• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කුප්පි ලාම්පුව වෙනුවට සූර්ය බලයෙන් ගමේ කළුවර නැති කරපු ප්‍රේමදාස! පටන් ගත්තේ යාපහුව පන්සියගමින්! Sri Lanka Latest News

July 13, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
කුප්පි ලාම්පුව වෙනුවට සූර්ය බලයෙන් ගමේ කළුවර නැති කරපු ප්‍රේමදාස! පටන් ගත්තේ යාපහුව පන්සියගමින්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නැවත විදුලි බිල්පත, එහි පාරිභෝගික ජනතාවට නොදැරිය හැකි මට්ටමකට වැඩිවී ඇත. එයට විකල්පයක් ලෙසින් පුනර්ජනනීය බලශක්ති භාවිතයට පාරිභෝගික ජනතාව කැමැත්තෙන් සිටියද, වත්මන් පාලකයන් ඒ සඳහා විවිධ බාධක පනවමින් ඒ සඳහා විදුලිය පාරිභෝගිකයන්ට යොමුවීමට බාධා ඇතිකරයි.Sri Lanka Latest News

දැනට මාස කිහිපයකට ප්‍රථම එක්තරා දිනක මුළු දිවයින පුරා, හෝරා කිහිපයක් විදුලිය විසන්ධි වූ විට, පාලක උපදෙස වූයේ මුළු රට පුරා දහස් සංඛ්‍යාත විදුලි පාරිභෝගිකයන් විසින් එවක භාවිත කළ සූර්‌ය බලශක්ති පැනලයන් අකර්මණ්‍ය කරන ලෙසයි.

විකල්ප බලශක්තියක් ලෙසින් සූර්‌ය බලශක්තිය මෙරටින් බහුල ලෙසින් සපයාගත හැකි සූර්‌ය බලශක්තිය සඳහා මෙවන්වූ තහංචියක් වර්තමානයේ පැවැතියද, අතීතයේ මෙරට සිටි දූරදර්ශී රාජ්‍ය පාලකයන් සූර්‌ය බලශක්ති භාවිතය සඳහා මුල්වරට යොමුකළේ කිසිදු බලශක්ති ප්‍රභවයක සහාය නොලැබුණු ඈත පිටිසර ගම් වැසියන්ය.

විකල්ප බලශක්තිය ලෙසින් සූර්‌ය බලශක්ති භාවිත පිළිබඳ මෙරට මුල්ම ඓතිහාසික සිදුවීම 1991/92 කාලපරිච්ඡේදය දක්වා දිවයයි. 1992 වසරේ ගම් උදාව සංවත්සර වැඩසටහන මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රදේශය ඇසුරුකොට සංවර්ධනය කිරීමට එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් තීරණය කළ අතර, සෑම ගම්උදාව සංවත්සර වැඩසටහනක් යටතේ ජන ජීවිතය සඳහා වැදගත් වූ විශේෂ වැඩසටහනක් දියත් කිරීම එවක ප්‍රේමදාස පිළිවෙත විය.

එවන්වූ අදහසක් මත ප්‍රේමදාස ජනාධිපතිවරයාට අවශ්‍ය වූයේ තම රට තුළ සුලබ වූ සූර්‌ය බලශක්තිය වෙතින් කිසිදා බලශක්ති සේවා සහන නොලැබුණු ග්‍රාමීය ජනතාව වෙත බලශක්ති සහනය ලබාදීමයි.

තමන් කලකට පෙරදී ඔස්ටේ්‍රලියාවේ සිදුකළ සංචාරයකදී, ඔස්ටේ්‍රලියාවේ ග්‍රාමීය ඒකකයක් තුළ සියලු බලශක්ති අවශ්‍යතා සූර්‌ය බලශක්තියෙන් සපුරාලීමේ තමන් අත්දුටු අත්දැකීම ප්‍රේමදාස මහතාගේ මතකයේ විය. එවන් වූ විකල්ප බලශක්ති භාවිතයක් එවක සංවර්ධිත රටවල් සතු වුවද, ශ්‍රී ලංකාව වැනි රටවලට සූර්‌ය බලශක්ති භාවිතය කිසි විටෙක භාවිත නොවූ ආගන්තුක කාර්‌යයක් විය.

