• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉතිහාසය ගැළවෙයිද? අවුස්සන්න එපා! අනුර විපක්ෂයේ සහාය ඉල්ලයි! Sri Lanka Latest News

July 27, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
පාර්ලිමේන්තුවේ නොගැළපෙන ඇඳුම් නිසා වෙච්ච අලකලංචි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටේ වැදගත්ම කාරණයක් සම්බන්ධයෙන් රටේ උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුව පසුගිය කාලය තුළ වැදගත්ම ආකාරයට සිදුවූ විවාදය පැවැත්වූයේ පසුගිය 24 වැනිදාය.Sri Lanka Latest News

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පැවැති පාර්ලිමේන්තුව කල්තැබීමේ අවස්ථාවේ විවාදය වැදගත් ආකාරයට සිදුකිරීමට ආණ්ඩු පක්ෂයත්, විරුද්ධ පක්ෂයත් වගකීමෙන් කටයුතු කිරීම ඉතා අගනේය. 90 දශකයේ සිට සිදුවන පාර්ලිමේන්තු විවාද බොහෝ විට දේශපාලනික වීම නිසා රටට වැදගත් වන කරුණු වෙනුවට ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් බොහෝ විට කතා කරනු ලබන්නේ ගැලරියටයි.

දේශපාලන වේදිකාවල ජනතාව චූන් කිරීමට සිදුකරන කතා බොහෝ දේශපාලන පක්ෂ නියෝජිතයන් පාර්ලිමේන්තුවේ සිදුකරනු ලබන්නේ මාධ්‍ය පිනවීමටය. මාධ්‍යයට ප්‍රචාරය කිරීම සඳහා හොඳ උණුසුම් කතා ඉදිරිපත් කරනු ලබන්නේ මාධ්‍යවලින්ද එම උණුසුම් කතාවලට ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලබාදෙන නිසාය. එම නිසා ජනතා නියෝජිතයන් බොහෝ විට පුරුදුව සිටින්නේ මාධ්‍යයට ගැළපෙන නැගලා යන කතාවක් කිරීමටය. එසේ කළ විට ඒ සඳහා මාධ්‍යවලින් යම් ඉඩක් හිමිවන බව දන්නා බොහෝ ජනතා නියෝජිතයන් පුරුදුව සිටින්නේ එවැනි කතා සිදුකිරීමටය.

එවැනි උණුසුම් වාද විවාදවලට නිතරම පැටලීමෙන් රතු කට්ට ඉක්මවූ පසු එකිනෙකාට එරෙහිව සිදුකරනු ලබන මඩගැසීම් හා පෞද්ගලික චරිත ඝාතනයන්ද දැකිය හැකිය. එම සංස්කෘතියට දේශපාලනඥයන් පුරුදුව සිටින්නේ ඇතැම් මාධ්‍ය මගින්ද ඒ සඳහා ඉහළ ප්‍රසිද්ධියක් ලබාදෙන නිසාය.

‘කොච්චර වැදගත් කරුණු කිව්වත් මීඩියාවල යන්නේ නැහැනේ. කාට හරි බණින එකක් කිව්වොත් නම් මීඩියාවල යනවා. එතකොට හැමෝම වැදගත් දේවල් එතරම් කතා නොකර මොකක් හරි කට කැඩිච්ච කතාවක් කියලා මීඩියාවලින් පබ්ලිසිටි ගන්න බලනවා’ යනුවෙන් ඇතැම් දේශපාලන නියෝජිතයන් සිදුකරන ප්‍රකාශය බැහැර කළ නොහැක.
එදා එතරම් මාධ්‍ය නොතිබූ කාලවලදී ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, පීටර් කේනමන්, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ලලිත් ඇතුලත් මුදලි, ගාමිණි දිසානායක, සරත් මුත්තෙට්ටුවේගම, අනුර බණ්ඩාරනායක, ලක්ෂ්මන් කදිර්ගාමර්, ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ඇතුළු කථිකයන් සිදුකළ කතාවල කෙතරම් වටිනා කරුණු තිබෙනවාද කියා පරණ හැන්සාඩ් වාර්තා බැලූ විට පෙනීයයි.

වසර 30කට ආසන්න කාලයක් තිස්සේ එවැනි වැදගත් කරුණු ගැන පාර්ලිමේන්තුවේ ජනතා නියෝජිතයන් කතාකරන්නේ ඉතා කලාතුරකිනි. මේ රටේ දේශපාලන සංස්කෘතිය පිරිහීමට එයද බලපෑ බව නොරහසකි.

