කෑගල්ල, ගලිගමුව ප්‍රදේශයේ බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදුවු බිහිසුණු අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු පමණ පිරිසක් තුවාල ලබා තිබේ.Sri Lanka Latest News
පොලීසිය පැවසුවේ, අද (21) අලුයම 5ට පමණ වේරගොඩැල්ල සිට කෑගල්ල දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් සහ කෑගල්ල සිට රත්නපුරය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් එලෙස එකිනෙක ගැටී අනතුර සිදුව ඇති බවය.
තුවාලකරුවන් මේ වනවිට කෑගල්ල සහ වරකාපොළ යන රෝහල්වලට ඇතුළත් කර තිබේ.










