• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2019 පාර්ලිමේන්තුව කල්තබන විවාදයක් ගත්තා! ඊට පස්සේ කෝප් කමිටුව විමර්ශනයක් කළා! ඊටත් පස්සේ අල්ලස් කොමිසමට ගියා! ගෝඨා ඇවිත් පරීක්ෂණ කොමිෂන් සභාවකුත් පත්කළා! පස් පාරක් එකම සිද්ධියක් අල්ලගෙන මඩ ගැහුවා! අන්තිමේ ආණ්ඩු දාපු හැම කොමිසමකින්ම සජිත්ව නිදහස් කළා! දැන් මේ ආණ්ඩුවත් කමිටුවක් පත්කරලා! සංස්කෘතික අරමුදලෙන් සජිත් උදව් කළේ මේ රටේ ආගමික ස්ථානවලට! පාස්කු ප්‍රහාරයෙන් විනාශ වෙච්ච දේවස්ථාන 3ම ප්‍රතිසංස්කරණය කරලා දුන්නා! මෙන්න ඇත්ත! VIDEO I Sri Lanka Latest News

July 16, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ඔක්කොම මහමොළකරුවන් හොයා හොයා ඉදිද්දී දේවස්ථාන හදන්න නායකත්වය දුන්නේ කව්ද? ඇත්තටම සජිත් එහෙම වැඩ කරපු මිනිහෙක්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිත කොට ඇති බව කියමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර 5 වැනි වතාවටත් මඩ ප්‍රචාරයක් දියත් කිරීමට කටයුතු සූදානම් කොට ඇති බව තිස්ස අත්තනායක මහතා කීය.Sri Lanka Latest News

ඒ මහතා මෙසේද පැවසීය.

2017 – 2020 කාල පරිච්ඡේදය තුළ සංස්කෘතික අරමුදලේ වියදම් පිළිබඳව සොයා බලන්න කැබිනට් මණ්ඩලය කමිටුවක් පත් කර තිබෙනවා. කෙසේ නමුත් මෙම කාල පරිච්ඡේදය තුළ සංස්කෘතික කටයුතු ඇමැතිවරයා ලෙස කටයුතු කළේ සජිත් ප්‍රේමදාස මහතා. ඒ අනුව සංස්කෘතික ඇමැතිවරයා ලෙස ඔහු ගත් තින්දු තිරණ පිළිබඳව සොයා බලනා යැයි කියමින් සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් මඩ ව්‍යාපාරයක් ගෙන යාම සඳහා ආණ්ඩුව මෙම පියවර ගෙන තිබෙන බව පැහැදිලි වෙනවා. මේ හරහා ආණ්ඩුව සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධව මඩ ව්‍යාපාරයක් දියත් කිරිමට උත්සහ දරන බව රටම දන්න කතාවක්. සංස්කෘතික අරමුදලේ වියදම් පිළිබඳව මීට පෙර පරික්ෂණ කිහිපයක්ම පවත්වා තිබෙනවා‍

2019 දී පාර්ලිමේන්තුව කල් තබන විවාදයක් පවත්වා 2017 – 2020 කාල පරිච්ඡේදය තුළ සංස්කෘතික අරමුදලේ වියදම් පිළිබඳව දිර්ඝ විවාදයක් පැවැත්වුවා. එහිදි කරුණු ඉදිරිපත් කරනු ලැබුවා. එහිදි සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධව කිසිදු කරුණක් ඉදිරිපත් කිරිම නොහැකි වුණා. එ් වගේම මෙම සිද්ධිය පිළිබඳව කොප් කමිටුවේදී සාකච්ඡාවට භාජනය වුණා. එහිදී සජිත් ප්‍රේමදාස මහතා මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ කිසිදු මුදල් අවභාවිතා කර නැති බව තහවුරු වුණා. ඒ වගේම අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසන් සභාවට මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබුණා. ඒ අනුව පෙර වාර්තා අධ්‍යනය කොට ඒ සම්බන්ධයෙක් කිසිදු නීතිමය පියවරක් ගැනිම අපහසු බව අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසන් සභාව පැහැදිලිව දන්වා තිබෙනවා.
ඒ වගේම හරිගුප්ත රෝහණධිර මහතා සම්බන්ධ කරගනෙ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේදී මේ සම්බන්ධයෙන් සොයා බලන්න පරික්ෂණ කොමිසන් සභාවක් පත් කරනු ලැබුවා. 2017 – 2020 කාල පරිච්ඡේදය තුළ සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතා වී තිබෙන බව තහවුරු කිරිමට නොහැකි වුණා. ඒ වගේම විනිශ්චයකාරවරයකුගේ ප්‍රධානත්වයෙන් තවත් කමිටුවක් පත් කරන්න යෝජනා වී තිබෙනවා. කෙසේ නමුත් සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතා වී ඇත්දැයි සොයන්න පස් වතාවක් උත්සහ කරලා තිබෙනවා. ඒ අනුව මේ හරහා උත්සහ කරන්නේ සජිත් ප්‍රේමදාස මහතාට මඩ ගැසීමටයි. කෙසේ නමුත් සජිත් ප්‍රේමාදාස මහතාට විරුද්ධව කිසිදු චෝදනාවක් ඉදිරිපත් කිරීමට නොහැකි වී තිබෙනවා.

