ඇල්ල දෙමෝදර ආරුක්කු 9 පාලම හා ඒ අවට ප්‍රදේශය සංචාරකයින්ගේ ආකර්ෂණය වැඩි කරගැනීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල එක්වී නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.Sri Lanka Latest News
ඒ යටතේ එම ප්‍රදේශය විදුලි ආලෝක පහන් දල්වා රාත්‍රී කාලයේද සංචාරකයින්ට නැරඹීමට අවස්ථාව ලබාදීම මෙහි අරමුණ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
ඒ සම්බන්ධයෙන් කළ විමසිමකදී දුම්රිය සාමාන්‍යාධිනාරි ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ එළඹෙන අගෝස්තු මාසයේ සිට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවය.
“මේක වැඩිදියුණු කරලා සංචාරක ආකර්ෂණය වැඩි කළාට පස්සේ මෙම ස්ථානය නැරඹීමට යෑමේදී යම් මුදලක් ගෙවීමට සිදුවෙයි. දේශීය සංචාරකයින් සඳහා අවම මුදලක් අය කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ.”
දුම්රිය මැදිරි යොදාගනිමින් නානුඔය දුම්රිය ස්ථානය ආසන්නයේ නිර්මාණය කර ඇති සංචාරක හෝටල් ව්‍යාපෘතිය සම්බන්ධයෙන්ද දුම්රිය සාමාන්‍යාධිනාරි ධම්මික ජයසුන්දර මහතා අදහස් පළ කළා.
“මේක සකස් කරලා තියෙන්නේ සංචාරකයින්ට අලුත්ම අත්දැකීමක් ලබා දෙන්න. අගෝස්තු මාසයේ මුල වෙනවිට මේක සංවර්ධනය කරලා සංචාරකයින් සඳහා විවාත කරන්න බලාපොරොත්තු වෙනවා.”











