• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හරීන් මාස 15කට පසු පාස්කු ප්‍රහාරයේ රහසක් පළමු වරට හෙළිකරයි (රාජ්‍ය රහස්)

July 6, 2020
in Exclusive
Reading Time: 7 mins read
A A
හරීන් මාස 15කට පසු පාස්කු ප්‍රහාරයේ රහසක් පළමු වරට හෙළිකරයි (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

2019 වසරේ කතෝලික දේවස්ථාන කිහිපයක් ඉලක්ක කරගෙන එල්ල වූ පාස්කු ප්‍රහාරය මුල්කරගෙන ඒ අවදියේ අහේතුකව බරපතළ අසීරුතාවයකට මුහුණ දුන් දේශපාලකයෙක් වෙතොත් ඒ වෙන කවුරුවත් නොව හරීන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයාය. එවක පැවැති ආණ්ඩුවේ යම් යම් ඇමැතිවරුන්ට පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ලවුවද හරීන්ට එල්ලවූයේ එවැනි චෝදනාවක් නොව, පාස්කු ප්‍රහාරය සිදුවන බවට දැනගෙන එය වගකිවයුත්තන්ට දැනුම් නොදුන් බවට වූ චෝදනාවක්ය. එයද හරීන් සිය අවංකත්වය ප්‍රදර්ශනය කිරීමට ගොස් ඉල්ලන් කෑ හා සමාන සිදුවීමක් විය. මන්ද යත් හරීන්ගේ පියා එවක රෝහල්ගතව සිටි අතර අසල සිටි පොලිස් නිලධාරියකුගෙන් මෙවැනි ප්‍රහාරයක් එල්ලවනු ඇති බවට තොරතුරු දැනගෙන තිබිණ. ඒ අනුව හරීන්ගේ පියා හරීන්ට එය දැනුම්දුන් නමුත් ප්‍රහාරය එල්ල වන විටත් හරීන් සිටියේ බදුල්ලේ දේවස්ථානයක දේව මෙහෙයකට සහභාගි වෙමිනි. කෙසේ වුවත් හරීන්ට අවශ්‍යව තිබුණේ තම පියා පොලිස් නිලධාරීන්ගෙන් එම තොරතුර දැනගත්තා නම් පොලිසිය ඒ පිළිබඳව නොදැන සිටියා විය නොහැකි බව රටට කියන්නටය. නමුත් අවසානයේදී සිදුවූයේ විපක්ෂයේ දේශපාලකයනුත්, ඇතැම් වගකිවයුතු පාර්ශ්වත් හරීන්ගේ මෙම ප්‍රකාශය දඩමීමා කරගෙන උඩ පැන පැන හරීන්ට තැලීමය.

මැදිරිගිරියේදී කළ ආන්දෝලනාත්මක කතාව

මීට මාස 15කට පෙර සිදුවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් හරීන් නැවැත වරක් සිය මතකය අවදි කළේ මීට සතියකට ඉහතදී පොළොන්නරුවේදීය. එහිදී මැදිරිගිරියේ පැවැති රැස්වීමකට සහභාගි වෙමින් හරීන් කියා සිටියේ මේ සිදුවීම මුල්කරගෙන තමන් විශාල අපහසුතාවකට මුහුණ දුන් බවත්, අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් මේ සිදුවීම හරහා දේශපාලනය කළ බවත්, ඒ හේතුවෙන් ඉකුත් ජනාධිපතිවරණයේදී සිය අපේක්ෂකයා වූ සජිත්ට විශාල හානියක් සිදුවූ බවත්ය. ඒ පිළිබඳව තර්කානුකූල විග්‍රහයක් කිරීමටද හරීන් මෙහිදී පියවර ගත්තේය.

කතාවෙන් කෑල්ලක් අල්ලගෙන යුද්ධයක්

කෙසේ වෙතත් හරීන් විනාඩි 45ක් පුරා කළ මෙම කතාවේ අගරදගුරුවරයා සම්බන්ධයෙන් කළ තත්පර කිහිපයක ප්‍රකාශය පමණක් උපුටා දක්වමින් ඒ අවස්ථාවේදීම එක්තරා පෞද්ගලික නාළිකාවක් විකාශය කළේ හරීන් අගරදගුරුවරයා ඉලක්ක කර දැඩි විවේචනයක් එල්ල කළ බවට අනාවරණය කරමිනි. හරීන්ගේ මෙම කොටස මොහොතක් යෑමට මත්තෙන් සියලුම මාධ්‍ය ප්‍රචාරය කිරීමට පටන්ගත් අතර, විපක්ෂයද හරීන්ගේ එම කොටස අල්ලාගෙන නැවැතත් හරීන් ආගමික නායකයන් විවේචනය කිරීමට පියවර ගෙන ඇති බවට විශාල විරෝධයක් ගෙන යන්නට විය.

