මැතිවරණ සමයේදී ජනතාවට දුන් ප්‍රධාන පොරොන්දුවක් වූ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ආණ්ඩුවේ අවධානය මේ වනවිට යොමුව ඇති බව විශ්වාසකටයුතු ආරංචි මාර්ගවලින් අනාවරණ වේ.Sri Lanka Latest News
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණයට පෙර රට හමුවේ ප්‍රසිද්ධියේ දුන් පොරොන්දුවක් වූයේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කටයුතු කරන බවත්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට හඳුන්වා දෙන බවත්ය.
නමුත් මේ වනතෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත්කිරීමක් හෝ ඊට අදාළ මූලික කටයුතු සම්පාදනය කිරීමක් සිදුව නොමැත.
එවැනි පසුබිමක් යටතේ ජනාධිපතිවරයා විසින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් ගෙන ඒමට සූදානමින් සිටින බව දැනගන්නට තිබේ.










