වත්මන් ආණ්ඩුව හමුදා නිලධාරීන් ඉදිරියට දමා මාෆියා නැති කිරීමට ගොස් එම නිලධාරීන්ගේ ගෞරවයද විනාශ කළ බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්රික් අපේක්ෂක පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ ආණ්ඩුව ‘අඩෝ’ කියමින් හාල් මාෆියාව නැති කරන බවට පාරම් බෑවද අවසානයේදී මහා පරිමාණ සහල් ව්යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ඉදිරයේ තුනට හතරට නැමුණු බවකි.










