• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුද හමුදාපති ශවේන්ද්‍රට ප්‍රශ්න ගොඩක්

July 8, 2020
in Exclusive, Uncategorized
Reading Time: 4 mins read
A A
යුද හමුදාපති ශවේන්ද්‍රට ප්‍රශ්න ගොඩක්
Share on WhatsAppShare on Facebook

කොරෝනා ව්‍යාප්තිය මර්දනය කිරීමේදී බරපතළම රාජකාරිය කළේ යුද හමුදාවය. ඒ සදහා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැක්වූ දායකත්වය අතිමහත්ය. නමුත් මෙම වෑයමේදී යුද හමුදාපතිවරයාටත්, ආරක්ෂක අංශවලටත් යම් යම් පිරිස් විසින් චෝදනා එල්ල නොකළාම නොවේ. යුද හමුදාපතිවරයා ඇතුළුව ආරක්ෂක අංශ තම රාජකාරිය අකුරටම ඉටුකළේ ඇතැම් පාර්ශවයන්ගෙන් එල්ල වූ මෙම චෝදනාවන් මධ්‍යයේමය. ඒ අනුව මෙවර අප යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට සමාජයෙන් එල්ල වූ එම චෝදනා ඉදිරිපත් කිරීමට පියවර ගත්තෙමු. මේ ඊට යුද හමුදාපතිවරයා එම ප්‍රශ්නවලට ලබාදුන් පිළිතුරුය.

පහුගිය දවස්වල දිගටම ඔබ මාධ්‍යයේ පෙනී හිටියා. දැන් ඇයි වැඩිය පේන්න නැත්තේ?
කොවිඞ් සටන පටන් ගත්තාට පස්සේ ඇත්තටම අවශ්‍යතාවයක් තිබුණා හමුදාවේ. ඒ අනුව අතිගරු ජනාධිපතිතුමා කොවිඞ් නිවාරණ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානියා විදිහට මාව පත්කරනු ලැබුවා. කොවිඞ් පරාජය කරන්න අරන් ගිය සටනේ එක් අවස්ථාවක් තමයි රටේ ජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් කරලා ඒ වෙනුවෙන් යොමු කර ගැනීම. ඒ වෙද්දි අපිට අවශ්‍ය වුණා මේ සම්බන්ධයෙන් කටයුතු කරපු ජනාධිපතිතුමාට අගමැතිතුමාට අමතරව ඒ වෙනුවෙන් වැඩකරපු අයට ජනතා විශ්වාසය ගොඩනඟා ගන්න. ඒ නිසා ජනතාව මේ වෙනුවෙන් පෙළගස්වද්දි ප්‍රධාන වශයෙන් කටයුතු කරපු අයට මාධ්‍ය ඉදිරියට ඇවිත් කතාකරන්න සිදුවුණා. ඒ වෙලාවේ තමයි මම මාධ්‍යයට ආවේ. යුද්දෙදි වගේම මේ කොවිඞ් සටනෙදිත් මාධ්‍ය විශාල සහයෝගයක් දුන්නා. ඉතින් එන්න ඕන වෙලාවේ ආවා කතා කළා. අපේ වැඩෙන් විශාල කොටසක් මේ වනවිට අවසන්. දැන් අපි පැත්තකට වෙලා අනිත් අයට ඉතිරිය භාර දීලා අපි ඉන්නවා.
සමහරු කියනවා මේ වැඬේ පටන්ගත්තේ සැලසුමක් නැතිව කියලා. ඇත්තටම මේ කොවිඞ් පරාජය කරන්න සැලසුමක් තිබුණද?
