මීළඟ අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ගේ නම නිර්දේශ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට (CC) දැනුම්දීමක් කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.Sri Lanka Latest News
අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු වයස අවුරුදු 65 සම්පූර්ණ කිරීමෙන් පසු ජූලි 27 වන දින විශ්‍රාම යාමට නියමිතයි. ඇය සිකුරාදා (25) ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ සමුගැනීමේ කතාවක් කිරීමට නියමිතයි.
මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන බදාදා (23) රැස්වීමට නියමිතය.










