• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගල්මුල් සහ මුල්ගල්! Sri Lanka Latest News

July 19, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ගල්මුල් සහ මුල්ගල්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මුල්ගල් තියෙන එක පහුගිය ආණ්ඩුවලින් ලොකුවටම කරපු දෙයක්. ඒගොල්ලො හරි ආසයි මුල්ගල් තියන්න. සමහර මුල්ගල් තිබ්බ තැන්වලම පැළවෙලා. ඒවයේ ගෙඩි හැදුණෙත් නෑ. දැන් මුල්ගල තිබ්බ තැන හොයන්න පුරාවිද්‍යා එකට එන්න කියන්න වෙන තත්ත්වයක් තියෙන්නෙ සමහර තැන්වල. සමහර තැන්වල ඛනිජ සම්පත් පිළිබඳ කැණීම් කරන සමාගමක් ගෙන්නගන්න වෙන තත්ත්වයට පත්වෙලා. මැණික් ගරන අයටත් මුල්ගල් හම්බවෙන තැනට තමයි අද රට පත්වෙලා තියෙන්නෙ. ඒකට හේතුව ඇත්තටම මේ මුල්ගල් තියෙන වැඩේ අපි කාලයක් තිස්සෙ සෙල්ලමක් වගේ කරගෙන ගියා.Sri Lanka Latest News

මුල්ගල් තැබිල්ල සෙල්ලමක් කරගත්ත දේශපාලකයන්ගෙ ජඩකම අපේ රටේ මිනිස්සු එක කාලෙක තේරුම් ගත්තා. ඉස්සර මේ මුල්ගල් තබමින්, ශිල්ප දක්වමින්, වැඩ පෙන්නපු ආණ්ඩු අපි පන්නලා දැම්මා. ඒ වෙනුවට අපි එහෙම නොකරන ගුණවත්, යහපත්, සිල්වත්, ඉතාම හොඳ ආණ්ඩුවක් බලයට ගෙනාවා. දැන් ඒ ආණ්ඩුව අර කලින් කට්ටියට හපන් වෙලා පිස්සු කෙළිනවා කියලයි අපිට පේන්නෙ. මේ කොහෙද මම දන්නෙ නෑ ඉස්කෝලෙක තට්ටු දෙකේ ගොඩනැගිල්ලක උඩ තට්ටුවට මුල්ගල තියන පින්තූරයක්ද, වීඩියෝ එකක්ද මොකක්ද එකක් සමාජ මාධ්‍යවල තියෙනවා. මේවා දැක්කම නම් ඉතින් අපිට කියන්න තියෙන්නෙ හතර හිනා කියලා තමයි. මොකද ඇත්තටම පන්තියකට හරි, ඉස්කෝලෙ තියෙන වෙනත් ගොඩනැගිල්ලකට හරි මොනවා හරි දේකට මුල්ගල තියෙනවා කියලා කියන්නෙ එකපාරයි. ආයෙ දෙවැනි තට්ටුවට එක මුල්ගලක්, තුන්වැනි තට්ටුවට තව මුල්ගලක්, හතරවැනි තට්ටුවට තව මුල්ගලක් එහෙම මුල්ගල් තියෙන සිරිතක් ලංකාවෙවත්, වෙන රටකවත් නෑ. මොන කෝලමක්ද මේ කරන්නෙ කියලා අපිට අහන්න බැරි නිසා අපි මේ එහෙම අහන්නෙ නැතුව ඉන්නම්. හැබැයි ඒ වුණාට ඉතින් ඇයි දන්නෙ නෑ එහෙම කරන්නෙ කියලා නම් අපිට ප්‍රශ්නයක් තියෙනවා. කොහොම වුණත් ඔය මුල්ගල් තියෙන එකත් දැන් කෝලමක් බවට පත්වෙලා වගේ ගතියක් පේන අතරෙ අපිට තව එකක් මතක් වුණා.