අපි එදා වේල ටුවර්ස් වගේ වැඩ කරලා නැහැ. වූහාන්වල මේ දේ වණාට පස්සේ තමයි ජනාධිපතිතුමා අගමැතිතුමා ප්‍රමුඛ රජය මේ වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවා ගන්නේ. එතකොට ශ්‍රී ලංකාවේ කොවිඞ් නැහැ. හැබැයි ජනාධිපතිතුමා කලින්ම මේ සඳහා සැලසුම් සකස් කළා. ඒ අනුව තමා ජනවාරි 26 වෙද්දි මේ වෙනුවෙන් කාර්ය සාධක බළකායක් පිහිටුවා ගත්තේ. වූහාන්වලින් සිසුන් පිරිස ගෙන්න ගන්න පටන්ගත්තු අපි සියල්ල සිදු කළේ සැලසුමකට අනුවයි. මෙහෙමයි අපිට සැලසුමක් නෑ කියලා කියන්න හදන පිරිස් සහ ඒ ගැන නොදන්නා පිරිස් අපිට සැලසුමක් තිබුණේ නෑ කියලා කියනවා වෙන්න පුළුවන්. අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අගමැතිතුමා මේක පටන්ගත්තු දවසේ ඉඳලා සැලසුමකට අනුව තමයි සියල්ල සිදුකළේ. අදවන විට පමණක් නෙවේ ඉදිරියටත් අපි සැලසුම් සූදානම් කරලා තියෙනවා.
ඒ දේවල් ක්‍රියාත්මක වුණේ කොහොමද?
මෙතනදි හමුදාව, පොලිසිය සහ බුද්ධි අංශ කොහොමද කටයුතු කරන්නේ කියන ඒක සම්බන්ධයෙන් සැලසුම් සකස් කළා. ඒත් ඒක්කම සෞඛ්‍ය ක්ෂේත්‍රය තවත් ස්ථරයක් වශයෙන් සැලසුම් කළා. ඒ වගේම හමුදාවන් සහ සෞඛ්‍ය අංශ එක තලයකට ගෙන ඒමේ අවශ්‍යතාවයකුත් තිබුණා. ඒ වගේම මනෝවිද්‍යාත්මක මෙහෙයුමකුත් සිදු කළා. ඒ වෙනුවෙන් මාධ්‍ය පෙළගැස්වීමකුත් කළා. ඒ නිසා තමයි මිනිස්සු ගෙවල් ඇතුළට වෙලා ඉන්න පෙළඹුණේ.
හැබැයි සමහර ජනකොටස් මේ නිසා තරහවුණු අවස්ථාත් තිබුණා නේද?
තරහවුණු වෙලාවල් තිබුණා. ඒ විතරක් නෙවෙයි සමහර වෙලාවට අපි සමහර ගම් නගර හුදෙකලා කරන්න තීරණය කළාම ඔවුන් කියන්න පටන් ගත්තා ඇයි අපිට විතරක් මෙහෙම කරන්නේ කියලා. මේ සියලුම දේ ජනාධිපතිතුමා අගමැතිතුමා සමඟ එකතු වෙලා යම් ක්‍රමවේදයක් යටතේ පිළිවෙළකට කරපු දේවල්. මේක හොඳ සැලසුමකට අනුවයි සිදුකළේ. ජනාධිපතිතුමා යටතේ කිබුණු කාර්යසාධක බළකාය දිනපතා රැස්වුණා. ඒකට විශේෂඥ දැනුම් තිබෙන පිරිස් පවා සම්බන්ධ වුණා. මේක සැලසුමකට අනුව සිදුවුණේ.
යුද්ධ හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවම විශාල සේවයක් මේ කාලයේදී සිවිල් පරිපාලන කටයුතු වෙනුවෙන් ඉටු කළා. ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කළොත්?
දැන් බලන්න ආහාර බෙදාහැරීම වගේ දේවල්. ඒ දේවල් පවා විශේෂ සැලසුමකට අනුවයි සිදුකළේ. ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා ඊට නායකත්වය දුන්නා. සෞඛ්‍යමය ගැටලුවක් නිසා රටට නිරෝධායන ඇඳිරිනීතිය පනවලා දුවන අතරේ රටේ මිනිස්සුන් ජීවත්වෙන විදිහ ගැන විශේෂ අවධානයකින් යුතුව කටයුතු කළා. එහෙම කරන්න තමයි ඒ ඒ අංශවලට වෙනමම කාර්ය සාධක බළකා පිහිටෙව්වේ. බලන්න ඒ දේවලින් කරපු දේ කොච්චර විශාලද? බලන්න අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව යොදවලා ලබා දුන්නු සහනය. ලංකාවේ තියෙන ග්‍රාමසේවක කොට්ඨාස දාහතරදාහෙම හිටපු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඔවුන්ගේ දීමනාව ලබා දෙන්න කටයුතු කෙරෙව්වා.
