සැකකරුවන් රිමාන්ඩ් භාරයේ තැබීම සඳහා පොලීසිය ඉදිරිපත් කරන ලද අයැදුම්පත් සම්බන්ධයෙන් ‘නිෂ්ඵල ආකාරයකින් ක්‍රියා නොකර – විනිශ්චයකාරී තීරණ ගැනීමේ’ අවශ්‍යතාව පිළිබඳ මහෙස්ත්‍රාත්වරුන් දැනුවත් කිරීමේ ‘අනිවාර්ය අවශ්‍යතාව’ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සටහන් කර ඇත. Sri Lanka Latest News
වල් අලි තම ගම්මානය වන කැළුකැලේ සහ කෙත්වලට ආක්‍රමණය කිරීම වැළැක්වීමට බලධාරීන්ගේ අක්‍රියතාවයට එරෙහිව විරෝධතාවක කොටසක් වීම හේතුවෙන් 2018 ජුනි මාසයේදී අරලගංවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රිමාන්ඩ් කරනු ලැබූ ගම්වැසියන් දෙදෙනකු විසින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් ලබාදුන් තීන්දුවකදී, ඇප පනත මගින් පිළිගත් පරිදි, පාලන මූලධර්මය වන්නේ ඇප ලබාදීම සම්මතයක් වුවද, ඇප ලබාදීම ප්‍රතික්ෂේප කිරීම ව්‍යතිරේකය විය යුතු බවයි.
‘මහෙස්ත්‍රාත්වරයෙකුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සහ සැකකරු රිමාන්ඩ් භාරයේ තැබීම නීත්‍යනුකූල විය යුතු වුවද, ඔහු එසේ කළ යුත්තේ පොලිසියේ ඉල්ලීම සඳහා පමණක් නොව, අපරාධ යුක්තියේ අරමුණුවලට අනුකූල වලංගු හේතු නිසාය. අධිකරණය ද ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට බැඳී සිටින බවත්, නීතියෙන් පිළිගත් වලංගු හේතු මත පමණක් සුවිශේෂ අවස්ථාවන්හිදී එවැනි අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම සීමාකරන නියෝග නිකුත් කළයුතු බවත්, නීතියෙන් සපයා ඇති ආකාරයට එවැනි තීරණ ගතයුතු බවත් මහෙස්ත්‍රාත්වරුන් දැඩි ලෙස දැනුවත් විය යුතුය’ යනුවෙන් විනිසුරු යසන්ත කෝදාගොඩ සිය තීන්දුවේ ලියා ඇති අතර, අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු සහ එස්. තුරෙයිරාජා එකඟ වෙති.
තම තීන්දුවේ අඩංගු මූලධර්ම පිළිබඳ මහෙස්ත්‍රාත්වරුන් දැනුවත් කිරීම සඳහා විනිසුරුවරුන්ගේ ආයතනය අවශ්‍ය පියවර ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් පැවසීය.
අලි – මිනිස් ගැටුම හේතුවෙන් කළුකැලේ ගම්වැසියන් මුහුණ දී සිටින දුෂ්කර තත්ත්වය පිළිබඳ අධිකරණය ද සිය බරපතළ කනස්සල්ල පළකර තිබේ.
තම නිරීක්ෂණ සැලකිල්ලට ගෙන, තම අදහස් අදාළ විධායක බලධාරීන්ට දැනුම් දෙන ලෙසත්, එමගින් අවශ්‍ය ක්‍රියාමාර්ග ආරම්භ කරන ලෙසත් අධිකරණය නීතිපතිවරයාට නියෝග කර ඇත. තීන්දුව ලබාදීමෙන් මාස හයක් ඇතුළත බලධාරීන් විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග සහ ඉන් පසුව ඇති වූ භූමි තත්ත්වය දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තාවක් ගොනුකරන ලෙස ද නියෝග කර ඇත.

ප්‍රියන්ත හෙට්ටිගේ