එකී කාලපරිච්ඡේදය වනවිට දකුණු ආසියාවේ කිසිදු රටක් සූර්‌ය බලශක්තිය විකල්පීය බලශක්ති ප්‍රභවයක් ලෙසින් භාවිත කොට නොතිබිණි.

යාපහුව පන්සීයගමින් ප්‍රථම සූර්‌ය බලශක්ති ව්‍යාපෘතිය
එවන්වූ අභියෝග මධ්‍යයේ වුවද, 1992 වසරේ බුත්තල ගම්උදාව සංවත්සර සංවර්ධන වැඩසටහන නිමිත්තෙන් පහළ ඌව සංවර්ධන වැඩසටහන යටතේ ග්‍රාමීය සෞඛ්‍ය අවශ්‍යතා සපුරාගැනීමට සූර්‌ය බලශක්තිය යොදාගැනීමට ජනාධිපති ප්‍රේමදාස මහතා තීරණය කළ අතර, එය අත්හදා බැලීමේ පදනම යටතේ 1991 වසර අවසානයේදී නව නිවාස 500කින් සමන්විතව යාපහුවේ ඉදිවූ ‘පන්සියගම ආදර්ශ ගම්මානය’ වෙතින් මෙම කාර්‌යය ඇරඹීමට ප්‍රේමදාස මහතා තීරණය කළේය.

මෙරටට මෙන්ම අප අයත්වූ දකුණු ආසියා කලාපයට නව අත්දැකීමක් වූ සූර්‌ය බලශක්ති භාවිතය පිළිබඳ භාවිත වූ තාක්ෂණය මිල අධික වුවද, එකී ව්‍යාපෘතියේ සම්පූර්ණ වැයබර ආධාර පදනමින් දැරීමට ඔස්ටේ්‍රලියානු ආහාර ආධාර පදනම යටතේ දායකත්වය ලබාදීමට ඔස්ටේ්‍රලියානු සංර්වධන බියුරෝව විසින් පියවර ගත්තේය.

ඔස්ටේ්‍රලියාවේ මෙන්ම ලොව ජනප්‍රියවූ බලශක්ති ආයතනයක් වන බී.පී. සෝලා සමාගම සන්පවර් සිස්ටම් පෞද්ගලික සමාගමේ දායකත්වයෙන්, යාපහුව පන්සියගම ගම්වැසි පවුල් 500ක් වෙනුවෙන් සූර්‌ය බලශක්ති පහසුකම් සැපයීම සිදුවූ අතර, එකී ජනාවාසයේ සියලු සංවර්ධන කාර්‌යයන් සිදුකළ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නිවාසලාභීන් සමගින් එක්වී මෙම ව්‍යාපෘතියේ සාර්‌ථකත්වය සඳහා කටයුතු කළේය.

මෙම ව්‍යාපෘතිය හේතුවෙන් පන්සියගම ගම්වැසි පවුල් පන්සීය වෙතින් සෑම පවුලකටම සිය නිවසේ විදුලි බුබුළු හතරක් හෝ හයක ප්‍රමාණයක් සමගින්, ගුවන්විදුලි යන්ත්‍රයක් සහ රූපවාහිනී යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් වූ බලශක්තිය සැපයීම මෙම ව්‍යාපෘතිය මගින් සිදුවිය.

