• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වාර්තා 337ක් දුන්නා! ඉහළ නිලධාරීන් දැනුවත් කළා! සහරාන් ගැන පොලිස්පතිටත් කියනවා! තැන් 8කට ගහනවා කිව්වා! වට්ස්ඇප් මාර්ගයෙන් දැනුම් දුන්නා! ඉතිහාසයේ කිසිම ප්‍රහාරයක මෙහෙම තොරතුරු දීලා නෑ! වගකීම ඉටුකරපු නිලන්තව පොලිස් කොමිසම ගෙදර යැව්වා! වගකීම් ඉටු නොකරපු අය තවමත් රාජකාරියේ! Sri Lanka Latest News

July 26, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සේවයෙන් පහකිරීමට පොලිස් කොමිසම ගත් තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පසුගිය 20 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්ද කරුණු රැසක් අනාවරණ කළ දයාසිරි ජයසේකර මහතාගේ එම අදහස් දැක්වීමෙන් කොටසක් පහත පළවේ.Sri Lanka Latest News

‘ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහත්මයා සේවයෙන් පහකරන්න පොලිස් කොමිසම ගත්ත තීන්දුව පිළිබඳ යම් අදහස් ප්‍රමාණයක් පළකරන්නයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා පාස්කු ප්‍රහාරය පිළිබඳ බුද්ධි අංශයේ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා විදිහට කටයුතු කළේ ඒ කාලවකවානුව තුළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහත්මයා.

අපි දන්න විදිහට ඔහු 2015 ඉඳලා මේ තොරතුරු පිළිබඳ වාර්තා 337ක් ආරක්ෂක කමිටුවට ඉදිරිපත් කරලා තිබුණා. වාර්තා 337ක්. මේ වාර්තා 337 ඉදිරිපත් කළා විතරක් නෙමෙයි, 2019 ජනවාරි මාසේ, විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධව, 09 වැනිදා ඔහු යවනවා පූජිත් ජයසුන්දර පොලිස්පතිතුමාටත්, ඒ වගේම රවි සෙනෙවිරත්න මහත්මයා, ඒ වෙලාවේ අපරාධ විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානියා විදිහට. නමුත් මේ ලිපිය බලන්නේ සහ ඒකට අවශ්‍ය කරන පියවර අරන් තියෙන්නේ 16 වැනිදා. ඒ කියන්නේ 09 වැනිදා ඉඳලා දවස් ගණනාවක් මේ ලිපිය රවි සෙනෙවිරත්න මහත්මයාගේ මේසය උඩ හෝ කොහේ හරි තිබිලා තියෙනවා. ඒ වගේම 18, 19, 20, විශේෂයෙන්ම මේ 18 වැනිදා කාත්තන්කුඩියේ පෙරහුරුවක් තිබුණා අපි කවුරුත් දැනට දන්න කාරණයක්. ඒ අනුව කාත්තන්කුඩියේ බෝම්බ පිපිරීම් පිළිබඳ ඒ 18 වැනිදා වුණු එක සම්බන්ධව 19 වැනිදා වාර්තාවක් යවනවා. ඒ වගේම 20 වැනිදා සහරාන්ගේ ළඟම ඉන්න අයගේ නම් 14 දෙනෙක්ගේ නම් පූජිත් ජයසුන්දර මහත්මයාටත් රවි සෙනෙවිරත්න මහත්මයාටත් යවනවා. ඒ වගේම අප්‍රේල් 20 වැනිදා, ඒ කියන්නේ 21 වැනිදාට එක දවසකට කලින්, ඔහු මෙන්න මෙහෙම තැන් අටකට පහරදීමක් සිද්ධ වෙන්න තියෙනවායි කියලා තොරතුරු ටික යවනවා. ඒ වගේම ඒ තොරතුරු ටික යවනකොට, පූජිත් ජයසුන්දර මහත්මයාට, හේමසිරි ප්‍රනාන්දු ආරක්ෂක ලේකම්තුමාට, රවි සෙනෙවිරත්න මහත්මයාට, නන්දන මුණසිංහ මහත්මයාට, ලලිත් පතිනායක මහත්මයාට, විශේෂයෙන් දුරකතනයෙන් දැනුම් දෙනවා මෙන්න මෙහෙම සිද්ධියක් සිද්ධ වෙන්න පුළුවන් කියලා. ඒ විතරක් නෙමෙයි, වට්ස්ඇප් පණිවුඩයක් අරිනවා රවි සෙනෙවිරත්න මහත්මයාටත්, පූජිත් ජයසුන්දර මහත්මයාටත්, හේමසිරි ප්‍රනාන්දු මහත්මයාටත්, ජාතික බුද්ධි ප්‍රධානියා වන සිසිර මෙන්ඩිස් මහත්මයාටත්.

