ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ නගර සහ කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ගම් තුනක පවුල් 1000ක් අක්කර 800ක් වසර 53ක් වී, බඩ ඉරිගු, බණ්ඩක්කා කොමඩු සහ රට ඉදි වගා කරන බවත් මෙ සදහා වැව් ද නිර්මාණය කර ඇති බවත් මේ ගොවිතැනේ නියැළෙන ජනතාවට පසුගිය වසරවල විවිධ ආණ්ඩු පොහොර සහනාධාරය පවා දුන්නත් 2023 සිට වරාය අධිකාරිය වගා කටයුතු අවහිර කර තහංචි පනවා 2024 අගෝස්තු මස සිට නඩු දමා 2025 පෙබරවාරි මස සිට අධිකරණ නියෝග මත ගොවි ජනතාව ඉවත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
අවස්ථා ගණනාවකදී තමන්ගේ වගා බිම්වලට බලපත්‍ර ඔප්පු ඉල්ලා සිටියත් ප්‍රාදේශීය ලේකම් වරයා එයට අවසර නොදුන්නත් මේ මොහොත වන විට සූර්ය බලශක්ති සමාගම් දෙකකට මෙම වගා භූමියෙන් අක්කර 200ක් ලබා දී සූර්ය බලශක්ති බලාගාරයක් ක්‍රියාත්මක බවත් රට තුළ පුනර්ජනනීය බලශක්තිය ඇති කිරීමට එකග වුවත් වසර 53ක වැව් ඉදිකර වගා කළ ගොවි බිම්වල වන්දි සහන විකල්ප නොදී මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද Citizen voice වැඩසටහන සදහා පැමිණි ත්‍රීකුණාමලය මුත්තු නගර්හි ගොවියන් පිරිසක් සමග විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකදීය
මේ ඉඩම් වගා කටයුතුවලට ලබා දිය නොහැකි නම් වාරි පහසුකම් සහිත විකල්ප ඉඩම් දිය යුතු බවත් සෝලාවලට අක්කර 100ක් අවශ්‍ය වුවත් අක්කර 200ක් බලෙන් ලබා ගන්න හදන බවත් අහිමි වන ඉඩම් වලට වන්දි ලබා දී සෙසු ඉඩම්වල වගා කිරීමට අවසර දිය යුතු බවත් වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ගොවියා සුරකිනවා කිව්වත් රජය මේ ආකාරයෙන් ගොවියන්ගෙන් ඉඩම් උදුරා ගැනීම අනුමත කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජයේ මැති ඇමතිවරුන් පවා මැතිවරණ වේදිකාවේ මෙම භූමිය රැකදෙනවා කියා පොරොන්දු වුවත් අද එම පොරොන්දු එකින් එක කඩ කර ඇති බවත් එම නිසා පාසලක් කෝවිල් දෙකක් වැව් අමුණුු සහිත මෙවැනි වගා බිම් උදුරා ගැනීමට ඉඩ දිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
දැනටමත් මුත්තුනගර් කුළම් වැව සමතලා කර විනාශ කර ඇති බවත් වැව් 4න් 3ක් පමණක් අද වන විට ඉතිරිව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.














