අද වන විට ගොවියාට කලට වේලාවට පොහොර නොලැබෙන බවත් තමන්ගේ අස්වැන්නට නිසි මිලක් නොමැති බවත් කෘෂි උපකරණවල මිල වැඩි වී ඇති මොහොතක ගොවියා සුරකිනවා කියන ආණ්ඩුව ආර්ථික මධ්‍යස්ථාන කුණු කොල්ලයට විකුණා කන පෞද්ගලීකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න සුදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද තඹුත්තේගමදී සමගි ජන බලවේගයේ කලාව ආසනයේ තලාව ප්‍රාදේශීය බලමණ්ඩලය අමතමිනි
එදා පොහොර, තෙල් දෙන බවත් ආඩම්බරකාර ජීවිතයක් ගත කරන්න ගොවියාට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කර වී වලට අණපනත් හරහා සහතික ස්ථාවර මිල නිත්‍යානුකූලව ලබා දෙන බවට පැවසූ බවත් අලි මිනිස් ගැටුමට විසදුම් ලබා දෙනවා කිව්වත් අද වන විට මිනිස් ජීවිත හා අලින්ගේ ජීවිත පවා අහිමි වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පරිසර හිතකාමී කියු ආණ්ඩුව යටතේ අලි කීයක් මැරෙනවද
වගා හානි ජීවිත හානි දේපලහානිවලට වැඩපිළිවෙළක් නොමැති බවත් පරිසරවේදී කිව්වද අද වන විට ගොවියාත් වන සතුනුත් විනාශ වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රටේ ප්‍රශ්න විසඳන්න බැරිව කොහොමද රට ඉදිරියට ගෙන යන්නේ
අද වන විට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ අධි ශීතකරණ යන්ත්‍ර අද ක්‍රියාවිරහිත බවත් ලංකාවේ ප්‍රධාන රෝහලේ මේ ගැටලු ඇති බවත් මේවා පිළිසකර කළ නොහැකි ආණ්ඩුවට රටක් ඉදිරියට ගෙන යා නොහැකි බවත් ලුණු ටිකවත් දෙන්න බැරි රජයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
IMF එකට බයේ විදුලි බිලත් තෙල් මිලත් මේ රජය වැඩි කළ බවත් තෙල් මිල සූත්‍රය විදුලි බිල සූත්‍ර ආදිය ඉවත් කරනවා කිව්වත් අද එය කළ නොහැකි වී ඇති බවත් අධික බදු බරත් මේ වන විට රටෙ ඇති බවත් ගොවියාට අවශ්‍ය උපකරණ පවා අද නොලැබෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
කන්ටේනර් 323 නිදහස් කරල දැන් බොරු කියනවා
රටේ සෑම තැනකම ගැටලු ඇති බවත් කන්ටේනර් 323ක් අනීතිකව නිදහස් කර දැන් රටට බණ කියමින් බොරු කියමින් යන බවත් පාසල් පද්ධතිය විනාශ කරන අධ්‍යාපණ ප්‍රතිසංස්කරණ පවා ක්‍රියාත්මක කරන බවත් මේ විනාශකාරී ප්‍රතිපත්තිවලට විරුද්ධව නැගී සිටින බවත් එයට සමගි ජන බලවේගය නායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
ජනතාව වෙනුවෙන් අපි ඉන්නවා
වර්තමානයේ ජනතා විමුක්ති පෙරමුණ රජය ජනතාවාදී ගොවියා සුරකින රටක් හදනවා කියා අද IMF කොන්දේසියට රට යටපත් වී රූකඩ ආණ්ඩුවක් බිහි ව ඇති බවත් ජනතා විරෝධී ජනතාව වළපල්ලට ඇද දමන ජන ජීවිත විනාශ කරන මේ ක්‍රියාදාමවලට විරුද්ධ වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අද වන විට පාර්ලිමේන්තුවේ පවා ප්‍රශ්න නගන්න බාධා කර ඇති මුත් එයට බිය නොවී ජනතාව වෙනුවෙන් කළ හැකි උපරිම සටන කරමින් උපරිම යුතුකම ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.


