පසුගිය 23 වැනිදා පැවැති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පැවැති පාර්ලිමේන්තුව කල්තැබීමේ අවස්ථාවේ විවාදයේදී සැලකිය යුතු ආකාරයකට වැදගත් කරුණු දෙපැත්තෙන්ම ඉදිරිපත් කිරීම ප්‍රශංසනීයයි. ඉඳහිට අනවශ්‍ය කතා දෙපැත්තෙන්ම සිදුවුවද සමස්තයක් ලෙස නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පැවැති විවාදය යහපත් මට්ටමක තිබුණු බව කිව යුතුය.

රටේ අනාගතය භාරගැනීමට සිටින දරුවන්ගේ අධ්‍යාපනයේ දිශානතිය කෙබඳු විය යුතුද යන්න සම්බන්ධයෙන් පැවැති මෙම විවාදය සංවරව සිදුකිරීමට අපොහොසත් වුණා නම් ආණ්ඩු පක්ෂයටත් විරුද්ධ පක්ෂයටත් කිසිසේත්ම සමාව දිය නොහැකිය.

දවස පුරා පැවැති එම විවාදයේදී වැදගත් කරුණු රැසක්ම ආණ්ඩු පක්ෂයෙන් මෙන්ම විරුද්ධ පක්ෂයෙන්ද ඉදිරිපත් විය.

විවාදයට එක්වූ විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් අනිවාර්ය විෂයන් බවට පත්කළ යුතු බවයි.
‘අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අපේ සංකල්ප පත්‍රිකාව හදලා ඉවරයි. පසුගිය ජනාධිපතිවරණයේදිත් පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයේදිත් එය අප රටට ඉදිරිපත් කළා. දැනට තිබෙන්නේ යල් පැනගිය අධ්‍යාපන ක්‍රමයක්. එඩියුකේෂන් ස්මාර්ට් වෙන්න ඕනේ. අයි.සී.ටී. මෙම අධ්‍යාපන ක්‍රමය තුළ අනිවාර්ය කෙරෙන්න ඕනෙ. අපට බොහොම කෙටි කාලයයි ලැබුණේ රජය ඉදිරිපත් කළ පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන් එක අධ්‍යයනය කරන්න. සවිස්තරාත්මක ප්‍රතිසංස්කරණ උපාය මාර්ගවලට වඩා දර්ශනීය ප්‍රාර්ථනා ලැයිස්තුවක් තමයි අපි දැක්කේ.’

‘විශේෂයෙන්ම ග්‍රාමීය පාසල් වැඩිදියුණු කිරීම ගැන මෙහිදී අවධානය යොමුවෙලා නැහැ. ගුරු සුබසාධනය ගැන වැඩි සටහනක් මේ පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන් එකේ නැහැ. අධ්‍යාපනයට වෙන්කෙරෙන මුදල් දිහා බැලුවාම අදටත් අධ්‍යාපනය වෙනුවෙන් වෙන්වෙලා තියෙන්නේ සොච්චම් මුදලක්. තොරතුරු තාක්ෂණය වැනි නව තාක්ෂණික විෂයන් අනිවාර්ය කළ යුතු වගේම ඉතිහාසයත් හර විසයක් වශයෙන් ක්‍රියාත්මක විය යුතුයි….’ යනුවෙන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරන ලදී.

අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මයුර සෙනෙවිරත්න විවාදයට එක්වෙමින් කියා සිටියේ දරුවන්ට ප්‍රායෝගික ක්‍රියාකාරකම් මුල්කරගත් ප්‍රාථමික අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු කරන බවයි. විභාග බර දරුවාගෙන් අඩු කරගැනීමට කටයුතු කරන බවද අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

‘දරුවා 6-9 ශ්‍රේණිවල ඉන්නකොටත් අපි ලොකු වෙනස්කම් ගොඩක් කරන්න යනවා. මොඩියුල් හඳුන්වා දෙනවා. 9 වසරේදී විභාගයක් තියෙනවා. එතැනදී දරුවා තීරණය කරනවා තමන් යන්නේ කොහෙටදැයි කියලා. එතැනදී එකතු වෙනවා වෘත්තීය අධ්‍යාපනය…’ යනුවෙන්ද අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මයුර සෙනෙවිරත්න සඳහන් කළේය.
මෙම විවාදයට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාද සහභාගි වීම විශේෂත්වයකි. මෙම ප්‍රතිසංස්කරණ කළ යුතුම බවත්, ඒ සඳහා සහයෝගය ලබාදෙන ලෙසත් ජනාධිපතිවරයා විපක්ෂයෙන් ඉල්ලා සිටියේය.

‘2019 වසරේ ළමුන් පාසල් හැරගොස් තිබෙනවා 16,673ක්. 2022 වසරේදී පාසල් හැරගොස් තිබෙනවා 20,759ක්. 2024 වර්ෂයේදී පාසල් හැරගොස් තිබෙනවා 20,755ක්. ඒ නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. මෙන්න මේ 13 වසරක පාසල් අධ්‍යාපනය තුළ දරුවා රැකගත යුතුයි.’

