දශක ගණනාවක් කලා කෙත වෙනුවෙන් සිය ජීවිතයම කැප කළ ආදරණීය රංගන ශිල්පිනියක් හෝ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මිය පසුගියදා ජීවන ගමනට සමුදුන්නා.ඇය ජීවිතෙන් සමු ගත්තත් ඇයගේ මතක තාමත් අමරණීයයි.Sri Lanka Latest News
ඒ අනුව ශ්රී ලාංකේය සිනමාවේ නිළි රැජිණ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනි මාලනී ෆොන්සේකා මහත්මිය පිළිබඳ ශෝක යෝජනා විවාදයක් පාර්ලිමේන්තුවේදී ලබන 25 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (8)තීරණය කළේය.
මීට අමතරව අභාවප්රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන ආර්. සම්පන්දන්, අබේරත්න බණ්ඩාර හේරත් පිලපිටිය, ඩබ්.බී ඒකනායක සහ ලකී ජයවර්ධන යන මහත්වරුන් පිළිබඳ ශෝක යෝජනා විවාදද එදින පැවැත්වේ. විවාදය එදින පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා පැවැත්වීමට නියමිතය. මාලනී ෆොන්සේකා මහත්මිය පසුගිය මැයි මස 23 වැනිදා අභාවප්රාප්ත වූවාය. කොළඹ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටි ඇය මිය යනවිට 78 වැනි වියේ පසුවූවාය.










