• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

“දස මස පෙරුම් පිරුවේ මා ඔබේ උණුසුමේ හිදින්නට…අවසන සිදුවුණේ වෙල් යායක තනිවෙන්න… අම්මේ ඔබට මා කුසගිනි නොදැනෙයිද…. දෙතනේ වෙලෙන්නට මා පින් නොකළාද…”

July 27, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
“දස මස පෙරුම් පිරුවේ මා ඔබේ උණුසුමේ හිදින්නට…අවසන සිදුවුණේ වෙල් යායක තනිවෙන්න… අම්මේ ඔබට මා කුසගිනි නොදැනෙයිද…. දෙතනේ වෙලෙන්නට මා පින් නොකළාද…”
Share on WhatsAppShare on Facebook

.
අද මම ඔබට කියන මේ කතාව මේ වනවිට මුළු රටම දන්නා එකක් බවට පත්වෙලා. සමාජ මාධ්‍ය විද්‍යුත් මාධ්‍යවලින් දවස පුරාම මේ පුවත වාර්තා කරන්න පටන් අරගෙන. ඒ තරමටම එම පුවත සංවේදී එකක්. මාවතගම පාළු වෙල් යායක් අසල ගහක් අයිනේ අලුත උපන් බිලිඳියක් දමා ගොස් තිබුණා. උදෑසන 7ට පමණ මේ බිලිඳිය දමාගොස් තිබුණේ ඇගේ ඇඟේ කිසිදු ඇඳුමක් පවා නොමැතිවයි. මේ බිලිඳියව ප්‍රථමයෙන් දැක තිබුණේ වයස්ගත පුද්ගලයෙක්. ඔහු එම කුඹුර හිමිකරුගේ ඥාතියෙක් වනවා. ඒ අනුව එම වයස්ගත පුද්ගලයා පොලිසියේ රාජකාරි කරන තම පුත්‍රයාට කඩිනමින් මේ සිදුවීම දැනුම් දීමට කටයුතු කළා. ඔහු, තමන් දුටු සිදුවීම මාධ්‍යයට අනාවරණ කර තිබුණේ මේ ආකාරයටයි.
‘මගේ ඉඩමට පහළින් තියෙන්නේ මගේ මස්සිනාගේ කුඹුර. ඉතින් මම උදේ වෙලට යනවා. ඒ යනකොට ගහ ළඟ දඟලනවා පෙනුණා. මට තිගැස්මක් ඇතිවුණා. මම ඒ වෙලාවේම ගෙදර ඇවිත් පොලිසියේ පුතාට කෝල් එකක් ගත්තා. පුතා පොලිසියේ තව එක්කෙනෙක් එක්ක ඇවිත් මේ දරුවාව අරන් ගියා. මම දැක්කේ නැත්නම් කබරයෙක් හරි මුගටියෙක් හරි නයෙක් හරි දරුවාව කන්න තිබුණා. උදේ පාන්දර වගේ දාලා යන්න ඇත්තේ. මේ දරුවා ගැහැනු දරුවෙක්. සතෙක් කෑවා නම් අපිට දරාගන්න බැහැ, මේක නයි පොළොඟුන් ඉන්න වෙලක්. හරිම සතුටුයි මේ දරුවා බේරුණු එකට…’ Sri Lanka Latest News

මේ බිලිඳිය වෙල් යාය අයිනේ සීතලේ ගැහෙමින් ඉන්නකොට එතැනට ආ පොලිස් නිලධාරීන් අවට රැස්ව සිටි මවුවරුන්ට බිලිඳියව වඩාගන්නා ලෙස කීවත් කිසිවකුත් එයට ඉදිරිපත් වී තිබුණේ නැහැ. එහෙත් එතැන සිටි පිරිමි පුද්ගලයෙක් රැකියාවට යන ගමන නවතා දමා තමන් ඇඳ සිටි ටීෂර්ට් එක ගලවා දරුවා දෑතට අරන් එතුවේ ඒ හදවතට දැනුණු දරු සෙනෙහස නිසයි. ඔහුට බලාගෙන ඉන්න බැරුව ගියා මේ දරුවා වෙව්ලනකොට. ඔහු නමින් චන්දන කුමාර ජයවර්ධන නම් රියැදුරෙක්. ඔහු කළ මේ උතුම් ක්‍රියාව බොහෝ දෙනෙක් අගය කර තිබුණා.