2017 – 2020 කාල පරිච්ඡේදය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් භාවිතා කර විශේෂ වැඩකටයුතු කිහිපයක් සිදුකළා. වැදගත්ම කාරණය වන්නේ පාස්කු ප්‍රහාරයෙන් විනාශ වුණ ප්‍රධාන දේවස්ථාන 3 ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් භාවිතා කර තිබෙනවා. මෙය කාදිනල් හිමිපාණන් වහන්සේගේ සහ කතෝලික ප්‍රශංසාවට ලක්වුණා. ඒ වගේම මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් භාවිතා කර දිවයින පුරා පන්සල් පල්ලි කොවිල් ප්‍රතිසංස්කරණය කරන්න කටයුතු කර තිබෙනවා. ඒ වගේම දහම්පාසල් පවත්වාගෙන යාම සඳහ් ස්ථිර ගොඩනැගිලි සාදා දිමට මේ හරහා කටයුතු කර තිබෙනවා. මේවා චෝදනාවට ලක්කළ යුතු කරුණක් නෙවෙයි. මේවා ප්‍රශංසාවට ලක්කළ යුතු කාරණා. ඒ වගේම අරමුදල් ගොඩගසාගෙන සිටින්නේ නැතිව එම අරමුදල් මහජන යහපත සඳහා යෙදවිම ගැන සජිත් ප්‍රේමදාස මහතාට ස්තුතිවන්ත විය යුතුයි. ඒ වගේම මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් භාවිතා කර කළ සියලුම ඉදිකිරිම් සිදුකර තිබෙන්නේ හමුදාවේ සහය සහ ඉංජිනේරු සංස්ථාවේ නිලධාරින්ගේ උපදෙස් පරිදි. මේ නිසා මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් කිසි ලෙසකින්වත් අවභාවිතා වී නෑ.

ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතා පසුගිය කාලයේ රට වෙනුවෙන් කතා කළ නිසා ආණ්ඩුවට ඒවා දරාගැනිමට නොහැකි වී තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී කන්ටේනර් ප්‍රශ්නය ගැන දිගින් දිගටම ආණ්ඩුවෙන් ප්‍රශ්න කළා. ඒ වගේම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියා සම්බන්ධයෙන් පෙනී සිටිනවා. ඒ වගේම ඇමරිකාව පනවා තිබෙන තිරු බදු සම්බන්ධයෙන් රටේ අපනයන වලට සිදුවන හානිය සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ගයක් ගන්නැයි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී දිගින් දිගටම ප්‍රකාශ කළා. ඒ වගේම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින්ගේ මේ සඳහා පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උදව් ඉල්ලිමටත් කටයුතු කර තිබුනා.

ඒ වගේම ඇමරිකානු තිරු බද්ද සියයට 30 දක්වා අඩු කර ගැනිම විශාල ජයග්‍රහනයක් ලෙස ආණ්ඩුව දකිනවා. නමුත් ඇමරිකානු තිරු බද්ද සියයට 30 දක්වා අඩුකළත් ඒ සඳහා තවත් සියයට 16.5 ක බද්දක් එකතුවෙන බව ආණ්ඩුවේ ආර්ථික උපදේශක ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව ලංකාවෙන් ඇමරිකාවට ආනයනය කරන භාණ්ඩවලට සියයට 46.5 ක බද්දක් එකතුවෙනවා. ඇමරිකානු තිරු බද්ද ලංකාවේ ඇගලුම් කර්මාන්ත වලට විශාල අභියෝගයක්. කෙසේ නමුත් ප්‍රේමදාස මහතා ඇගලුම් කර්මාන්තශාලා අරම්භ නොකළානම් රටේ ආර්ථිකය මීට වඩා දරුණු වීමට ඉඩ තිබුණා. කෙසේ නමුත් ඇමරිකානු තිරු බද්ද නිසා ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන ඇගලුම් ක්ශ්‍රේත්‍රයට විශාල තර්ජනයක් ඇති වෙනවා. මේ නිසා කර්මාන්තශාලා වැසි යාමට ඉඩ තිබෙනවා. මේ නිසා රැකියා නැති වීමේ අවදානමක් තිබෙනවා. කෙසේ නමුත් ආණ්ඩුව මේ පිළිබඳව තක්සේරුවන් සිදුකර තිබෙනවාදැයි අපි අහන්න කැමැතියි.

