• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ ශාස්ත්‍රීය සංගීතයක් නෑ! එක ශාස්ත්‍රීය ගීතයක් නෑ! ආ… ආ… කියලා ඇද්දට ශාස්ත්‍රීය වෙන්නේ නෑ! ඉන්දියාවේ ගිහින් ශාස්ත්‍රිය සංගීතය හදාරපු තරුණ පරපුරේ සංගීතඥ හේෂාන් ගමගේ කියන මේ ශාස්ත්‍රීය කතාව අහන්න! VIDEOI Sri Lanka Latest News

July 21, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ලංකාවේ ශාස්ත්‍රීය සංගීතයක් නෑ! එක ශාස්ත්‍රීය ගීතයක් නෑ! ආ… ආ… කියලා ඇද්දට ශාස්ත්‍රීය වෙන්නේ නෑ! ඉන්දියාවේ ගිහින් ශාස්ත්‍රිය සංගීතය හදාරපු තරුණ පරපුරේ සංගීතඥ හේෂාන් ගමගේ කියන මේ ශාස්ත්‍රීය කතාව අහන්න! VIDEOI Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ශාස්ත්‍රීය සංගීතයක් හෝ ශාස්ත්‍රීය ගීත නොමැති බව නව පරපුරේ සංගීතඥයකු වන හේෂාන් ගමගේ මහතා පවසනවා. හේෂාන් ගමගේ කියන්නේ ඉන්දියාවේදී ශාස්ත්‍රීය සංගීතය ඉහළටම හදාරපු තරුණයෙක් Asianmirror.lk සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු දැක්වූ අදහස් පහත පළවේ. Sri Lanka Latest News

‘මම කියනවා ලංකාවේ එක ශාස්ත්‍රීය ගීතයක්වත් නෑ. ඒකට හේතුව, ශාස්ත්‍රීය ගීත වෙන්නේ රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන්ස් (Rules and Regulations) තියෙන කොම්පොසිෂන් (composition) එකකට විතරයි. ඔන්න මම පොයින්ට් එකකට ආවා.

එතකොට ඒවා නිර්මාණය වෙලා තියෙන්නේ අවුරුදු බර ගානක් තිස්සේ ඇවිල්ලා ඇවිල්ලා, රිසර්ච් කරලා කරලා කරලා, මෙන්න ස්කේල් එක, මෙන්න කියන වෙලාව, මෙන්න මේකේ ගන්න පුළුවන් නෝට්ස්, මෙන්න මේ ඔමිට් කරන නෝට්ස්… ඊට පස්සේ මේක තමයි මේ චරිත ලක්ෂණ කියලා ඒ රාගවලට හැදෙනවා. එක රූපයක් හදනවා.
දැන් සින්දු එහෙම හදන්න බෑනේ. සින්දුවල එහෙම එකක් නෑ. මට ඔයා දැන් වචන ටිකක් දුන්නොත්, මම දැන් මෙලඩි එකක් දානවා. දැන් බර වචන ටිකක් ඔයා දෙන්න, මම දැන් මෙලඩියක් දානවා. බර නෝට්ස් ටිකක් දාලා, ඕනෙ නම් මම රාගයක ස්කේල් එකකින් ගන්නවා. ඒක ශාස්ත්‍රීය ගීතයක් වෙන්නේ නෑ.

දැන් මේක අනිවාර්යයෙන්ම අපේ කට්ටිය තේරුම් ගන්න ඕනෙ දෙයක්. එතකොට ගොඩාක් ළමයි අපි ළඟට ඇවිල්ලා කියනවා, ‘සර්, මම කියන්නේ ශාස්ත්‍රීය ගීත’ කියලා. ඒ මොනවද කියලා ඇහුවාම, ඒගොල්ලෝ උත්තර දෙන්නේ ශාස්ත්‍රීය විදියට ඉන්න අයගේ ගීත තමයි ඒගොල්ලෝ ශාස්ත්‍රීය ගීත කියලා දාලා තියෙන්නේ. ඒ කියන්නේ ශාස්ත්‍රවන්තයෝ වගේ පේන, ඔය අපි වගේ මේ පියර්සින් කරලා පච්ච ගහලා නැති, පිවිතුරු චරිතයක්. ඒ සින්දුවේ නිකන් ‘ආ ආ ආ’ කියල එකක් තිබ්බොත්, හරි, ‘සරිගමපධනිස’ නැත්නම් ‘ග ප ධ ප නි ධ’ වගේ මොනවා හරි වචන ටිකක් තිබ්බොත්, සහ බර වචන ටිකක් තිබ්බොත්… එතකොට අපේ ලංකාවට වැරදිලා තියෙන තැන කොතැනද දන්නවද? දැන් මේ ශාස්ත්‍රීය විදියට හැදිලා තියෙන ගීතවල, එක එලිමන්ට් එකක් තියෙනවා. මොකක්ද දන්නවද? ස්කේල් එක. ස්කේල් එක තමයි අරන් තියෙන්නේ. අපි හිතමු ‘හංස රාජිනී’ එකේ අරන් තියෙන්නේ අපි හිතමු මාල්කවුන්ස් කියන ස්කේල් එක. මාල්කවුන්ස් ස්කේල් එකේ තියෙන්නේ සා, ගා, මා, ධා, නී, සා නෝට්ස් පහයි. එතකොට ස්කේල් එකකට අවම තියෙන්න ඕනේ පහයි නෝට්ස්.