ඒ වගේම හේමසිරි ප්‍රනාන්දු මහත්මයාට, පූජිත් ජයසුන්දර මහත්මයා මේක සීරියස් ගන්නෙ නැහැයි කියලා, ඒ වගේම වට්ස්ඇප් පණිවුඩයකින් ඔහු මේක දානවා. ඒ වගේම හේමසිරි ප්‍රනාන්දු මහත්මයා අවසානයේ වට්ස්ඇප් පණිවුඩයක් එවනවා ‘ඉන්ෆෝම්ඩ් අයි.ජී.පී. ඔන් යුවර් ඇඩ්වයිස්’, මෙන්න මෙහෙම එකක් එවනවා. ඊළඟට රවි සෙනෙවිරත්න මහත්මයා එවනවා ‘තෑන්ක්ස් නිලන්ත’ කියලා ඔහු යවපු වට්ස්ඇප් පණිවුඩයට පිළිතුරක් යවනවා.

ඒ වගේම, හවස මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඊට පස්සෙ ජනවාරි 30 වැනිදා ගත්තම, අන්තවාදීන් 129 දෙනෙක්ගේ ලැයිස්තුවක් අරිනවා. මේ සියලු නම් මේකෙ තිබෙනවා. විශේෂයෙන්ම සහරාන්ගේ, ජමීල්ගේ, නවුෆර්, හාදියා, සාරා ජැස්මින්, හස්තුම් යන අයගේ නම් ඔක්කොම ඇතුළත් කරලා නම් 129ක් යවනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ ක්‍රියාවලිය ඉදිරියට යනකොට ඇත්තටම මේ තොරතුරු පොත් මකපු නිලධාරියෙකුටත් තිබෙන්නේ ඔහුට ඇත්තටම ඉන්ක්‍රිමන්ට්ස්, නැත්නම් පඩි වැඩිවීම් කපලා දාන එක විතරයි තිබෙන්නේ. ඒ පොලිස් නිලධාරියා දැන් සේවය කරනවා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් විදිහට, සංජීව බණ්ඩාර මහත්මයා. මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව ලබලා දීපු තොරතුරු වෙනස් කරයි කියන චෝදනාව මත.