‘අඛණ්ඩව දින 3ක් දරුවා පාසල් එන්නේ නැත්නම් ඒ දරුවා ගැන පෞද්ගලිකවම ගුරුවරුන් ඇතුළු අදාළ රාජ්‍ය නිලධාරීන් සොයාබැලිය යුතුයි.’
‘2023 වසරේදී එකදු ළමයෙක්වත් ඇතුළු නොවුණු පාසල් 98ක් තියෙනවා. පාසල් 115ක් තියෙනවා ළමයින් 10ට වඩා අඩු. පාසල් 406ක් තියෙනවා ළමයින් 20ට වඩා අඩු. පාසල් 752ක් තියෙනවා ළමයින් 30කට වඩා අඩු. පාසල් 1141ක් තියෙනවා ළමයින් 40කට වඩා අඩු. පාසල් 1506ක් තියෙනවා ළමයින් 50ට වඩා අඩු. පාසල් පද්ධතියේ 15%ක් ළමයින් 50ට වඩා අඩුයි. පාසල් 3144ක ළමයින් 100ට වඩා අඩුයි. රජයේ පාසල් තුනෙන් එකක ළමයින් 100ට වඩා අඩුයි. ඒ නිසා මේ පාසල් පද්ධතිය ගැන තවම සමාලෝචනය කළ යුතුයි. ඒ තීන්දුව අපි අනිවාර්යයෙන්ම ගන්නවා.’

‘සමහර පාසල් තියෙනවා වසාදැමිය යුතුයි. ඊට වඩා ආර්ථික වශයෙන් ප්‍රතිලාභයි ළමයින්ට බස් එකක් දෙනවා නගරයේ පාසලට යන්න. ත්‍රිකුණාමලයේ කුච්චවේලි ප්‍රදේශයේ පාසලක් තියෙනවා ළමයින් දෙන්නයි ගුරුවරු දෙන්නයි. බණ්ඩාරවෙල පාසලක් තියෙනවා ළමයි තුන්දෙනයි, ගුරුවරුන් තුන්දෙනයි. ත්‍රිකුණාමලයේ පාසලක් තියෙනවා ළමයින් හතරයි, ගුරුවරු 4යි.’

‘පාන්දර 4ට ටියුෂන් පටන් ගන්නවා. මොකක්ද ඒ දරුවගේ ජීවිතේ? පාන්දර 1-2 වෙනකම් ටියුෂන් තියෙනවා. දරුවන්ට ජීවිතයක් අවශ්‍ය නැද්ද? යන්ත්‍ර දරුවන් හදනවා. රසාස්වාදයක් සහකම්පනයක් තෙතමනයක් නැති දරුවන් හදන අධ්‍යාපන ක්‍රමයක් දැනට තියෙන්නේ. යන්ත්‍ර වගේ දරුවන් හදලා මෙහෙම රටකට යන්න බැහැ.’
‘අවිස්සාවේල්ලෙන් කොළඹ ඉස්කෝලෙ එන දරුවා අම්මා නැගිටිනකොටත් දරුවා නිසා. බස් එකේ එනකොටත් දරුවා නිදි. ඉස්කෝලෙ ඉන්නකොටත් දරුවා නිදි. ආපසු ගෙදර යනකොටත් දරුවා නිදි. පව් නැද්ද? ඉස්කෝලෙ වෑන් එකේ යන දරුවන් බෙල්ල කඩාවැටිලා නිදාගෙන යන්නේ. දරුවා එළියට ගිහිල්ලා බෝල ගැහුවොත් අම්මා දරුවට බණින්නේ උඹට බෝල ගහලා කන්න හම්බවෙන්නේ නැහැ කියලා. ඒ වගේම ගුරුවරුන්ට පුහුණුවක් දෙන වැඩසටහනකුත් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ඇතුළත්. වසර 5කට පස්සෙවත් අවුරුද්දක් ගුරුවරයා පුහුණු විය යුතුයි.’