එතකොට ඒ ස්කේල් එක විතරයි අරන් තියෙන්නේ. දැන් රාගයක් කම්ප්ලීට් වෙන්න එලිමන්ට්ස් ගොඩක් ඕනේ. සහ ඒ භාෂාව තියෙන්නත් ඕනේ. හරිම කනඅගාටුයි කියන්න, සමහරක් රාග හදලා තියෙනවා සිංහල වචන දාලා. කිසිසේත්ම විය නොහැකියි. සිංහල වචන දාලා රාග හදන්න බෑ. කැතයි ඒක. ගැළපෙන්නෙම නෑ. අඹ දෙල් වගේ.
එතකොට දැන් ස්කේල් එක ගත්තා. අරන්, අපි හිතමු ‘හංස රාජිනී’ කියලා. ‘…සැලෙනා නයන යුග… මඳහස පාලා… නූපුර ජාල හඬා නද දීලා…’ කියලා කිව්වා.
දැන් ඔතැන කියන්නේ, භාවිත කරන වෝකල් කැපෑසිටි එක ශාස්ත්‍රීය නෙමෙයි. අපේ ලංකාවේ තියෙන ශාස්ත්‍රීය ගීත කියන ආවේශයක් තියෙනවා. ඒකෙ කලර් එකක් තියෙනවා. ඒ කලර්ස්වලට නෙමෙයි ශාස්ත්‍රීය ගීත සින්ග් කරලා තියෙන්නේ. ලයිට් වොයිස් එකකින්. එතකොට ක්ලැසික් වොයිස් එකක් හැදෙන්න කාලයක් යනවා. මේකට එක්කෝ වෙස්ටර්න් ක්ලැසික්, එක්කෝ ඔපෙරා, එක්කෝ මේක රාග්… ඕකේ කලර් එකක් තියෙනවා.

ඒ අය, අපේ සුනිල් එදිරිසිංහ මහත්තයා… පැණි වැක්කෙරෙන්න ගායනා කරලා තියෙනවා. අපේ එඩ්වඩ් ජයකොඩි මහත්තයා, අපේ අමරදේව මහත්තයා ඒගොල්ලෝ ගැන නෙමෙයි මේ කියන්නේ. මේ හුදෙක් කොම්පොසිෂන් එක ගැන කියන්නේ. මේක ක්ලැසිකල් නෙමෙයි. ක්ලැසිකල් නම් එලිමන්ට්ස් තියෙන්න ඕනේ. ඊට පස්සේ ක්ලැසික් වොයිස් එක යූස් කරන්න ඕනේ. මේ නාභිද්වාරා කියලා කියන්නේ, මේ හරහා එන්නේ මේක. ඒක මේ හුදෙක්ම චෙස්ට් වොයිස් එකකින් සොෆ්ට් කරලා කියන එකක් නෙමෙයි. ඒවල සංඝටක තියෙනවා. ඒක නිසා අපේ ගීත කිසිසේත්ම ශාස්ත්‍රීය වෙන්නේ නෑ. අපේ ලංකාවේ ශාස්ත්‍රීය සංගීතයකුත් නෑ. උත්තර ටික කියන්නම්. කරුමෙටම හැදිලා නැහැ. ඊට පස්සේ ශාස්ත්‍රීය ගීතත් නෑ. ශාස්ත්‍රීය ගීතවලට අරන් තියෙන්නේ එක එලිමන්ට් එකක් වගේ තමයි. ඒ ස්කේල් එක. ස්කේල් එක අරන් පොඩි චරිත ලක්ෂණ ටිකක් පෙන්නුවා කියලා ඒක ශාස්ත්‍රීය ගීතයක් වෙන්නේ නෑ.’

එම අදහස් දැක්වීම ඇතුළත් වීඩියෝව පහතින් බලන්න.

Asianmirror.lk

SendShareShare
Previous Post

ටියුෂන්වලටත් හරිනි ෂොට් එක දෙන්නයි යන්නේ! VIDEO I Sri Lanka Latest News

Next Post

ප්‍රේමදාසගෙ ඉංග්‍රීසි! Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.