හරීන් සජිත්ට වීඩියෝව වට්ස්ඇප් කරයි

මේ හේතුව නිසාම වහාම හරීන් කළේ තමන්ගේ ජංගම දුරකතනයට පැමිණි එම තත්පර කිහිපයක කොටස සහ තමා කළ විනාඩි 45ක කතාව සම්පූර්ණයෙන්ම සිය නායකයා වූ සජිත් ප්‍රේමදාසට ‘වට්ස්ඇප්‘ මාර්ගයෙන් යැවීමය. මෙහිදී තමන් කළ සම්පූර්ණ කතාව සම්බන්ධයෙන් සජිත්ට පැහැදිලි කිරීමටද හරීන් වගබලා ගත්තේය. එහිදී සජිත් හරීන්ට කියා සිටියේ ආගමික නායකයන් සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමේදී ඉතාමත් ප්‍රවේශසම් සහගත වන ලෙසත්, අගරදගුරු හිමිපාණන් තමන් සමඟ ඉතා සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යන බවත්ය. එහිදී හරීන් සජිත්ට තමන් මෙතෙක් කල් සිතෙහි හංගාගෙන තිබූ කරුණු රැසක් කියන්නට විය.

මාස 15ක් පල්ලි ගියේ නෑ: දරුවා මාස 3ක් පාසල් ගිහින් නෑ

“මම එතැනදි කිව්වෙ මගේ පෞද්ගලික මතය. මගේ තාත්ත නැතිවෙන තරමට මේ ප්‍රශ්නය අපිට බලපෑවා. ඒ වගේම මේ ප්‍රශ්නය නිසා මාස 3ක් මගේ ළමයා ඉස්කෝලෙ ගියේ නෑ. මගේ දරුවත් යන්නෙ මගේ තාත්තයි, මමයි ගිය ඉස්කෝලෙට. හැබැයි මම මේ ප්‍රශ්නෙ හින්ද මාස 3ක් ළමයව ගෙදර තියාගත්ත. මට එදා කියන්න උවමනා කළේ මගේ තාත්ත ඒ කාරණාව පොලිසියෙන් දැනගත්ත නම් පොලිසිය දැනගෙන හිටියෙ නෑ කියල කියන්න බෑ කියන එකයි. ඒ වෙලාවෙ කාදිනල් හිමියොත් වැරැද්දක් කළා. උන්නාන්සෙ කිව්ව ඇමැති පුතා බේරුණා, අපේ මිනිස්සු මැරුණ කියල. උන්නාන්සෙට තිබ්බ මම සේවකයෙක් විදිහට හිතල මට කතා කරල මේ ගැන අහන්න. මේ ප්‍රශ්නය හින්ද මම මාස 15ක් යනකන් පල්ලියකට ගියේ නෑ. එදා පාස්කු ඇටෑක් එකෙන් පස්සෙ මම පල්ලි ගියේ ගිය සිකුරාදා. ඒකත් මාස්ක් එක දාගෙන යද්දි මිනිස්සුන්ට අඳුරගන්න බැරි හින්දයි මම ගියේ. පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන වෙලාවෙත් මම හිටියෙ බදුල්ල පල්ලියෙ. ඒ දුකට තමයි මම මැදිරිගිරියෙදි මෙහෙම කතා කළේ. මගේ තර්කය වුණේ කාදිනල් හිමියො මෙහෙම කතා කළේ නැත්නම් ඔයා ජනාධිපතිවරණෙන් දිනන්න තිබ්බ කියන එකයි” යනුවෙන් කියමින් හරීන් දීර්ඝ ලෙස පැහැදිලි කරද්දී තත්ත්වය තේරුම්ගත් සජිත් නැවැත වතාවක් කියා සිටියේ මින් ඉදිරියට එවැනි ප්‍රකාශ නිකුත් කිරීමට යෑමේදී ඉතා සැලකිලිමත් වන ලෙසටය.