මේ ක්‍රියාවලිය තුළ පොලිස් කොමිසම, මේ තොරතුරු ලබලා දුන්න හත්දෙනෙක් ඉන්නවා. ඒ අය ගැන කිසිම පරීක්ෂණයක් කරන්නේ නෑ. විශේෂයෙන් මම කියන්න කැමැතියි, බුද්ධි තොරතුරු කියන්නේ සාමාන්‍යයෙන් බුද්ධි තොරතුරක් මත තීරණ අරගෙන යම්කිසි කෙනෙක් අත්අඩංගුවට ගන්නවා මිසක බුද්ධි තොරතුරු දෙන කෙනාට එහෙම බලයක් නෑ. මොකද හේතුව, ඔහුට කියන්න පුළුවන් මෙන්න මෙහෙම තොරතුරක් තියෙනවා, මෙන්න මෙවැනි තත්ත්වයක් සිද්ධ වෙන්න පුළුවන්, මෙන්න මෙතැන පහර දීමක් සිද්ධ වෙන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. නමුත් ඒකට අවශ්‍ය කරන කටයුතු ටික කරන්න ඕනෙ, ඒ අදාළ අත්අඩංගුවට ගැනීම් කරන්න ඕනෙ නිලධාරීන්, ඒ වැඩකරන්න තියෙන ඩී.අයි.ජී. මහත්වරු ඇතුළු ඒ පොලිසියේ ඉතිරි අය තමයි ඒ ක්‍රියාදාමය කරන්නේ. මොකද තොරතුරක් ලැබුණාම බුද්ධි අංශවලින් ඒ අය අතේ තුවක්කු තියාගෙන හැමතැනම ඇවිදින්නේ නෑ. ඔවුන් කරන්නේ තොරතුරු එකතු කිරීම සහ බුද්ධි අංශවලින් ගන්න තොරතුරු, ඒ අදාළ ස්ථානවලට බෙදාහැරීමක් පමණයි.
හැබැයි දැන් මේ ක්‍රියාමාර්ගය තුළ, විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවක් දෙනවා, කරුණු ගණනාවක් මත. මෛත්‍රිපාල සිරිසේන මහත්මයාට මිලියන 100ක වන්දියක් ගෙවන්න. ඒ වගේම පූජිත් ජයසුන්දර මහත්මයාට සහ නිලන්ත ජයවර්ධන මහත්මයාට මිලියන 75 ගානේ ගෙවන්න. ඒ වගේම මිලියන 50 ගානේ ගෙවන්න හේමසිරි ප්‍රනාන්දු මහත්මයාට, ඊළඟට සිසිර මෙන්ඩිස් මහත්මයාට මිලියන 10 ගානේ ගෙවන්න සහ මිලියනයක් ගෙවන්න රජයට, මේ විපතට පත් වූ වින්දිතයන් වෙනුවෙන් වන්දි ගෙවීම සඳහා.
දැන් අද මේ මුදල් ඔවුන් ගෙවා දමා තිබෙන්නේ. ඊට අමතරව, අවසානයේ 11 වැනි කාරණය විදිහට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වන කාරණය තමයි, මේ නිලන්ත ජයවර්ධන මහත්මයාට විරුද්ධව අවශ්‍ය කරන පියවර ගන්න කියලා, විශේෂයෙන්ම විනය පරීක්ෂණයක් තියලා.

ඒ අනුව අතිරේක ලේකම්වරු තුන්දෙනෙක්ගෙන් යුක්ත විනය පරීක්ෂණයක් තිබෙනවා. මේ සම්බන්ධව මේකෙ ප්‍රධානියා විදිහට වැඩ කරන්නෙ ධම්මික මුතුගල මහත්මයා. මේ ක්‍රියාවලිය තුළ ඔවුන්ගේ තීරණය ඔවුන් දැනුවත් කරනවා, විශේෂයෙන්ම 2023.01.12 තමයි මේක ප්‍රකාශයට පත් කරන්නේ. ඒ කමිටුව පත් කරන්නේ 2023.02.28, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා විදිහට වැඩ කරපු ධම්මික මුතුගල මහතාගේ සභාපතිත්වයෙන් යුක්තව තමයි මේ කමිටුව පත් කරන්නේ. ත්‍රිපුද්ගල කමිටුවක්. එතකොට ඒකෙදි ඔවුන් කියන කරුණු ගණනාවක් තිබෙනවා. මේ පොලිස් කොමිසම අන්න ඒවා ටික ක්‍රියාත්මක කරන්න. මොකක්ද ඒකෙ කියන්නේ? ඒ මූලික විමර්ශන වාර්තාවට අනුව, ඔවුන් ප්‍රකාශ කරන එක කාරණයක් තමයි, රටේ අතිශයින් වැදගත් තනතුරක් වන ජාතික බුද්ධි ප්‍රධානියා වෙත විධිමත්ව නිකුත් කරන ලද රාජකාරි ලැයිස්තුවක් නොමැති බැවින්, රාජකාරි ලැයිස්තුවක් ලබාදීමට කටයුතු කරන ලෙස ආරක්ෂක ලේකම්වරයාට දැනුවත් කිරීම සුදුසුයි කියලා, කියලා තියෙනවා. ඒ කියන්නේ බොහොම පැහැදිලියි, රාජකාරි ලැයිස්තුවක් නැතුව රාජකාරියක් පැහැර හරින්න බෑ. ඇත්ත වශයෙන් මේක තමයි තියෙන ප්‍රධානම කාරණය.

