• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිහඬව සිටි බැසිල් දේශපාලන වැඩ අරඹයි: ජනතාවගෙන් ඉල්ලීමකුත් කරයි

July 8, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
නිහඬව සිටි බැසිල් දේශපාලන වැඩ අරඹයි: ජනතාවගෙන් ඉල්ලීමකුත් කරයි
Share on WhatsAppShare on Facebook

කොරෝනා අනතුරින් රට බේරාගත්තා සේම රටේ ඊළග අභියෝගය වූ ආර්ථික සටන ජයග්‍රහණය කිරීම සදහා ශක්තිමත් පාර්ලමේන්තුවක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

අද (08) බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ කාර්යයාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා,

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් ස්තිතූවන්ත වනවා. මොකද බොහෝ කාලයකට පස්සේ මම ඇවිල්ලා දේශපාලන කටයුතුවලට සුදානම් වෙනවා.

ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරපු අවස්ථාවේ කොවිඞ් වසංගතය එතරම් ම පැතිරිලා තිබුණේ නැති වුණත්, නාමයෝජනා භාර දීමෙන් පස්සේ මුඵ මහත් ලෝකයේම තත්වය වෙනස් වුණා. ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව විසින් දින නියමයක් නැතිව මැතිවරණය කල් දමන්න කටයුතු කළා.

එහිදි අපි කල්පනා කර සිටියා දේශපාලන වශයෙන් කටයුතු කරනවාද? පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් යෙදෙනවාද? එහෙම නැත්නම් මේ භයානක උවදුරින් මේ රට බේරා ගන්න ජනාධිපතිතුමා සමඟ කටයුතු කරනවාද කියලා. ඉන් පස්සේ තීරණය කළා දේශපාලන මැතිවරණ ව්‍යාපාරයෙන් බැහැර වෙලා කෝවිඞ් වසංගතයෙන් රටත් ජනතාවත් ආරක්ෂා කරන්න කටයුතු කරන්න.

අපි එක්තරා අතකින් සතුටු වෙනවා ලෝකයේ බලවත් වු ශක්තිමත් රටවල් තවමත් ඒ වසංගතයට මුහුණ දෙන වේලාවක මේ කුඩා රටේ ජනතාවත් සමඟ අතිගරු ජනාධිපතිතුමාගේ මෙහෙයවීම යටතේ ජනතාවගේ ජිවිතයත්, ඔවුන්ගේ ජීවනෝපායත් යන දෙකම සාර්ථකව ආරක්ෂා කර ගැනීමට පුඵවන් වීම ගැන.

