සිය ගැටලුවලට විසඳුම් නොලැබුණ හොත් පැය 48ක සංකේත වැඩවර්ජනයක් සිදුකරන බව දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය පවසයි.Sri Lanka Latest News
එම සංගමයේ, ප්‍රධාන සභාපති කේ.යු. කොන්තසිංහ මහතා පවසා සිටියේ, ප්‍රවාහන අමාත්‍යාංශය හා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත 2025 ජූලි 22 දින යොමුකළ ලිපිය සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණහොත් එළැඹෙන ජූලි මස 30 වන දා සහ 31 වන දා යන දෙදින මෙම වැඩවර්ජනය සිදුකරන බවය.
විශේෂයෙන්ම දුම්රිය රියදුරු ශ්‍රේණිය මුහුණදෙන පරිපාලන ගැටලු සහ යටිතල පහසුකම් සම්බන්ධයෙන් තීරණාත්මක විසඳුමක් නොලැබුණහොත් මෙම වැඩවර්ජනය අනිවාර්යෙයන්ම සිදුකරන බවට අනතුරු ඇඟවීමක් සිදුකරන බව ද ඒ මහතා පැවසීය.
සතුටුදායක පිළිතුරක් අපේක්ෂා කරන අතර, එවැනි දෙයක් ලැබුණොත් පමණක් වැඩවර්ජනය අත්හිටුවීමට කටයුතු කරන බව ද පැවසු සභාපතිවරයා, අද හෝ හෙට මේ පිළිබඳ පිළිතුරක් අපේක්ෂා කරන බව ද කියා සිටියේය.