මේ උවදුර මර්දනය කරන්න වැඩපිළිවෙළෙිදී වෙනත් පාර්ශව භාර නොගත් අභියෝග රැසක් යුද්ධ හමුදාව සහ ත්‍රිවිධ හමුදාව භාර ගත්තා නේද?
මෙහෙමයි හමුදාව ඉන්නේ රට ආරක්ෂා කරන්නයි රටේ ජනතාව ආරක්ෂා කරන්නයිනේ. එතතොට අපි හැමදාම කිව්වේ අපිට බැහැයි කියලා දෙයක් නැහැ කියලයි. අපිට බැහැයි කියලා දෙයක් තිබුණත් අපිට නොහැක්කක් නොමැත කියලා හැමවෙලාවෙම වැඩ කළා.
ඒ කියන්නේ හමුදාව ඕනම වෙලාවක ඕනම දේකට සූදානම් කියලා යළිත් ඔප්පු කළා නේද?
මෙහෙමනේ. අපිට තරම් විනයක් ඇති පුහුණුව ලත් ශ්‍රමබළකායක් මේ රටේ නැහැ. ඒ නිසා අපි ඕනෑම වෙලාවක ඕනෑම දේකට ඉදිරිපත් වෙලා කටයුතු කරනව. ඒ සඳහා පුහුණු වූ කණ්ඩායම් අපි සතුයි. ඒ නිසා අපිට පුළුවන්කම තිබුණා අතිගරු ජනාධිපතිතුමා මේ කාර්යසාධක බළකාය දැම්මට පස්සේ කවර හෝ අවස්ථාවක වෙනත් පර්ශවයකට සාර්ථකව මුහුණ දිය නොහැකි අභියෝගයක් ලැබුණොත් ඒක හමුදාවට භාර දෙනවා. අපි භාරගත්තු අභියෝග කිසිම දෙයක් අසාර්ථක වුණේ නැහැ.
ඇයි හැමදේටම හමුදාවම ගන්නේ කියලා මතයක් සමාජයේ ඇතැම් පාර්ශවවලින් ඉදිරිපත් වුණා නේද? ඇයි අපේ රටේ හමුදාවම යොදා ගත්තේ මේ සිවිල් කටයුත්තෙදි?
ඒක තමයි ජනාධිපතිතුමාගේ බුද්ධිමත්කම. අතිගරු ජනාධිපතිතුමා හිටපු දක්ෂ කීර්තිමත් හමුදා නිලධාරියෙක් වශයෙන් එතුමා දැනගෙන හිටියා හමුදාවන්ට කරන්න පුළුවන් දේවල් මොනවාද කියලා. ඒ නිසා තමයි දෙවැනි සතිය විතර වෙද්දිම සෞඛ්‍ය ක්ෂේත්‍රය කිව්වේ හමුදාව ඔවුන්ට මොනවගේ සහයෝගයක් දැක්වුවාද කියලා. අපි දෙන ඕනම දෙයක් කරනවා. අපි කවදාවත්ම ෆේල් වෙන්න යන කට්ටියක් නෙවෙයි. මුලින්ම නිරෝධායන මධ්‍යස්ථානයක් හදන්න වූහාන්වලින් එන අය රඳවන්න කියලා අපිට කියද්දි අපි නිරෝධායනය කියලා දෙයක් දන්නේත් නෑ. අපිට කිසිම දැනුමක් තිබුණේ නෑනේ. නමුත් අපි සෞඛ්‍ය අංශ එක්ක සාර්ථකව ඒ දේ කළා. මුලින්ම පිටරටවලින් විතරක් තුන්දහස් හයසිය විසි හයක් අපි ගෙන්න ගත්තනේ. ඒ පිරිසෙන් හතළිස් දෙනෙකුට විතරයි කොවිඞ් හැදුණේ. ඒ වෙලාවේ ඉතාලිය ඉරානය කොරියාව වගේ කොවිඞ් තියෙන රටවලින්නේ ඔවුන් ආවේ. ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානවල තනි තනි කාමරවලත් නෙවේනේ රැඳෙව්වේ.
හැබැයි ඒ වෙලාවෙදි චෝදනා එල්ල වුණා නේද හමුදාවට?