සමාව ගත් සජිත් කාදිනල් හිමියන්ට කතා කරයි

කෙසේ වෙතත් එදින සවස් වරුව වන විට හරීන් කළ මෙම ප්‍රකාශයෙන් රටම ගිනිගෙන තිබිණ. ආණ්ඩුවේ නියෝජිතයන් හරීන්ගේ මේ කතාව අල්ලාගෙන හරීන්ටත්, සමඟි ජන බලවේගයටත් දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබීම නිසා අවසානයේදී සජිත් කළේ තත්ත්වය සමතයකට පත්කර ගැනීම සඳහා හරීන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටීමය.
සජිත් එතැනින් නැවතුණේ නැත. රට වටේ සියලුම මැතිවරණ කොට්ඨාස නියෝජනය කරමින් දිවා, රෑ නොබලා රැස්වීම්වලට සහභාගි වන අතරවාරයේ සජිත් කාදිනල් හිමියන්ට දුරකතන ඇමැතුමක් ලබාදීමට කටයුතු කළේය. එසේ ඇමැතුමක් දුන් සජිත් කාදිනල් හිමියන්ට කියා සිටියේ තමන්ට වහාම උන්වහන්සේව මුණගැසීමට අවශ්‍ය බවත්, එම හමුවට විශේෂ අමුත්තකුද තමන් විසින් රැගෙන එන බවත්ය. ඒ කවුරුන්ද යන්න කාදිනල් හිමියන් විමසූ විට සජිත් කීවේ හරීන්ව යැයි කියාය. කවදත් සජිත් සමඟ ඉතා සමීප සබඳතාවක් පවත්වාගෙන ගිය නිසාම ඊට කිසිදු විරෝධයක් නොදැක්වූ කාදිනල් හිමියන්ද කියා සිටියේ ඊට කිසිදු ගැටලුවක් නොමැති බවත්, ඉරිදා දින පැමිණ තමන් හමුවන ලෙසත්ය.

හරීන් එක්ක උදේ 7.30ට එයි

කාදිනල් හිමියන්ගේ මෙම පිළිතුරත් සමඟ සජිත් කළේ අනෙක් පැත්තට හරීන්ට ඇමැතුමක් ගැනීමය.
“මාත් එක්ක ඔයාට ගමනක් යන්න තියෙනවා. ඒ හින්ද ඉරිදා උදේ හත වෙද්දි ලෑස්ති වෙලා ඉන්න. අපිට හතයි තිහ වෙද්දි විශේෂ පුද්ගලයෙක් හම්බවෙන්න යන්න තියෙනවා.” යැයි සජිත් කියද්දී තරමක පුදුමයට පත්ව සිටි හරීන් විමසා සිටියේ ඒ කවුරුන්ද යැයි කියාය. ඒ කාදිනල් හිමියන් බව සජිත් හරීන්ට පැවැසුවේ ඒ අනුවය.
යොදාගත් පරිදි ඉරිදා උදෑසන හරියටම හතයි තිහ වන විට සජිතුත්, හරීනුත් කොළඹ පිහිටි අගරදගුරු නිල නිවෙසට ගියේ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කොට දෙපාර්ශ්වය අතර මතුවී ඇති වැරැදි වැටහීම් දුරුකර ගැනීමටය. කාදිනල් හිමියන් සජිත්වත්, හරීන්වත් ඉතා උණුසුම් ලෙස පිළිගත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව දේවස්ථානය යළි ගොඩනැංවීමට සජිත් දැක්වූ දායකත්වයද සිහිපත් කරමිනි.

හරීන් වෙච්ච දේ කාදිනල් හිමිට කියයි

කෙසේ වෙතත් ආගිය තොරතුරු කතාබහ කිරීමෙන් අනතුරුව හරීන් තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙනුත්, ඊට බලපෑ හේතු සාධකත්, ඉන් අනතුරුව තමන් සහ පවුලේ උදවියට විඳින්නට සිදුවූ ගැහැට සම්බන්ධයෙනුත් කාදිනල් හිමියන් දැනුවත් කිරීමට පියවර ගත්තේය. ප්‍රහාරය සම්බන්ධයෙන් තම පියා දැනුවත්ව සිටි බව කීම හරහා තමන් අදහස් කළේ පොලිසියද ඒ බව දැන සිටි බවක් රටට කීමට බවත්, නමුත් තමන් කළ ප්‍රකාශයට විපක්ෂය වැරැදි අර්ථකතන ලබා දිම හරහා ඇති වූ සිත් වේදනාවෙන් තම පියා ජීවිතයෙන් සමුගත් බවත්, තම දරුවා මාස 3ක් පාසල් නොගොස් ගෙදර සිටි බවත් හරීන් එහිදී කාදිනල් හිමියන්ට පවසා සිටියේය. එමෙන්ම තමන්ද මාස 15ක් පල්ලි නොගිය බව කාදිනල්ට හිමියන්ට කී හරීන් පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ පවා තමා සිටියේ බදුල්ල පල්ලියේ බවත් කියා සිටියේය.
හරීන්ගේ මේ අතිසංවේදී කතාව අසා සිටීමෙන් පසු කාදිනල් හිමියන්ද සංවේදී වූ ආකාරයක් දැකගත හැකි විය. දැඩි ශෝකයට පත් උන්වහන්සේ කියා සිටියේ තමන් මේ කිසිවක් නොදැන සිටි බවත්, ඒ පිළිබඳව තමන් වහන්සේ කනගාටුව පළකරන බවත්ය.

