මහනුවර ශ්‍රි දළදා මාළිගාවේ වාර්ෂික ඇසල පෙරහර මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරමින් අළුත් නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ සිට අලි ඇතුන් සහිත පෙරහැරකින් මහනුවරට වැඩම කරවූ කප මහනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ තැන්පත් කෙරිණි.Sri Lanka Latest News
ඇසල පෙරහර කප ශ්‍රි විෂ්ණු මහා දේවාලයේ තැන්පත් කිරීමේ අවස්ථාවට බස්නායක නිළමේ මහීන්ද්‍ර රත්වත්තේ මහතා මහනුවර ශ්‍රී කත්‍රරගම දේවාලයේ බස්නායක නිළමේ දමින්ද උඩුරාවණ මහතා ඇතුළු දේවාලයේ කපු මහත්වරුන් අළුත් නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ භාරකාර දම්සිරි කරුණාරත්න යන මහත්වරුන් ඇතුලු බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටියහ.
ශ්‍රි විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිළමේ මහීන්ද්‍ර රත්වත්තේ මහතා විසින් පූජෝපහාර දක්වා භාර ගත් පෙරහර කප දේවාලයේ තැන්පත් කෙරුණු අතර එම කප ඊයේ 24 පස්වරුවේ සිව් මහා දේවාල වලට බෙදා දීමෙන් අනතුරුව අද 25 පෙරවරුවේ යෙදෙන ශුභ නැකතට 2025 ඇසල පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම සිදු කෙරේ.



කැන්ඩි ප්‍රයිම් නිව්ස්