‘මේක ආණ්ඩු මාරුවකින් කඩාගෙන වැටෙන ප්‍රතිසංස්කරණයක් නෙවෙයි. මේ ප්‍රතිසංස්කරණ අපි එකතු වෙලා කරමු. ගමක පාසලක් ගැන තීරණයක් ගන්න හදනකොට ඒ ගමට ගිහිල්ලා අවුස්සන්න පුළුවන්. අවුස්සන්න එපා….’ යනුවෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්නද අදහස් රැසක් පළ කළාය.
එදා ජනතා විමුක්ති පෙරමුණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එකඟ වුණා නම් අද රටේ අධ්‍යාපනය යහපත් තත්ත්වයක පවතින බවද ඇය පැවැසුවාය.
‘1982 වසරේදී එදා අධ්‍යාපන ධවල පත්‍රිකාව ගෙනාපු වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ වෙලා සිසුනුත් පාරට බැස්සෙව්වා. අද ජනාධිපතිතුමා කියපු කාරණා තමයි එදා 1982 අධ්‍යාපන ධවල පත්‍රිකාවේ ඇතුළත් වී තිබුණේ. අද ජනාධිපතිතුමා කියන දෙය එදා ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ට තිබුණා නම්…’ යනුවෙන්ද රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය ප්‍රකාශ කළාය.

ජනාධිපතිතුමා සහාය ඉල්ලා සිටි බවත් සමගි ජන බලවේගය සහයෝගය ලබාදෙන බවත් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේය.

‘1981 එවක අධ්‍යාපන ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ අධ්‍යාපන ධවල පත්‍රිකාව සහ වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මූලික වශයෙන් සමානයි. මේකම තමයි 2019 යහපාලන ආණ්ඩුව වෙලාවෙදී එවක අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ගේන්න හැදුවේ….’ යනුවෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේය.
විවාදයට එක්වූ පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක අමාත්‍යවරයා කියා සිටියේ 1982 ධවල පත්‍රිකාව හා වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමාන නොවන බවයි.
‘මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා රටේ ඩී.එන්.ඒ. එක වෙනස් කරන්නයි අපි හදන්නේ. අනික මේක අපි හංගලා කරන්නේ නැහැ. හංගලා කරන්න ඕනත් නැහැ’ යනුවෙන් බිමල් රත්නායක අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විවාදයට එක්වෙමින් කියා සිටියේ මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වසර ගණනාවක් තිස්සේ සාකච්ඡා වෙමින් පැමිණි බවයි.

‘මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජාතික ජන බලවේගයේ දෙයක් නෙවෙයි. මෙය වසර කිහිපයක් තිස්සේ සාකච්ඡා කෙරෙමින් පවතින දෙයක්. මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෝලීය සංකල්ප. මෙම ප්‍රතිපත්ති ක්‍රියාවට නගන්න තමයි අපි හදන්නෙ…’ යනුවෙන් ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

මෙම විවාදයේදී සාධනීය අදහස් ඉදිරිපත් වුවද විපක්ෂ ඉල්ලා සිටින ඉතිහාසය, සෞන්දර්ය අනිවාර්ය විෂයන් කරනවාද යන කාරණයට ආණ්ඩු පක්ෂයෙන් නිසි විසඳුමක් ලැබුණේ නැත.

එසේ වුවද ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය එක්වී මෙම සංවාදය ඉදිරියට ගෙනයෑම යහපත්ය. යහපත් පුරවැසියකු, ශික්ෂණයක් සහිත පුරවැසියකු බිහිකිරීම සඳහා මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉතා වැදගත් වේ.

1981 වසරේ සිට මේ දක්වා වසර 44ක කාලක් තිස්සේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රායෝගිකව ක්‍රියාවට නංවීමට නොහැකි විය.
වසර 44ක් තිස්සේ මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් කකුලෙන් ඇද්ද දේශපාලන පක්ෂ අතර ජනතා විමුක්ති පෙරමුණ සහ ඔවුන්ගේ අධ්‍යාපන වෘත්තීය සමිති සිටි බවටද විපක්ෂයෙන් චෝදනාවක් එල්ල වේ.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ බලයේ සිටින විට කකුලෙන් ඇදීමට කෙනකුද නැත. තමන්ගෙන් යම් වරදක් සිදුවුණා නම් එය නිවැරැදි කරගැනීමට ජනතා විමුක්ති පෙරමුණට හොඳ අවස්ථාවක් ලැබී තිබේ.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

SendShareShare
Previous Post

ඇහැලේපොළ කුමාරිහාමි ඇතුළු පවුලම මරාදාපු ශ්‍රී වික්‍රම රාජසිංහ ඇහැලේපොළ වලව්වට සැපත් වූ වගයි! Sri Lanka Latest News

Next Post

ජාතික තරුණ සේවා සභාවේ නිලවරණයේදී ගුටිකෙළියක්! බලය අල්ලන්න ආණ්ඩුවේ සෙට් එකක් බැහැලා පරණ කට්ටියට ගහලා! තරුණ සේවා සභාවත් දේශපාලනීකරණය කරනවා! තරුණ සේවා සභාවේ ප්‍රතිඥාව වුණු ‘සමගිය-මිත්‍රත්වය-සහයෝගීතාව-සංවර්ධනය’ ඉවරෙටම ඉවරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.