ඔව් එතකොට තමා කිව්වේ නිරෝධායනය ගැන හමුදාව මොනාද දන්නේ. හෙට වෙද්දි මේක තුන්හාරසීයට නඟියි කියලා. ඒ වෙලාවේ අපි විශ්වාසයෙන් කිව්වා කලබල වෙන්න දෙයක් නෑ. කියන කට්ටිය කෙසේ වෙතත් අපි මේක හසුරවන විදිහ දන්නවා කියලා.
ඒ කියන්නේ සීබීආර්එන් එක සහ යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය ඒකකය ගැන ජනාධිපතිතුමාට දැඩි විශ්වාසයක් තිබුණා.
අනිවාර්යෙන්ම. මුලින්ම කොවිඩි ආසාදිත රටවලින් පිරිස් ලංකාවට එද්දි ඔවුන් දැක්කත් දුවන තත්ත්වයක්නේ තිබුණේ. වූහාන් කට්ටිය දියතලාවට ගෙනියද්දි අපේ නගරය අපි රැකගමු කියලා පෝස්ටර් පවා දැම්මනේ. හැඳළ පැත්තේ වෙචිචි දේවලුත් ඔබ දැක්කානේ. එහෙම තිබුණු රටක් තමයි අපි ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව මේ තත්ත්වයට ගේන්න පුළුවන් වුණේ. හමුදාව යොදවගත්තේ නැත්නම් කවුද ඔය කියන විදිහට නිරෝධායන මධ්‍යස්ථාන හදන්නේ. ඉරණවිල අලුතෙන්ම රෝහල හැදුවේ, හෝමාගම හැදුවේ හමුදාව. ඒ නිසා තමයි හමුදාව මේ දේවල්වලදි ඉදිරියට ආවේ. ලෝකයේ සමහර රටවල් දැන් තමයි හමුදාව යොදාගන්නේ. නමුත් ඔවුන් ප්‍රමාදයි. ජනාධිපතිතුමා දැක්මක් සහිත නායකයෙක් නිසයි මුලින්ම හමුදාව යොදාගත්තෙ.
අපේ රටේ කොවිඞ්සමාජ සම්ප්‍රේෂණය ඉතාම අවම මටට්මක තිබුණේ. ජාල අතර පමණක් පැතිරීම සිදුවුණත් එයත් ඉතා සීමිත කරගත්තා. මේ වෙනුවෙන් බුද්ධි අංශ විශාල දායකත්වයක් දැක්වුවා නේද?
මේක ඇත්තටම ජනාධිපතිතුමා අදහසක් විදිහට ඉදිරිපත් කළා සම්බන්ධතා ලුහුබැඳීම සඳහා බුද්ධි අංශ යොදවාගමු කියලා. අද ආපහු හැරිලා බලද්දි බයනැතිව කියන්න පුළුවන් ලෝකයේ සාර්ථකම ක්‍රමවේදය තිබුණේ ලංකාවේ කියලා. මොනද දේ කළත් වැඩක් නෑ ආසාදිතයෙකුගේ තිබුණු සම්බන්ධතා ටික හොයාගත්තේ නැත්නම්. මොකද අපේ රටේ ඉතා සීමිත ඉඩකඩක නිවාස පිහිටලා තියෙන්නේ. එහෙම තියෙද්දි සමාජයේ කොවිඞ් ආසාදනය වෙලා හමුවුණේ 313 දෙනයි. දින පනහක් වගේ කාලයක් තුළ අපි ඒ ප්‍රමාණයට සීමා කරගත්තා. හිතන්න කිසිම පුද්ගලයෙකුට ගැලවෙන්න අපි ඉඩදුන්නේ නැනේ. මේ සඳහා ක්‍රමවේදයන් අපි හැදුවා. ඒ වග්ම තමා රටේ ජනතාව හමුදාව කෙරෙහි දක්වන ගෞරවය. රටේ ජනතාව හමුදාව කියන දේවල් අහනවා. ඒ නිසා සියලු පාර්ශව අපි එක්ක එකතු වුණා. විවිධ මතවල හිටපු පිරිස එක මතයකට ගෙනාවා. රටේ ජනතාව බොහොම විනයක් ඇතිව කටයුතු කරපු නසා තමයි අවසාන වශයෙන් මේ තත්ත්වය ඇතිකරගන්න පුළුවන් වුණේ.