මේ ආණ්ඩුව බලයට පත්වෙනකොට කිව්වා දේශපාලකයෝ ඉස්කෝලවල කිසිම දේකට ගෙන්නගන්නෙ නෑ, දේශපාලකයෝ පාසල්වල ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගි කරවගන්නෙ නෑ කියලා. දේශපාලකයෝ සහභාගි වෙන්නෙත් නෑ කියලා. අපිට මතකයි පහුගිය කාලෙ සජිත් ප්‍රේමදාස මහත්තයා සල්ලි ටිකක් එකතු කරගෙන ඉස්කෝලවල විද්‍යාගාර අරෙහේ මෙහේ හදලා දෙන්න හදනකොට, ඉස්කෝලවලට අවශ්‍ය කරන පහසුකම් දෙන්න හදනකොට, ඉස්කෝලවලට බස් අරන් දෙනකොට ඒක දැඩි සේ විවේචනය කළා මේ මාලිමාවෙ කට්ටිය. එහෙම විවේචනය කරපු මාලිමාවෙ කට්ටිය දැන් කියනවා අනේ එහෙම තමයි කියලා. ඉස්කෝලවලට යන්න ඕනෙ කියලා, ඉස්කෝලත් එක්ක ගනුදෙනු කරන්න ඕනෙ කියලා. ‘කලකදි වහලු කලකදි රහලු’ කියලා කතාවක් අපි ගමේදී අහලා තිබුණට ඇත්තටම ඒක ප්‍රායෝගිකව මේ තරම් ඉක්මනට ඔප්පු වෙයි කියලා අපි හිතුවෙ නැහැ. පහුගිය කාලෙ පුරාම අපි දැක්කා විවිධ දේශපාලකයෝ විවිධ මට්ටම්වලින් පාසලේ තියෙන උත්සවවලට සහභාගි වෙන ආකාරය. පාසලේ තියෙන උත්සවවලට සහභාගි වෙලා ඒවාට මැදිහත් වෙලා ඒවයෙ ආරාධිතයෝ බවට පත්වෙලා තෑගිබෝග, පඬුරු පාක්කුඩම් ගන්නවා වගේ ඒවත් අපිට මතකයි දැක්කා වගේ. හැබැයි ඒ වගේ වෙලාවට කියන්න එපා මේ වෙන වැඩකට ගිය ගමන් ඉස්කෝලෙට ගොඩවුණා කියලා. මතකයි අපිට පහුගිය කාලෙ එක්තරා සම්මාන උළෙලකට ගිහිල්ලා සම්මානයක් නොදී හිටපු මහත්තයෙක් කිව්වා මම මේ සම්මාන උළෙලට ආවෙ සම්මාන දෙන්න නෙමෙයි, කොහෙද ගිහිල්ලා එන ගමන් නිකන් ගොඩවුණා. ඒ ගමන් මේ සම්මානයක් දෙන්න කිව්වා කියලා. ඒ නිසා ඉතින් සමහර වෙලාවට මේගොල්ලො මේ කොහේ හරි ගිහිල්ලා එන ගමන් නිකන් ගොඩ වුණාද දන්නෙත් නෑ ඉස්කෝලෙකට. ඒ වුණාට පහුගිය කාලෙ පුරාම අපි දැක්කා කියනවට වඩා කෙරුවාව වෙනස් බව. ඉතින් ඇත්තටම දෙවැනි තට්ටුවට මුල්ගල තියපු දේශපාලකයෝ ඉන්න ආණ්ඩුවක් එක්ක නම් අපිට මේ රට ගැන අපි දැකපු හීන හැබෑ කරගන්න බැරි වෙයි. යථාර්ථය වෙන්නෙ මීට වඩා වෙනස් එකක් කියලා දැන් අපිට තේරෙනවා.

කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි කියලා කිව්වට ඇත්තටම මෙහෙමම වෙයි කියලා අපි හිතුවෙ නෑ. කියන කියන හැම දේම කරන්න බැරි බව ඇත්ත. දේශපාලකයෝ කියලා කියන්නෙ ඇත්තටම එළියට ඇවිල්ලා කියන කතාව ඇතුළෙදි කරගන්න බැරි පිරිසක්. ඒත් බැරි දේවල් කියන්නෙ නැතුව ඉන්නත්, කිව්වෙ නැති දේවල් නොකර ඉන්නත්, කිව්ව දේවල් කරන්නත් වගකීමක් සහ යුතුකමක් මාලිමා ආණ්ඩුවට තියෙනවා. මොකද මේ ඉන්නෙ මහින්දගෙ ආණ්ඩුවවත්, රනිල් වික්‍රමසිංහගෙ ආණ්ඩුවවත්, ගෝඨාභයගෙ ආණ්ඩුවවත් නෙමෙයි. ඒගොල්ලො ගැන අපිට කතාකරන්න දෙයක් ඉතිරි වෙලා නෑ. ඒගොල්ලො නරක වැඩ කරලා කරලා කරලා අපි දන්නවා ඒගොල්ලො නරකයි කියලා. ඒ නිසයි අපි හිටපු මැති ඇමැතිවරු 50කට ආසන්න ප්‍රමාණයක් පන්නලා දැම්මෙ. එහෙම පන්නලා දාලා ගෙන්නගත්ත අලුත් මිනිස්සු හදපු ගොඩනැගිල්ලෙ දෙවැනි තට්ටුවට මුල්ගල තියෙනකොට අපි කොහොමද පාරේ බැහැලා යන්නෙ කියලා තමයි අපිට ඔබෙන් ආදරෙන් අහන්න තියෙන්නෙ.
ඇත්තටම මේ වගේ දේවල් කරන්න කලින් හොයලා බලලා, දැන හඳුනාගෙන, මේවා මොනවද කියලා තේරුම් ගන්න ඕනෙ. ඇත්තම කතාව මේ දේශපාලකයා මේක සැලසුම් කරලා නෙමෙයි. ඔහු සමහර විට දන්නෙත් නැතුව ඇති කරන්න තියෙන්නෙ මොකක්ද කියලා. ගියාට පස්සෙ තමයි වැඩේ දන්නවා ඇත්තෙ. මේ වගේ දේවල් සාකච්ඡා කරලා, සූදානම් කරන අයගෙන් තමයි අපිට ප්‍රශ්න කරන්න තියෙන්නෙ. ඒ වගේම එහෙම දේවල් හදනකොට, එහෙම දේවල් ලෑස්ති කරනකොට ඔබේ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායමවත් අඩුම තරමින් මේ ගැන සාකච්ඡා කරලා එවැන්නකට සහභාගි වෙනවද, එවැන්නකට සහභාගි වුණොත් තමන්ට ලැබෙන ප්‍රතිචාරය රට ඇතුළෙ මොන වගේ වෙයිද කියන එක ගැන යම් තීන්දු තීරණවලට එන්න. එහෙම නැත්නම් ඉතින් වෙන්නෙ අර පරණ තාලෙටම අලුත් තැටියක් වාදනය කරනවා කියලා හිතාගෙන, කියනකොට එහෙමයි, කරනකොට මෙහෙමයි කියලා හිත හදාගන්න තමයි.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

බාල-දක්ෂයෝ! Sri Lanka Latest News

Next Post

කෘෂිකර්ම ඇමැති ලාල්කාන්ත කිව්වා අද ඉඳන් අනුරාධපුර වැව් රක්ෂිතවල ගහපු හෝටල් අයින් කරනවා කියලා! මෙන්න වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති කියනවා අනුරාධපුර වැව් රක්ෂිත 22ක දේශපාලකයන් හෝටල් ගහලා කියලා! දැන් බලමු ඒ 22ම අයින් කරනවද කියලා! Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.