ඒ වගේම ජාතික ජනබලවේගයට දැන් ජනතාව ආමන්ත්‍රණය කරන්නේ ජාතික බදු බලවේගය කියලා. අනුර දිසානායක දැන් බදු කුමාර බවට පත්වෙලා තිබෙනවා. ආණ්ඩුවට බදුවලින් හැර රට ඉදිරියට ගෙන යාම සඳහා වෙනත් කිසිදු වැඩපිළිවෙළක් නෑ. පසුගියදා ආණ්ඩුව සියයට 18 ක් ඩිජිටල් බද්දක් අයකරන බව ප්‍රකාශ කළා. ඩිජිටල් බද්ද සියයට 18 කින් වැඩි කිරීම හරහා ලංකාවේ විනිමය අනුපාතයට බලපානවා. ඒ වගේම ඩිජිටල් ක්ශ්‍රේත්‍රය හරහා සිදුවන අනෙකුක් සේවා සඳහා විශාල බලපැමක් සිදුවෙනවා. මෙම බද්ද ක්‍රමානුකුලව වැඩි නොකර එකවර විශාල ප්‍රමාණයකින් වැඩි කිරිම අසාධාරණයි. ඒ වගේම රටේ තරුණ තරුණියන්ට තමයි මේ හරහා විශාල බලපැමක් සිදුවන්නේ. ජාතික බදු බලවේගය රටේ තරුණයන්ට එල්ල කර තිබෙන ඩිජිටල් බද්ද විශාල ලෙස ඔවුන්ට දැනෙනවා. ඒ වගේම මෙම බද්ද හරහා තරුණයන් ඩිජිටල් ක්‍රමවේද හරහා සිදුකරන ව්‍යාපාර කඩා වැට්ටවීම , අකර්මන්‍ය වීම
සිදුවෙනවා. එ් වගේම තාක්ෂණය හරහා සිදුවන නැගිටිම බිද දැමිමට ආණ්ඩුව මේ හරහා කටයුතු කරනවා. මෙය අපි දැඩි ලෙස හෙළා දකිනවා. ආණ්ඩුව මේ බද්ද පිළිබඳව නැවත සිතා බැලිය යුතුයි.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය පිළිබඳ වසන්ත සමරසිංහ ඇමතිවරයා විශාල අසත්‍ය ප්‍රකාශ ගණනාවක් සිදුකළා. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය පිළිබඳ ඔහු රටේ ජනතාව නොමග යනව ප්‍රකාශ ගණනාවක් සිදුකළා. කෙසේ නමුත් එම ආයතනය රජයේ ආයතනයක් නොවන බව එම ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා. ඒ වගේම රජය සිදුකරන චෝදනා ඔවුන් ප්‍රතික්ෂේප කරනවා. මෙහි කිසිදු දේශපාලන ක්‍රියාකාරකමක් සිදුවන්නේ නැති බව එම ආයතනය ප්‍රකාශ කරනවා. ඒ වගේ අධ්‍යාපනික අවස්ථා ඇති කරන්න , අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැඩි කරන්න , ජ්‍යන්තර මට්ටමේ ආචාර්යවරුන්ගේ ආකර්ශනය වැඩි කර ගන්න , සිසුන්ගේ දැනුම ජාත්‍යන්තර තලයට ගෙන යාම ඔවුන්ගේ අරමුණ බව එම ආයතනය ප්‍රකාශ කර තිබෙනවා. මෙම ආයතනය පිළිබඳව කිසිවක් නොදැන වසන්ත සමරසිංහ ඇමතිවරයා මෙම ප්‍රකාශ නිකුත් කර තිබෙනවා. ඇමතිවරයාගේ මෙම ප්‍රකාශ හරහා එම ආයතනයේ තිබෙන පිළිගැනීම නැතිවෙනවා.‘‘

SendShareShare
Previous Post

බිමල් ඇමැතිතුමා කිව්වා කාදිනල් හිමියන් කියපු හින්දා ශානි අබේසේකරයි රවී සෙනෙවිරත්නයි ඒ තනතුරුවලට පත්කළා කියලා! මේ දෙන්නටම පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ චෝදනා තියෙනවා! එහෙම කිව්වානම් උන්වහන්සේටත් වැරදිලා! කතෝලික ජනතාවත් පව්! රටටත් දෙයියන්ගේම පිහිටයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මෙන්න හිටපු කතානායක මහින්ද යාපා ආණ්ඩුවට සම්පූර්ණ සහාය දෙන බව කියනවා! මේ ළඟදි ආණ්ඩුව පැත්තෙන් මහින්ද යාපාගේ කාලෙ කරලා තිබ්බ මුදල් නාස්තිය ගැන ලොකු හෙළිදරව්වක් කළා විතරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.