චන්දන කුමාර තමන් ලද අත්දැකීම විස්තර කළේ මේ ආකාරයටයි.
‘මම ඇත්තටම ඉදිරිපත් වුණේ මගේ දරුවෝ තුන්දෙනා මතක් වෙලා. මම ජීවිතයේ මේ වගේ අත්දැකීම් ලබලා තියෙනවා. දරුවා සීතලේ වෙව්ල වෙව්ලා ඉන්න විදිය බලා ඉන්න බැහැ. ඒකයි මම ඉදිරිපත් වුණේ ඕනෙ දේකට මුහුණ දෙනවා කියලා හිතාගෙන. කුඹුර අයිනේ හිටිය දරුවා මම අතට ගන්න කොටම ඉකි ගහලා අඬන්න ගත්තා. මටත් එතකොට ඇඬෙන්න ආවා. ඒත් මම ඒ හැඟීම හිරකරගෙන හිටියා. ඉවසා දරාගෙන හොඳ වැඩක් කරන්නේ මම කියලා හිතාගත්තා. මම මේ සිදුවීම මගේ බිරිඳට කියද්දි එයත් ඇහුවේ අපිට පොලිසි ගානේ යන්න වෙයිද දන්නේ නැහැ කියලා. මම ඒත් එයාට කිව්වා පොඩි දරුවා වෙනුවෙන් මම ඕනෙ දේකට මුහුණ දෙනවා කියලා….’
අද බොහෝ දෙනෙක් කටයුතු කරන්නේ ආත්මාර්ථකාමීවයි. ඒ අනුව බලද්දී චන්දන කුමාර වැනි අය සමාජයේ දුර්ලභයි. ඇත්තෙන්ම දරුවාගේ ජීවිතය රැක දුන්නාට මේ දෙදෙනාට ස්තුතිවන්ත විය යුතුයි. අද සමාජයේ මිනිස්සු මෙවැනි දේවල්වලට ඉදිරිපත් නොවන්නේ පොලිසි ගානේ, උසාවි ගානේ රස්තියාදු වීමට ඇති ඇකමැත්ත වගේම ආත්මාර්ථකාමීව හිතන සමාජයක් බිහිවී ඇති නිසයි. මෙවැනි පුද්ගලයන් පැසසුමට ලක්කළ යුතුයි.

කෙසේ වෙතත් බිලිඳියගේ මවුපියන් කවුරුද යන්න මෙතෙක් අනාවරණ කරගැනීමට හැකිවෙලා නැහැ.
පොලිස් නිලධාරීන් මුලින්ම බිලිඳිය මාවතගම රෝහලට ඇතුළත් කරනු ලැබූ අතර, අනතුරුව ඇයව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නොමේරූ ළදරු ඒකකයට යොමුකර තිබුණා. බිලිඳිය ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වෛද්‍යවරුන් පවසා තිබුණේ. වෛද්‍යවරුන් පවසා සිටියේ මෙම බිලිඳිය ඉපදී දින දෙකක් පමණ ගතවූ පසු මෙලෙස වෙල්යායේ දමාගොස් ඇති බවයි. කෙසේ වෙතත් මෙම දරුවා කවුරුන්ද යන්න තහවුරු කරගැනීම සඳහා රජයේ රෝහල්වල දින දෙකක් තුළ අලුත උපන් දරුවන්ගේ ලැයිස්තු පිරික්සීමට ලක්කර තිබුණා.