කොවිඞ් ආසාදිතයින්, සුවවූ ප්‍රමාණයන් පිළිබඳ සංඛ්‍යාත්මක තොරතුරු ඔබ සතුව තිබෙනවාද (2020 ජූලි 01වන විට)?
අපේ රටෙන් ආසාදිතයින් 2047ක් මේ වන විට වාර්තා වෙලා තියෙනවා. ඉන් 30 දෙනෙක් විදේශීකයින්. විදේශ රටවලින් මෙරටට පැමිණි 757ක් ඒ අතර ඉන්නවා. වීරෝදාර නාවික හමුදා සෙබළුන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් 947ක් වාර්තා වුණා. ඊට අමතරව මෙරටදී තවත් 313 දෙනෙකු කොවිඞ් ආසාදිතයින් විදිහට වාර්තා වුණා. ඔවුන්ගෙන් 1748ක් මේ වෙද්දි සුව වී තිබෙන අතර තවත් 288 දෙනෙකු මේවන විට ප්‍රතිකාර ලබනවා. අපේ මරණ වාර්තා වුණේ 11යි. බාහිර සමාජයෙන් අප්‍රේල් මාසේ 30 වැනිදායින් පස්සේ රෝගීන් වාර්තා වෙලා නෑ.
රෝගීන් හඳුනා ගැනීම, හුදෙකලා කිරීම සහ ප්‍රතිකාර කිරීම ආදී ක්‍රමවේද භාවිතයට ගැනීම වෙනුවෙන් සැලසුම් ක්‍රියාත්මක කළ ආකාරය පැහැදිලි කරන්න පුළුවන්ද?
එතනදි මුලින්ම අපි කළේ රෝගියා රෝහල්ගත කර ඔහු සමඟ සබඳතා පැවැත්වූ අය නිවෙස් තුළ නිරෝධායනය කිරීම. නමුත් එහිදී අපිට අවබෝධ වුණා ඇතැම් පිරිස් නිසිපරිදි නිරෝධායනයට ලක්වුණේ නෑ කියලා. ඒ දේවල් වුණු නිසා ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන හදලා නිරෝධායනය කළා. ඒ විතරක් නෙවෙයි නිරෝධායන මධ්‍යස්ථානවලත් යම්කිසි ක්‍රමවේදයකට ඔවුන් රැකබලාගත් නිසා මේක සම්ප්‍රේෂණය වීම අවම වුණා. ඒ වගේම වැදගත්ම දේ තමයි මේ පිරිස් හඳුනාගැනීම. මොකද යමෙකුට මේක ආසාදනය වූ පසුව ඔහුටත් දැනුමක් තිබුණ් නෑ ඔහු කොපමණ පිරිසක් සමඟ සම්බන්ධතා පැවැත්වුවාද කියලා. ඒ නිසා සෞඛ්‍ය අංශ, බුද්ධි අංශ, රාජ්‍ය බුද්ධි සේවය, පොලීසිය එකතුවෙලා මේ පිරිස් හඹා ගියා. පසුව ඔවුන් කොටසක් ඒ ප්‍රදේශවලමත් තවත් පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානවත් රැඳෙව්වා. නමුත් නිරෝධායන මධ්‍යස්ථාන නොවන ස්ථානවල නිරෝධායනයට ලක්කළ පිරිස් සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම ආදී කාරණා නිසි පරිදි ක්‍රියාත්මක කළේ නෑ. ඒ නිසා සියලුම දෙනා ගෙනැල්ලා නිරෝධායනයට ලක්කළා. මුලින්ම හුදෙකලා කිරීම් කරන්න පටන් අරගෙන ජනතාව ඒ සඳහා අනුගතවුණා. ඒත් එක්ක හමුවූ රෝගීන් රැකබලාගැනීම සිදුකළා.
ඒ ගැනත් සමාජයේ විවිධ යෝජනා චෝදනා අදහස් මතුවුණා නේද?
