ජනාධිපති පොදු සමාව අවභාවිතා කරමින් පසුගිය වෙසක් පෝය දා මුදාහැර සිටි සැකකරුට වසර 7ක සිර දඩුවම නියම කර තිබෙනවා. අනුරාධපුර බන්ධනාගාරයෙන් මුදාහැර සිටි, අතුල තිලකරත්න නමැති සැකකරු, තවත් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වසර හතකට සිර දඩුවමකට යටත් කිරීමට අනුරාධපුර මහාධිකරණය පසුගිය බදාදා දිනයේ දී පියවර ගෙන ඇති බව සඳහන්.Sri Lanka Latest News
මූල්‍ය සමාගමක කළමණාකාරවරයෙකු ලෙස කටයුතු කරමින්, රුපියල් මිලියන 3.5 ක මුදලක් වංචා කිරීම ඔහුට එල්ල වී තිබෙන චෝදනාවයි. සැකකරුට එරෙහිව තවත් මූල්‍ය චෝදනා හයකට අදාලව අනුරාධපුර මහාධිකරණයේ නඩු පවරා තිබෙන අතර, එම නඩු තීන්දු මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.
ඊට අමතරව, අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ තවත් නඩු 22 ක් ඔහුට එරෙහිව ඇසෙමින් පවතීනවා. එම නඩුව පවරා ඇත්තේ, ඔහු විසින් සිදු කර ඇති බවට වාර්තා වන රුපියල් මිලියන පන්සියය ඉක්ම වූ මූල්‍ය වංචා සම්බන්ධයෙනුයි.