කුරුණෑගල, මාවතගම, පරගහදෙණිය, සිංහපුර කියන ගමේ වෙල් යායක තමයි මෙම බිලිඳිය දමාගොස් තිබුණේ. මේ වනවිට ඇගේ නීත්‍යනුකූල භාරකාරත්වය ලබාගැනීමට මෙරටින් පමණක් නොවෙයි විදේශ රටවලින් පවා දසදහස් ගණනක් පොලිසියට සහ කාන්තා හා ළමා කටයුතු කාර්යාංශයට දුරකතන ඇමතුම් ලබාදෙමින් සිටින බව වාර්තා වනවා. කැනඩාව, ඔස්ටේ්‍රලියාව, ඇමෙරිකාව, ඉතාලිය වැනි රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගෙන් එවැනි ඉල්ලීම් වැඩි වශයෙන් ලැබෙන බව කාන්තා හා ළමා කාර්යාංශයේ උසස් නිලධාරියෙක් පවසා තිබුණා.

බිලිඳු දරුවන් අත්හැර දමා ගිය පළමු අවස්ථාව මෙය නොවෙයි. ඇතැම් මවුපියවරුන් බිලිඳුන් දුම්රියේ, කැලෑවල, කානුවල දමා යනවා. තවත් විටෙක කුණු ගොඩවල්වල දමා යනවා. සමහර විට ගඟට, මුහුදට දමනවා. එම තත්ත්වයට තුඩුදුන් සැබෑ කරුණු නොදැන බොහෝ අය එවැනි මවුපියවරුන්ට ශාප කරනවා. නමුත් ඔවුන් ජීවිතයේ දැඩි අසරණ බවකට පත්ව සිටිනවා වන්නට පුළුවන්. අපි මේ අම්මා තාත්තා කළ දේ කිසි ලෙසකින්වත් සාධරණීකරණය කරන්නේ නැහැ. හැබැයි ඔවුන් මෙහෙම දෙයක් කරන්නේ දරුවන්ට ආදරේ නැති නිසා නොවන්නට පුළුවන්. මෙවැනි සිදුවීම්වලදී වැඩිපුරම චෝදනා එල්ල වන්නේ දරුවාගේ අම්මාටයි. නමුත් මේ දරුවාගේ තාත්තා කවුද, ඔවුන් මෙවැනි දේකට පෙලඹුණේ ඇයිද කියලා කවුරුත් කතා කරන්නේ නැහැ. මේ දරුවන් අසම්මත ආදරයක ප්‍රතිඵලයක් විය හැකියි. මෙවැනි දරුවන් බිහිකරන මවුපියන් වගකීමක් නැති විදියට සමාජයට මුහුණ දෙන්න පුරුදු වෙලා, සමහර විට මවුපියන්ගේ ආදරය, කරුණාව, රැකවරණය මොවුන්ට නොලැබුණාම ඔවුනුත් කවදා හරි කරන්නේ මේ වගේ සමාජයට පිළිලයක් වීමයි. මේ කරදර සියල්ල මේ දරුවා නිසා කියලා සිතා අර නොදරුවාව ගිහිල්ලා පාරට දමනවා. මවුපියන් අහිමි බොහෝ එවැනි දරුවන් ළමා නිවාසවල අනන්තවත් පීඩාවන්ට පත්වෙනවා අපි දැකලා තිබෙනවා.