ඔව්. එතකොට ඇහුවා මේ කට්ටිය රඳවාගන්න තියෙන ඇඳන් ප්‍රමාණය ඇද්ද? මේ කට්ටිය ඉවර වුණාම ආදී කරුණු මතුකළා. නමුත් අපි ඒවාට සැලුණේ නෑ. ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් කාර්ය සාධකබලකායවත් සැලුණේ නෑ. මම හිතන්නේ ඉතා හොඳ සැලසුමකට අපිට මේ රට අරන් යන්න පුළුවන් වුණා. බලන්න ලෝකයේ ප්‍රබල කියන රටවල් මොනතරම් අසරණ වෙලාද කොවිඞ් නිසා. නමුත් පොඩි රටක් විදිහට අපි කොච්චර ඉදිරියකට ඇවිත් තියෙනවාද? ලෝකයේ හොඳම ක්‍රමවේදය අපේ තමයි. අපි යුද්දෙ ඉවර කළාට පස්සේ මානව හිමිකම් කැඩුවා කියලා අවේ. ඒ වගේ ඉදිරිකාලයේදී මේවටත් ඒ විදිහට එන්න පුළුවන් ඉතින්.
මේ සියලුම දේවල් දැනගෙන හිටියේ කීපදෙනයි. මේ නිසා යම් ව්‍යාකූල තත්ත්වයක් යම් යම් අවස්ථාව ඇතිවුණා නේද?
මේකනේ යම් කිසි ක්‍රමවේදයක් සමහර තැන්වලදි තියෙනවා. දැන් හමුදාවේ හැමදේම හැමෝම දන්නේ නෑ. මොකද දැන නොගත යුතු පිරිසකුත් ඉන්න නිසා. ඇත්තටම හොඳ සැලසුමකට අනුව තීරණ ගද්දි සියල්ල සියලු දේ දැනගත යුතු වෙන්නේ නෑ. ඒත් එක්කම සමහර දේවල් අපි කරන ගමන් ඉගෙන ගත්තා. ආපසු හැරිලා බලද්දි අපට තේරෙනවා අප සාර්ථකයි කියලා.
ඒ නිසා ප්‍රශ්න ඇතිවුණා නේද? සමහර අසත්‍ය තොරතුරු ප්‍රචාරය වෙන්නත් හේතුව ඔය සීමා කිරීම නේද?
යම්කිසි පුද්ගලයෙක් කියන්න පුළුවන් අපි දැනගෙන හිටියේ නෑ හැමදේම කියලා. හැබැයි හැමෝම දැනගත යුතු දේ අපි සමාජයෙන් හැංගුවේ නෑ. ඒ වගේම සමහරු අපෙන් අහනවා ඔය කියන ගණන් ඇත්තද කියලා. අපි බොරු කියනවා කියන ප්‍රමාණයට වැඩි රෝගීන් පිරිසක් ලංකවේ ඉඳලා තියෙනවා කියලත් කිව්වා. සමහරු මැරිලා වළදාල කියලත් කිව්වා. එහෙම දෙයක් කොහොමද මේ පුංචි රටේ කරන්නේ.
භාණ්ඩ ප්‍රවාහනය, ඖෂධ ලබා ගැනීම බැංකු කටයුතු ආදිය සඳහා භාවිත කරපු අලුත් ක්‍රමවේද කොවිඞ් අවසන් වීමත් එක්කම අවසන් වෙනවාද?
ඒ වෙලාවේ මහජනතාවට පහසුකම් සැපයීම තමයි අපි කළේ. ඒ වෙලාවේ සෑම ක්ෂේත්‍රයකටම අප දායකත්වය ලබා දුන්නා. ඔන්ලයින් ක්‍රමවේද හඳුන්වා දුන්නා. සායනික රෝගීණ් සඳහා ඖෂධ තැපැල් මඟින් නිවාස වෙත යොමු කළා. ඔන්ලයින් ක්‍රමවේද බහුලව භාවිත කළා. දැන් රට සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා නිසා අපි නිරෝධායන ඇඳිරි නීති කාලේ භාවිත කරපු ක්‍රමවේද භාවිත කළ යුතු නැහැ. නමුත් ඇතැම් ක්‍රමවේද තවත් යාවත්කාලීන වෙමින් ඉදිරියට යාවි. හොඳම උදාහරණය හමුදා රෝහල. ලංකාවේ විවිධ ප්‍රදේශවලින් අපේ රණවිරුවෝ කොළඹ හමුදා රෝහලට එනවා බෙහෙත් ගන්න. දැන් අපි තැපැල් දෙපාර්තමේන්තුව හරහා හැම මාසෙකටම අවශ්‍ය බෙහෙත් ගෙවල්වලටම යොමුකරන්න ක්‍රමවේදයක් හදන්න කටයුතු කරනවා. ඒක සරල උදාහරණයක් විතරයි.