මෙයට අමතරව සමහර නිවෙස් ආශ්‍රිතව ජල පොම්ප ක්‍රියාත්මක කිරීම සඳහාද බලශක්ති පහසුකම් සහාය කරගන්නා ලදී. සෑම නිවසකම සූර්‌ය බලශක්ති නිෂ්පාදනය සඳහා එකී නිවෙස් වහලය ඇසුරේ සූර්‌ය බලශක්ති නිෂ්පාදන පැනලයක් සමගින් විදුලිය රැස්කිරීමේ කෝෂයක් සෑම නිවසක් සතුවිය. ගම්මුන්ට ආධුනික වූ මෙම උපකරණ භාවිතය හා නඩත්තුව පිළිබඳ විශේෂිත පුහුණුවක් පන්සියගම ගෘහණියන් සහ දැනුම් තේරුම් ඇති ගම්වැසි ළමුන් වෙත ලබාදුන් අතර, මෙම කාර්‌යයන් සියල්ල ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කාර්ය මණ්ඩල දායකත්වයෙන්, පන්සියගම ග්‍රාමෝදය මණ්ඩල සාමාජිකයන් විසින් සිදුකරන ලදී.

පන්සියගම සූර්‌ය බලශක්ති ව්‍යාපෘතිය සම්පූර්‌ණයෙන් සාර්‌ථක වීමෙන් පසු එහි පැමිණි ජනපති ප්‍රේමදාස මහතා, ‘ජන ජීවිතය සඳහා යහපත් වූ විවිධ ක්‍රියාකාරම් අප ගම්උදාව වැඩසටහන සමගින් අත්හදා බැලු‍වා. මෙම අත්හදා බැලීම් නිරන්තරයෙන් සාර්‌ථක වූවා. ලාම්පු කුප්පියෙන් ආලෝකය බැලූ පන්සියගම ගම්වැසියන්ට මුල්වරට සූර්‌ය බලශක්තියෙන් සිය නිවෙස් ආලෝක කරගැනීමට අවස්ථාව සැලසුණා.’

‘පන්සියගම ගම්වැසියන්ගේ දිවිපෙවෙත සඳහා තිරසාර ආලෝකයක් හිමි වූ අවස්ථාවක් ලෙසින් මෙම අවස්ථාව හඳුන්වා දිය හැකියි.’‍ යනුවෙන් පැවැසීය.
පන්සීයගම සූර්‌ය බලශක්ති ව්‍යාපෘති අත්හදා බැලීම සාර්‌ථක වීමෙන් පසු බුත්තල ගම්උදාව සංවත්සර සංවර්ධන වැඩසටහන සඳහා සූර්‌ය බලශක්ති වැඩසටහන වඩාත් ඵලදායී අයුරින් දායක කරගැනීම, ජනාධිපති ප්‍රේමදාස මහතාගේ බලාපොරොත්තුව විය. බුත්තල ගම්උදාව සමගින් ඇරඹි පහළ ඌව සූර්‌ය බලශක්ති ව්‍යාපෘතිය මෙරට පළමු වරට ‘පහළ ඌව සූර්‌ය බලශක්ති ව්‍යාපෘතිය’ ක්‍රියාත්මක වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.

හුදෙක් එදිනෙදා ජන ජීවිතයේ මූලික බලශක්ති අවශ්‍යතාවන් සපුරාලීම උදෙසා මෙලෙසින් යාපහුව පන්සියගම දී භාවිත වූ සූර්‌ය බලශක්ති ව්‍යාපෘතිය, පහළ ඌව ප්‍රදේශයේදී දායක කරගැනීමට උත්සුක වූයේ, එකී ප්‍රදේශයන්හි ග්‍රාමීය ආරෝග්‍යශාලා අවශ්‍යතාවන් සපුරාලීමේ බලාපොරොත්තුවෙනි.
එවක කිසිදු බලශක්ති භාවිතයක් නොතිබීම තුළ එවන්වූ ආරෝග්‍යශාලා සියලු කාර්‌යයන් සිදුකරනු ලැබුවේ භූමිතෙලින් දහනය වූ කුප්පි ලාම්පු හෝ ඉටි පන්දන්දම් ආලෝකයෙනි.