අද වන විට ජුනි මාසයේ අපනයන ප්‍රමාණයට අවසන් දැනුම් දීම ලැබිලා තියෙනවා. ජුනි මාසයේ ඇමරිකානු ඩොලර් මිලියන 950ක අපනයනය කරන්න අපිට හැකිව තිබෙනවා. ඉතා සතුටුදායක ජයග්‍රහණයක් වනවා. නමුත් අප්‍රේල් මාසයේ මෙය 250තෙක් බැහැලා තිබුණා මේ කොරෝනා උවදුරත් එක්ක. ඒ කියන්නේ ඒක U turn එකක් වගේ නොවෙයි V turn එකක් හැටියට ඉහළ මට්ටමකට ආවා. 250 ඉඳලා 950කට නැගීම 2019 ප්‍රමාණයෙන් 90%කට ආසන්න ප්‍රමාණයක් අපි නැවත අත්පත් කරගෙන තිබෙනවා. මොකද අපේ රටේ කොරෝනා උවදුර පහවීම උඩ බොහෝම සැහැල්ලුවට අරන්.
ඇමරිකාව, ඉන්දියාව, රුසියාව, බලගතු එංගලන්තය, හා බ්‍රසීලය මේ ඔක්කෝම රටවල් වල ජීවිතයත් මරණයත් අතර සටනක් කරන අතර, ආර්ථිකය ජීවනනෝපාය කඩා වැටී ඇති මොහොතක අපේ ශ්‍රී ලංකාව බේරගෙන තියෙනවා.
දැන් මැතිවරණය වෙන වෙන දේවල් වලට වඩා ජනතාව තීන්දු කළ යුත්තේ මේ කෝවිඞ් උවදුරින් මේ රට සහ රටේ ජනතාව බේරාගත්ත ඉදිරි කටයුතු වලට අවශ්‍ය ශක්තිය ලබා දෙන්න. අපිට ලොකු වගකීමක් තියෙනවා මේ රට මෙතනින් එහාට ගෙනියන්න. අපි ජනාධිපති මැතිවරණයට එද්දී අපි බලාපොරොත්තු වුනේ නැහැ මෙවැනි තත්වයක්.
අපි දැනගෙන හිටියා මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ කරලා තියෙන්නේ කියලා. අපේ සදාචාරාත්මක නිතිගරුක භාවය වගේම වෙන උවදුරු රාශීයක් ජාතික ආරක්ෂාව මෙන්ම කුඩු වසංගතය හා පාතාලය වැනි දේවල් වලින් මේ රටට විශාල වශයෙන් තර්ජන වලට මුහුණ දෙන්න ජනාධිපතිතුමාත්, අගමැතිතුමත්, රජයත් සුදානම් වුනා. මේ කෝවිඞ් උවදුරට අපි සුදානම් නොවුන අවස්ථාවක ඊට මුහුණදීම ඒ වෙනුවෙන් සෑම ශ්‍රී ලාංකිකයෙක්ම සතුටු විය යුතුයි.
දැන් ජිවනෝපාය අතින් ගත්තාම අපි පටන් ගත්ත වේලාව ඉඳලා විවිධාකාරයේ නිතී හා සිමාවන් පනවද්දී මේ රටේ ජිවත් වන ජනතාවගේ විශේෂයෙන් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේත්, වැවිලි ක්ෂේත්‍රයේත්, ධිවර ක්ෂේත්‍රයේත්, කර්මාන්ත ක්ෂේත්‍රය, පශූ සම්පත් ක්ෂේත්‍රය යන මේවා සියල්ලම නැවත යතාවත් කරන්න සෑම උත්සාහයක් ම ගත්තා. ඒවා සාර්ථක වෙලා තියෙනවා.
අද මැතිවරණය මෙහෙයවීමට වෙලා තියෙන්නෙත් කොන්දේසි මතයි. අපි පක්ෂයක් හැටියටත්, සන්ධානයක් හැටියටත්, අපේ සියලුම අපේක්ෂකයින්ටත් හා අපේක්ෂකයින්ගේ නියෝජිතයින්ටත් අපි කියනවා මැතිවරණ නිනිරිතිවලට අනුකූලව ජනාධිපතිතුමාගේ ආදර්ශවත්ව ඒ කටයුතු අනුගමනය කරන්න. මේ වන විට බලධාරීන් දෙදෙනෙක් ඉන්නවා මැතිවරණ කොමිසමත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා වන අතර, ඒ නිතිරිතිවලටත් සෞඛ්‍ය නිරෝධන පනත යටතේ පනවන නිතිවලටත් ගරු කරමින් මේ මැතිවරණය කරන්න කියලා.
අපිට අද තියෙන ලොකුම ප්‍රශ්නය තමයි අපිට විරුද්ධ පක්ෂයක් නොමැති වීමයි. එකිනෙකාට විරුද්ධ අය නම් ඉන්නවා පක්ෂ අතර ඒ ඒ අය විතරක් ගහගන්නවා. විශේෂයෙන් ජනතාවගෙන් ඉල්ලන්නේ කෝවිඞ් උවදුරින් ජනතාවත්, ජනතාවගේ ආර්ථිකයත් ආරක්ෂා කලා වගේ ජනාධිපතිතුමාට අගමැතිතුමාට මේ රජයට පුඵවන් කමක් තිබෙනවා මත්කුඩු උවදුරින් හා පාතාලයට නිතිය ක්‍රියාත්මක කරලා ජාතික ආරක්ෂාවට කටයුතු කරන ගමන් ඊළඟ ඉලක්කය තමයි අපේ රටේ ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම ඒ තුළින් තමයි සෞභාග්‍යමත් රටක් රටේ අනාගත දරුවන්ට ඉතුරු කරන්න හැකි වෙන්නේ. ඒ කාරිය සිදු කරන්න බලගතු ශක්තිමත් පාර්ලිමේන්තුවක් අපිට ලබා දෙන්න.

SendShareShare
Previous Post

යුද හමුදාපති ශවේන්ද්‍රට ප්‍රශ්න ගොඩක්

Next Post

ශ්‍රීලනිප-පොහොට්ටු ගැටුම උග්‍ර අතට: පොහොට්ටුව දයාසිරිගේ ඔළුවටම ගහයි

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.