ඊළඟට, මේකේ අනිත් කාරණා විදිහට දානවා, මේ අයුරින් ක්‍රමානුකූලව බුද්ධි තොරතුරු වාර්තා කිරීමක් පිළිබඳ තොරතුරු නොමැති බවත්, එනමුත් කිසිදු අධ්‍යක්ෂවරුන්ට රාජකාරී පැහැර හැරීම සම්බන්ධයෙන් අවම වශයෙන් චෝදනාවක් එල්ල කර ඇති බවට ඉතිහාසයේ සාක්ෂි නොදරන බව. විශේෂයෙන්ම මේ කියන්නේ, යුදමය වාතාවරණය තුළ, මේකෙ බොහොම පැහැදිලිව කියනවා, යුදමය වාතාවරණයක් පැවැති සමයේ ශ්‍රී ලංකාව තුළ පිපිරීම් රාශියක් සිදුව ඇති බවත්, ඒ කිසිදු අවස්ථාවක මේ අයුරින් ක්‍රමානුකූලව බුද්ධි තොරතුරු වාර්තා කිරීමක් පිළිබඳ තොරතුරු නොමැති බවත්, එනමුත් කිසිදු අධ්‍යක්ෂවරුන්ට රාජකාරී පැහැර හැරීම සම්බන්ධයෙන් අවම වශයෙන් චෝදනාවක් එල්ල කර ඇති බවට ඉතිහාසයේ සාක්ෂි නොදරන බව. මොකක්ද ඒ කියන්නේ? මෙවැනි බුද්ධි තොරතුරු ප්‍රමාණයක් ලංකාවේ තිබිච්ච කිසිම පිපිරීමක ලබලා දුන්නෙ නැහැයි කියන එකයි මේ කියන්නේ.

ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? ඉතිහාසයේ සිද්ධ වුණු බෝම්බ පිපිරීම්, අපි දන්නවා මහ බැංකුවට ගැහුවා, හැමතැනකම පහරදීම් සිද්ධ වුණා, විශාල බෝම්බ පිපිරීම් සිද්ධ වුණා, ඒ එකකවත් මෙවැනි බුද්ධි තොරතුරු ප්‍රමාණයක් ලබලා දුන්නේ නැහැයි කියන එක තමයි මෙම වාර්තාවෙන් කියන්නේ. එතකොට නිලන්ත ජයවර්ධන මහත්මයා වැඩේ හරියට කරලා තියෙනවා කියන එක තමයි මේකේ අවසාන නිගමනය බවට පත්වෙන්නේ.’

NewsCenter.lk

SendShareShare
Previous Post

අද ප්‍රසිද්ධියේ අපහාස කරනවා! ගුරුවරුන්ගේ වටිනාකම දැනගෙන හිටියේ අනුරද-සජිත්ද? VIDEO I Sri Lanka Latest News

Next Post

නාමලුයි නෝනයි ඉරාජ්ගෙ සිංදු අහන්න පෝර්ට් සිටි එකට ගිහින්! කොහොමද දෙන්නා දාන ඩාන්ස් එක!!! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.