වර්තමානයේ සමාජ මාධ්‍ය වගේම අනෙකුත් මාධ්‍යයත් මෙවැනි සිදුවීම් උලුප්පා කියනවා මිසක් මෙවැනි සිදුවීම්වලට විසඳුම් ලබාදීමට වෙහෙසන බවක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. අද සමාජයේ තරුණ දරුවන්ට ලිංගික අධ්‍යාපනය පිළිබඳ නිසි අධ්‍යාපනයක් ලබානොදීම එක් අතකට මෙවැනි සිදුවීම්වලට ප්‍රධාන හේතුවක්. අපේ රටේ ලිංගිකත්වය ගැන කතාකරන්න සමාජයේ බොහෝ දෙනෙක් කැමැති නැහැ. අපේ බොහෝ දෙනෙක් පුහු මානයෙන් හිස මුදුනෙන් සංස්කෘතිය රකිනවා කියනවා. හැබැයි දෙයක් සිදුවුණාම තමයි හැම කෙනෙක්ම මේ ගැන කතාකරන්නේ. සමහර තරුණියන් යුග දිවියට පත්වුණත් දරුවෙක් ලැබෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. නව යොවුන් වියේ පසුවන තරුණියන්ට නිසි කලට ලිංගික අධ්‍යාපනයක් දුන්නා නම් මෙවැනි අනිසි ගැබ්ගැනීමක් වළක්වා ගන්නේ කෙසේද කියලා ඔවුන් තේරුම් ගනීවි. මේ වගේ දරුවන් තැනින් තැන දාලා යන්නේ එවැනි ප්‍රශ්නයකදී ඔවුන්ට විසඳුමක් නැතිකමටයි.

මෙවැනි අවස්ථාවල අසරණ වෙන දරුවන් ආරක්ෂා කරන ආයතනයක් ස්ථාපනය කරලා දරුවන් රැකබලා ගැනීමට යොමුකරන්න පුළුවන් නම් මේ වගේ අහිංසක දරුවන් මහමග දාලා යන එකක් නැහැ. ගැබ් ගැනීමකින් දරුවෙකු පිළිසිඳ ගතහොත් පරිවාස දෙපාර්තමේන්තුව එක්ක කතාකරලා ඔවුන්ට ප්‍රශ්නය කියන්න පුළුවන්. දරුවාට හොඳ අනාගතයක් හදලා දෙන්න පුළුවන්, නීත්‍යනුකුලව දරුවන් දෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඔවුන් දරුවාව භාරගනියි. ළමා හා කාන්තා කාර්යාංශය හරහා මේ වෙත යොමුවෙන්න පුළුවන්. මේවාට යොමු නොවෙන්න හේතුව තමයි සමාජය විසින් කාන්තාවකට ඇතිකරලා තියෙන වතාවරණය, සමාජය විසින් කාන්තාවකට ‘ඔයා ජරා ගෑනියෙක්. තියෙන ගායට ළමයි හදන් ඇවිත්’ වැනි චෝදනා එල්ල කිරීම සුලබව දකින්න ලැබෙනවා.

කෙසේ වෙතත් මෙවැනි අනාරක්ෂිත දරුවන් සමාජයේ සිටිනවා නම් ළඟම ඇති පොලිස් ස්ථානයට ඒ පිළිබඳ දැනුම් දෙන ලෙස අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය පවසා සිටියා. ඇය වැඩිදුරටත් පැවැසුවේ පාසල් වියේ දරුවන් ගැබ්ගැනීම් ඉහළ ගොස් ඇති බවත්, ඊට විසඳුමක් ලෙස ලිංගික අධ්‍යාපනය ගැන පැහැදිලි අවබෝධයක් ලබාදිය යුතු බවයි.
පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් සඳරේකා ලියනගේ මහත්මිය පවසා සිටියේ මෙවැනි අදහසකි.