මේ කොවිඞ් සටන නිසා අපිට විවිධ පැතිවල ජයග්‍රහණ ලැබුණා. මේ ගැන මොනවගේ අදහසක්ද තියෙන්නේ?
බලන්න මේ කොවිඞ්වලින් පස්සේ නව නිපැයුම් කොච්චර ආවාද කියලා. ඉස්සර පිටරවලින් ගෙනාපු යම් යම් සෞඛ්‍යය උපකරණ පවා මෙරට තුළ නිර්මාණය කරන්න පෙළඹුණා. ඒක රටක් විදිහට අපි ලබපු දැවැන්ත ජයග්‍රහණයක්. ඒ වගේම බලන්න මිනිස්සු වෙනදාට වඩා හොඳ සෞඛ්‍ය පුරුදු ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. මතකයි නේද අපි කිව්වා කොවිඞ් ඉවර වෙද්දි අපේ රට ලෝකයේ හොඳ තත්ත්වයක් ලබා ගනියි කියලා. අපි ඒ තත්ත්වයට දැන් විවිධ පැති ඔස්සේ ළඟා වෙමින් ඉන්නවා.
කොවිඞ්වලින් පස්සේ අපේ රටේ ආරක්ෂාව මොනවගේ වෙයිද? මොකද අපි වෙනදා භාවිත කළ ක්‍රමවේද යාවත්කාලීන කළ යුතුව තිබෙනවා නේද මේ අලුත් තාක්ෂණය ඔස්සේ ඇතිවිය හැකි තර්ජන නිසා?
අපි යුද්ධ හමුදාව මේ වෙද්දි 2025 වෙනතුරු ඉදිරි සැලසුම් අනුව ආරක්ෂක සැලසුම් සකසමින් ඉන්නවා. ත්‍රිවිධ හමුදාවම ඒ දේ කරනවා. මොන වගේ හමුදාවක්ද රටේ තිබිය යුත්තේ කියන සාකච්ඡාව අපි කරනවා. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ලෝකයේ ප්‍රබල හමුදාවක් කිරීමේ අරමුණින් අපි කටයුතු කරනවා .
හමුදාව දැන් ආයෙත් පාරවල්වල පේන්න ඉන්නවා. මොකක් හරි වෙනසක්ද මේ?
හමුදාව කියන්නේ බදු ගෙවන්නන්ගේ මුදල්වලින් ජීවත්වන පිරිසක්. ඒ නිසා කුඩා ආර්ථිකයක් හිමි අපේ රටේ හමුදාව හමුදාවේ ප්‍රාථමික කාර්යයේ විතරක් යෙදිලා බැහැ. ඒක සාධාරණ නැහැ. උදාහරණයක් විදිහට බලන්න වී මිලදී ගැනීම, පුරන් කුඹුරු අස්වැද්දීම, වන ඝණත්වය ඉහළ දැමීම වගේ සමාජ මෙහෙවරයන්ගේ නිරතවෙලා ඉන්නවා. අපි මුළු රටටම හමුදාවලින් දියහැකි හැම දායකත්වයක්ම අපි දෙනවා. ඒ වෙනුවෙන් යුද ගුවන් නාවික හමුදා කටයුතු කරනවා. ශ්‍රී ලංකාවට හොඳ ජනාධිපතිවරයෙක් ඉන්නවා. එතුමා රට ගැන හොඳ දැක්මක් ඇතිව කටයුතු කරනවා. අපි ඒ සඳහා සපෝර්ට් එක දෙනවා.

දිලංක ගුණතිලක

SendShareShare
Previous Post

දිස්ත්‍රික්කවලට එන්න එපා: දිස්ත්‍රික් නායකයන්ගෙන් රනිල්ට තහනමක්

Next Post

නිහඬව සිටි බැසිල් දේශපාලන වැඩ අරඹයි: ජනතාවගෙන් ඉල්ලීමකුත් කරයි

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.