කාදිනල් හිමි කනගාටු වෙයි

“මම දැනගෙන හිටියෙ නෑ මෙච්චර ප්‍රශ්න ගොඩක් වෙලා තියෙනව කියලා. මම ඒ ගැන කනගාටු වෙනවා. ඒ වගේම පහුගිය කාලෙ මම කියපු සමහර දේවල් හින්ද ඡන්දෙදි එක පැත්තකට වාසි වෙන්න ඇති. හැබැයි මම ඒ වෙලාවෙ දේශපාලනයක් කරන්න ගියේ නෑ. ඒ වෙලාවෙ රටේ තිබ්බ තත්ත්වය අනුවයි මම කතා කළේ. ඔබතුමා සතියට සැරයක් ඇවිත් මාව බලල යන්න. අපිත් එක්ක කතා කරන්න. දැන් අපි අතරෙ කිසිම ප්‍රශ්නයක් තියාගන්න ඕන වෙන්නෙ නෑ.” යනුවෙන් කාදිනල් හිමියන් හරීන්ට කියද්දී ඒ අසල සිටි තවත් පියතුමෙකු පෙන්වමින් හරීන් කියා සිටියේ තමන් ඒ පියතුමන් දන්නා බවත්, මෙම ප්‍රශ්නය පිළිබඳව කාදිනල් හිමියන් සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස එම පියතුමාට වතාවන් කිහිපයකදීම දැනුම් දුන්නත් ඊට අවස්ථාව ලබා නොදුන් බවත්ය. එහිදී කාදිනල් හිමියන් තරමක දැඩි බැල්මකින් යුතුව ඒ පියතුමා දෙස බලන ආකාරයක් දැකගත හැකි විය.

සජිත් දුන් චරිත සහතිකය

ඉන් අනතුරුව කතා කිරීම ආරම්භ කළේ සජිත්ය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීමේ වූයේ සජිත් පක්ෂ නායකයකු ලෙස නොව හරීන්ගේ සොහොයුරයකු ආකාරයට මෙම ප්‍රශ්නය පිළිබඳව කාදිනල් හිමියන් සමඟ සාකච්ඡා කිරීමය. ඒ අනුව හරීන්ගේ අතකින් අල්ලාගෙන කාදිනල් හිමියන් ළඟට ගිය සජිත් “අනෙක් අය වැඩ කරද්දි හරි කම්මැලියි. හැබැයි මෙයා වැඩ කරන්න ගියාම එහෙම කම්මැලි නෑ. ඒ හින්ද මෙයාට දේශපාලනයෙ ලොකු ගමනක් ඉස්සරහට යන්න පුළුවන්. ඔබ වහන්සේ මෙන්න මෙයාව ළඟට අරගෙන හරියට හදාගන්න” යනුවෙන් කියද්දී හරීන්ගේ දෑත අල්ලාගත් කාදිනල් හිමියන් ඊට සිනාසෙමින් ප්‍රතිචාර දක්වනු දැකගත හැකිවිය. එමෙන්ම හරීන්ගේ දරුවාට පාසලේදී යම් ගැටලුවක් වී ඇත්නම් තමන්ට ඊට මැදිහත් විය හැකි බව කාදිනල් හිමියන් පවසද්දී හරීන් කියා සිටියේ එම ප්‍රශ්නවලට මුහුණදී දැන් සිය දරුවාද මුහුකුරා ගොස් ඇති බවය.
ඒ අනුව සජිත් මැදිහත් වී පැවැති මෙම හමුව අවසන් වූයේ හරීන් හා කාදිනල් හිමියන් අතර පැවැති අර්බුද සියල්ල නිමාවට පත්කරමිනි.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

ක්‍රිකට් වික්ක බුකිකාරයන් ගැන ජේ.සී.ගෙන් හෙළිදරව්වක් (VIDEO)

Next Post

77 ජේ.ආර්. දිනපු විදිහ සජිත් සමගි ජන බලවේගයටත් අරන් එයි (VIDEO)

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.