප වන අයුරින් නැවත හැඩ ගැස්වීම කළයුතුය. අර්බුදය නිසා රැකියා අහිමිවූවන් බල ගැන්වීම සදහා වන වැඩ සැලැස්මෙන් සේවක නිපුණතා යළි පෙළගැස්වීම හා විධිමත් කිරීම සපුරාගනු ඇතැයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
එය නව සාමාන්‍ය තත්වයකට එළැඹීම සඳහා මෙරට “වැඩ ලෝකය” නැවත හැඩගැස්වීමේ අඩිතාලමක් බව ද ජනාධිපතිතුමා කියා සිටී. සෑම රටකම “වැඩ ලෝක” යෝග්‍ය පරිදි නැවත පෙළගැස්වීමට ව්‍යසනයෙන් අනතුරුව ආරක්ෂාකාරීව සහ ශක්තිමත් ලෙස නැගී සිටීමට එය උපකාරී වනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුතේරස්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රෝස් අඩනම් යන මහත්වරු ද සමුළුව ඇමතූහ.
සමාජ ආරක්ෂණ ජාලයක සහ අන්තර්ජාතික රැකියා ආරක්ෂණ ජාලයක අවශ්‍යතාව පෙන්වා දුන් ඔව්හු ලෝකයම එකමුතුව අභියෝගය ජයගත යුතු බව අවධාරණය කළහ.

SendShareShare
Previous Post

ශ්‍රීලනිප-පොහොට්ටු ගැටුම උග්‍ර අතට: පොහොට්ටුව දයාසිරිගේ ඔළුවටම ගහයි

Next Post

කොරෝනාවෙන් විනාස වූ රටවල්වල ආණ්ඩු ජනතාවට සලකපු හැටි සජිත් ගල්ගමුවේදී කියයි (VIDEO)

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.