බුත්තල ගම්උදාව සංවත්සර සංවර්ධන වැඩසටහනට සමගාමීව ඇරඹි පහළ ඌව සූර්‌ය බලශක්ති ව්‍යාපෘතියේ මූලික අපේක්ෂාව වූයේ, එහි ග්‍රාමීය රෝහල්වල සියලු බලශක්ති අවශ්‍යතා හැකිතාක් දුරට සූර්‌ය බලශක්තියෙන් සපුරාලීමයි. ඒ අනුව කිසිදු බලශක්ති ප්‍රභවයක දායකත්වයක් නොලැබූ පහළ ඌව ග්‍රාමීය නාගරීක වතුකර ජනතාව සමගින් සමස්ථ ලෙසින් පවුල් 25,000ක් සිය දෛනික දිවිපෙවෙතේ පහත සඳහන්වූ කාර්‌යයන් සඳහා සූර්‌ය බලශක්තිය වඩාත් සාර්‍ථක ලෙසින් යොදාගන්නා ලදී.

ග්‍රාමීය ආරෝග්‍යශාලා සායන අවශ්‍යතා සපුරාලීමට
නේවාසික හා දෛනික රෝගී අවශ්‍යතා සැපයීමට
වෛද්‍යවරුන්ගේ නේවාසික අවශ්‍යතා සපුරාලීමට ග්‍රාමීය පාසල් සහ පාසල් විද්‍යාගාර පහසුකම් සැපයීමට
පාසල් ගුරු නේවාසික නිවාස පහසුකම් සැපයීමට
ග්‍රාමීය ප්‍රජා මධ්‍යස්ථාන පහසුකම් සැපයීමට
ප්‍රජා දායකත්ව ජල පොම්පාගාර ක්‍රියාත්මක කිරීමට
ගම් මට්ටමින් සැකසුණු තරුණ පුහුණු මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීමට
පහළ ඌව ප්‍රදේශයේ සැකසුණු සියලු ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීමට

මෙලෙසින් වඩාත් පුළු‍ල් සමාජ පරාසයක දායකත්වයෙන්, පහළ ඌව සූර්‌ය බලශක්ති ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය. එහි භාවිතය සඳහා ඉතා කෙටි කලකින් පහළ ඌව ජනතාවගේ යොමුවීමත් සමග එකී ජනතාව බලශක්ති ප්‍රභවයේ ඇති වටිනාකමත් එකී බලශක්ති භාවිතය සඳහා වඩාත් යොමුවීමත් සිදුවිය.

සූර්‌ය බලශක්ති භාවිතය සමගින් වූ සමාජ වෙනස
බුත්තල ගම් උදාව සංවර්ධන වැඩසටහන සමගින් සිදුවූ මේ සමාජ වෙනස හේතුවෙන් එකී ප්‍රදේශයේ විශේෂයෙන් වෛද්‍ය ක්ෂේත්‍රයේ වෙනස්කම් රැසක් සිදුවිය. මෙතෙක් ඉටිපන්දම් ආලෝකයෙන් හෝ කුප්පි ලාම්පු සහායෙන් සිදුවූ රෝගී පිළියම් කාර්‌යයන්, සූර්‌ය බලශක්ති සහායෙන් වඩාත් වෘත්තීය මට්ටමින් ඉටුකිරීමට එහි සේවයේ නියුතු වෛද්‍ය කාර්‌ය මණ්ඩලයට අවස්ථාව හිමිවිය.

මෙවන් වූ ආකාරයට ශ්‍රී ලංකාවේ පමණක් නොව, දකුණු ආසියාවේම ප්‍රථම වතාවට සූර්‌ය බලශක්ති භාවිතය ශ්‍රී ලංකාවට කිසිදු වියදමකින් තොරව ක්‍රියාත්මක කිරීමේ හැකියාව මෙරට ජනතාවට හිමිවිය.