‘මේ සිදුමීම මාධ්‍යයෙන් සමාජයට නිරාවරණය කරනකොට හැමෝටම සංවේදියි. ඇයි මේ වගේ දේවල් වෙන්නේ කියලා තමයි ඒ වෙලාවේ අපි හැමදෙනාගේම හිත්වලට එන්නේ. හැබැයි පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව, එහෙම නැත්නම් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය හිතට අනුව වැඩ කිරීම නෙවෙයි කරන්නේ. මෙවැනි දෙයක් සිදුවුණොත් මොනවද කරන්නේ කියලා නීති රාමුවක් තියෙනවා. ළමයින් හා යෞවනයන් පිළිබඳ 17 වැනි වගන්තියේ තියෙනවා දරුවෙකුගේ භාරය හා ආරක්ෂාව අවශ්‍ය දරුවෙක් විදියට තමයි අපි හඳුනාගන්නේ. මේ දරුවා සිටින ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් විසින් අදාළ බලප්‍රදේශයේ පරිවාස නිලධාරීන්ට දන්වනවා මේ දරුවා පිළිබඳ විමර්ශන වාර්තාවක් ලබාදෙන ලෙස. ඊට පස්සේ තමයි අධිකරණයෙන් දරුවා මවුපියන්ට ලබාදෙනවාද නැද්ද කියන එක තීරණය වෙන්නේ. දරුවාට උපරිම යහපත සැලසීම තමයි අවශ්‍ය වෙන්නේ. ඒ අනුව තමයි දරුවා පිළිබඳ තීරණයක් ගන්නේ….’

පුංචි දරුවන්ට කුඩාම කාලේ තමයි මවුපිය ආදරය, සෙනෙහස අවශ්‍ය වෙන්නේ. ඔවුන්ගේ පෞරුෂ වර්ධනයට ඒ වගකීම ඉෂ්ට කරන්න, අම්මා තාත්තා වගේ උණුසුමක්, ආදරයක් දෙන්න වෙන කාටවත් බැහැ. අපිට මේ වගේ දරුවන් දාලා යන අම්මලාගෙන් වැඳලා ඉල්ලන්න තියෙන්නේ පුංචි දරුවන් හරි අහිංසකයි, අසරණයි, මේ වගේ ගස් යට, පාරවල් අයිනේ, කුණු ගොඩවල්වල දාලා යන්න එපා. මේ රටේ මෙවැනි දරුවන් භාරගන්න ළමා නිවාස වගේම දරුවන් නැති අම්මලා ඕනෑ තරම් ඉන්නවා. එහෙම කෙනෙක් හොයලා බලලා ඒ අයට දරුවන් භාරදෙන්න. දරුවෙක් බිහිකළා කියලා හැම කෙනෙක්ටම අම්මා කෙනෙක් වෙන්න බැහැ. පුංචි හරි ආදරයක් දරුවන්ට තියෙනවා නම් මේ වගේ දරුවන් අසරණ කරන්න එපා.

ඇයි අම්මේ මා හැර ගියේ
වෙල් යායේ
අම්මේ ඔබට මා පෙර භවයේ
කළ වරදක් ඇද්ද?
දස මස පෙරුම් පිරුවේ මා
ඔබේ උණුසුමේ හිඳින්නට
අවසන සිදුවුණේ වෙල් යායක
තනිවෙන්න
නිකමට නොසිතුණිද
වගවලසුන් මා ඩැහැගනී කියා
අම්මේ ඔබට මා කුසගින්නේ බව නොදැනෙයිද
ඔබේ දෙතනේ කිරි බොන්නට මා පිං නොකෙරුවාද
මා කුඹුරේ වෙව්ල වෙව්ලා උණුසුම සොයන විට
මාමෙක් ඇඳිවත ගලවලා දුන්නයි
එයාගේ දරුවන් සිහිවෙලා මට
අනේ මාමේ ජාති ජාතිත් පිං නුඹට

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

එදා ඉඳන්ම කිව්වා! රටට පොරොන්දුවකුත් දුන්නා! 159ක් තියෙනවා! තුනෙන් දෙක තියෙනවා! විපක්ෂයේ පක්ෂත් එකඟයි! දැන් කවද්ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ? VIDEO I Sri Lanka Latest News

Next Post

අනුරට යන්න එන්න හෙළිකොප්ටර්? ආරක්ෂාවත් වැඩි කරයි? පරණ කතා පැත්තකට දාලා ලාල්කාන්තගෙන් දැවැන්ත යෝජනාවක්! වැඩේ හෙට අනිද්දාම වෙයිද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.