ඉන් දශකයක කාලය ඉක්ම යාමෙන් පසු කාලපරිච්ඡේදය දෙස බැලීමේදී මෙරට බලශක්ති පාරිභෝගිකයන් වඩාත් වේගයෙන් එවක වඩාත් ජනප්‍රිය වූ ජල විදුලිය සැපයුමට හුරුපුරුදු විය. එදා සූර්‌ය බලශක්ති භාවිතයේ පැවැති අභියෝගවලට වඩා පහසු වූ මගකින් වැඩි මිලක් ගෙවා ජල විදුලි සැපයුමට පුරුදු වීම හේතුවෙන් සූර්‌ය බලශක්ති භාවිතයෙන් ජනතාව කෙමෙන් ඈත්විය. ඒ සමගින් යාපහුව පන්සියගම වැනි පුරෝගාමී සූර්‌ය බලශක්ති ව්‍යාපෘතීන්හි සියලු බලශක්ති කට්ටල ගම තුළින් ඉවත්වී ජල විදුලියට එක්වීම හේතුවෙන් ගලවා ඉවත්වූ පන්සියගම සූර්‌ය බලශක්ති කට්ටල එම ගම්වැසි නිවාසයන්හි ගබඩා කාමර තුළ තැන්පත් විය.

ප්‍රේමදාස පාලන සමය නිමවී පොදුජන එක්සත් පෙරමුණ රජය බලයට පත්වූ අතර, උතුරු නැගෙනහිර යුද තත්ත්වයේ කිසියම් වූ සන්හිඳියාවක් ඇතිවිණි. එවක දකුණේ ජනතාව ලැබූ සංවර්ධනයේ පහස උතුරේ ජනතාවට හිමිනොවූ අතර, විශේෂයෙන් උතුරු පළාත සඳහා විදුලිය පහසුකම් යුද තත්ත්වය හේතුවෙන් අහිමි විය.

පන්සියගම සූර්ය බලයෙන් අලෝකමත්වූ මන්නාරම වැසියෝ
මෙම තත්ත්වය වටහාගත් මන්නාරම ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කාර්‌ය මණ්ඩලය, එදා යාපහුව පන්සියගම ගම්වැසියන් භාවිත කළ සූර්‌ය බලශක්ති කට්ටල තම ප්‍රදේශයේ බලශක්ති අවශ්‍යතාව ඉටුකිරීම සඳහා ලබාදෙන ලෙසින් සිය කළමනාකාරීත්වය වෙතින් සිදුකරන ඉල්ලීමේ ප්‍රතිඵලයක් ලෙසින්, ඉමහත් වූ දුෂ්කරතා මධ්‍යයේ පන්සියගමින් මන්නාරමට රැගන ගිය සූර්‌ය බලශක්ති කට්ටල භාවිතයෙන් දශක කිහිපයකින් පසු මන්නාරම ජනතාවට විදුලිය පහසුකම් හිමිවිය. එදා යාපහුව පන්සියගම ජනතාවට මුල්වරට බලශක්ති පහස ගෙනදුන් ඔස්ටේ්‍රලියාවේ බී.පී. සෝලා සමාගමේ සූර්‌ය බලශක්ති කට්ටල සහායෙන්, එයට වසර ගණනකට පසු, ජනවාර්‌ගික යුද්ධයෙන් බැටකෑ මන්නාරම ජනතාව විදුලි ආලෝකයේ පහස ලැබෙතැයි කිසිවෙක් නොසිතන්නට ඇත.

ඛෙත්තාරාම ක්‍රිකට් ක්‍රීඩාංගණයට සූර්‌ය බලශක්ති සහාය
එමෙන්ම 1986 වසරේ පෙබරවාරි මාසයේ අගමැති ප්‍රේමදාස මහතාගේ අදහසක් පෙරදැරිව රාත්‍රී ආලෝක ධාරාවන්ගෙන් සපිරිව ඇරඹි ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පිළිබඳ මෙහිදී අදහසක් පළකරනු කැමැත්තෙමි. එවක ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිවූ අවස්ථාවේදී එකී වැඩසටහන විවේචනය කළ පුද්ගලයන් පැවැසුවේ, මෙම ක්‍රීඩාංගණය තුළ දිවා රාත්‍රී තරග පැවැත්වීමෙන් දැරිය නොහැකි විදුලිය නාස්තියක් සිදුවන බවයි. මෙම චෝදනාවන් සඳහා පිළිතුරු සපයමින් සිය අදහස් දක්වමින් 86 පෙබරවාරි මස 02 දින ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කරමින් අදහස් දැක්වූ අගමැති ප්‍රේමදාස මහතා, ‘දකුණු ආසියාවේ ප්‍රථම දිවා රාත්‍රී ක්‍රිකට් ක්‍රීඩා කළ හැකි මෙම ක්‍රීඩාංගණය සඳහා විදුලි භාවිතය පිළිබඳ කිසියම්වූ විවේචනයක් පවතිනවා. අප ඒ පිළිබඳ අවධානය යොමුකරමින් ඒ සඳහා විකල්ප විසඳුම් සෙවිය යුතුය. එමෙන්ම අනාගතයේ කිසියම් වූ දිනයක සූර්‌ය බලශක්ති පහසුකම්වලින් සැපයෙන විදුලි සැපයුම තුළින් මෙහි ක්‍රිකට් තරග පැවැත්විය හැකි වේ නම් එයයි මගේ අපේෂාව වන්නේ…”‍යැයි පැවසීය.

දැනට මාස කිහිපයකට පෙරදී ඛෙත්තාරාම ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා නව විදුලි ධාරා පද්ධතියක් සවිකරනු ලැබීය. එයට සමගාමීව සමස්ත ක්‍රීඩාංගණ වහලය පුරා සවිවූ සූර්‌ය බලශක්ති පැනල තුළින් සමස්ත ක්‍රීඩාංගණයේ විදුලිය අවශ්‍යතාවයෙන් බහුතරය සපයයි. එය, මෙයට වසර 39කට ප්‍රථම ප්‍රේමදාස මහතා ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කළ අවස්ථාවේදී පැතූ ප්‍රාර්ථනාව ඉටුවීමකි.

ප්‍රේමදාස මහතා සිය රටවැසි ජනතාවගේ ජීවිත සුරැකීම සහ තම රට පිළිබඳ අනාගත දැක්මක් සහිත නායකයෙකි. නිවාස ජනාවාස සංර්වධනයේදී මෙන්ම, සමාජ දරිද්‍රතාව නැතිකරලීමේ ජනසවිය වැඩසටහනේ ක්‍රියාකාරීත්වය තුළින් ඔහු ඉදිරි දසුන්ගත නායකයකු බව සනාථ කර ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාව එදා මෙන් අදද මුහුණදී ඇති, වත්මන් පාලකයන්ට මෙතෙක් කිසිදු විසඳුමක් නොමැති බලශක්ති අර්බුදයට 1990/91 කාලපරිච්ඡේදය තුළදී ප්‍රේමදාස මහතාට වඩාත් ප්‍රායෝගික ජනහිතකාමී විසඳුම් සොයා එවා එහි ප්‍රතිලාභී ජනතාව සමගින් ක්‍රියාවට නංවන ලදී.
මෙම ලිපිය පුරා ලියවී ඇති අයුරින් එවා සදාතනිකව ජනතා මතකයන් වේ.

ලක්විජය සාගර පලන්සූරිය

SendShareShare
Previous Post

මැරුණා කියපු සාරාගේ හොල්මන පාර්ලිමේන්තුවෙන් මතුවෙයි! Sri Lanka Latest News

Next Post

කරන්ට් බිල ඉහළ දැම්මාට මහරගමින් පටන් ගත්ත පන්දම් විරෝධය රට වටා යයි! මේ මැදිරිගිරියේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.