• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනතාවට බදු මන්ත්‍රීවරුන්ට මරු! Sri Lanka Latest News

July 12, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
වගා නොකර අතහැර දමා ඇති ඉඩම්වලට බද්දක් පැනවීමේ තීරණයක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමිවන වැටුප සම්බන්ධයෙන් මේ වනවිට බොහෝ දෙනකුගේ අවධානය යොමුව තිබේ. ඒ, කළුතර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන සිය ෆේස්බුක් පිටුවෙහි සිය වැටුප් පත්‍රිකා කිහිපයක් පළකිරීමත් සමගය.

‘ඇත්ත ඇති සැටියෙන්’ යන සටහනත් සමග ජගත් විතාන මන්ත්‍රීවරයා පළකර තිබූ සිය මන්ත්‍රී වැටුප් පත්‍රිකාවලට අනුව මෙම වසරේ ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා තමන්ට ලැබුණු වැටුප, අදාළ දීමනා සහ බදු අයකර ගැනීම් එහි දක්නට ලැබේ.

එහිදී බොහෝ දෙනකුගේ අවධානයට යොමුවූ කරුණක් වන්නේ, මන්ත්‍රීවරුන්ගේ වැටුපට අදාළව අයකෙරෙන උපයන විට බදු අයකර ගැනීමේ ප්‍රමාණයයි.

බදු විෂමතාවක්?
මන්ත්‍රීවරුන්ගේ වැටුප් සඳහා අයකෙරෙන උපයන විට බද්ද සම්බන්ධයෙන් බොහෝ දෙනකු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කර තිබිණි.
‘මන්ත්‍රීවරුන් උපයන විට ගෙවන බද්දෙන් නිදහස්ද? නැත්නම් මේ ගණනය කර තිබෙන්නේ APIT (අත්තිකාරම් පුද්ගලික ආදායම් බද්ද) එක නම්, එය නිවැරදිද?’ යනුවෙන් සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන ජයලත් අත්තනායක ෆේස්බුක්හි සටහන් කර තිබිණි.

අප්‍රේල් මාසයේදී සිදුකරන ලද බදු සංශෝධනය අනුව සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 03ක වැටුප් ලබන පුද්ගලයකු සිය අත්තිකාරම් පුද්ගලික ආදායම් බද්ද ලෙස දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව වෙත මාසිකව රුපියල් 20,000ක් ගෙවිය යුතු අතර, ඊට පෙර බදු ලෙස මාසිකව රුපියල් 36,000කට ආසන්න මුදලක් ගෙවීමට සිදුව තිබිණි.
කෙසේ වෙතත්, ජගත් විතාන මන්ත්‍රීවරයාගේ වැටුප් පත්‍රිකාව අනුව, 2025 මැයි මාසයේ ඔහුගේ වැටුප රු. 327,713.92ක් වන අතර, ආදායම් බදු ලෙස අය කරගෙන ඇත්තේ, රු. 3,728.53ක් පමණි.

‘මන්ත්‍රීවරුන්ගෙන් අයකරන බදු අඩුවීම විශාල ගැටලූවක් වෙලා’

මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප් පත්‍රිකාවේ ඔවුන්ගෙන් අයකරන බදු මුදල අඩු අගයකින් සඳහන්ව තිබීම සම්බන්ධයෙන් බොහෝ දෙනකු තුළ ගැටලුසහගත තත්ත්වයක් මතුකර ඇති බව බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දෙමින් වයඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පැවැසුවේය.
‘මෑත කාලයේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණු විශේෂ සටහනක් තිබුණා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වැටුප් පත්‍රිකාවක්. ඒ වැටුප් පත්‍රිකාව ගත්තම ගොඩක් දෙනා බලන්න ඇත්තේ මන්ත්‍රීවරයකු කොපමණ මුදලක් වැටුපක් විදිහට ගන්නව ද කියලා. අපි සාමාන්‍යයෙන් කිව්වේ උපයන විට බද්දකට ගෙවීමට යටත් වෙනවා. නමුත් දැන් අපි ඒකට කියන්නේ අත්තිකාරම් පුද්ගලික ආදායම් බද්ද කියලා.’

‘දැන් ඔය ඉන්කම් ටැක්ස් එක මන්ත්‍රීවරුන්ගෙන් කොච්චරක් අඩු කරලා තිබුණද කියලා බැලුවම අපිට පෙනීගිය කරුණක් තමයි, ඒ වැටුපෙන් අඩු කරලා තියෙන බදු අනුපාතය ඉතාම අවමයි කියන එක. සාමාන්‍යයෙන් ලක්ෂ 03ක විතරක් ආදායමක් ලබන මන්ත්‍රීවරයෙක් මාසිකව අවම වශයෙන් රුපියල් 20,000ක් වගේ බද්දකට යටත් වෙන්න ඕනෙ. නමුත් අද අපි දකින දේ තමයි මන්ත්‍රීවරයකුගේ බදු අඩුවෙලා තියෙන්නේ රුපියල් 4,000-5,000ත් අතර ගාණක්. ඒ නිසා විශාල ගැටලුවක් තියෙනවා කොහොමද මන්ත්‍රීවරුන් මෙච්චර අඩු ටැක්ස් එකකට යටත් වුණේ කියලා.’

‘සමහරක් විට ඔවුන්ගේ සමහර දීමනා බදුවලින් ඉවත් කරලා ඇති. නමුත් ආදායම් බදු පනතට අනුව නම් මන්ත්‍රීවරයෙක් උපයන සියලු ආදායම්, බද්දට යටත් වෙන්න ඕනෙ. ඊළඟ ගැටලුව තමයි මන්ත්‍රීවරුන් වසර අවසානයේදී බදු ගෙවනවා නම් ඒ බදු ගෙවද්දී තමන් කලින් ගෙවපු බදු අඩුකර ගන්න පුළුවන්. එතකොට කලින් බදු අඩුවෙන් ගෙවලා තියෙනව නම් වසර අවසානයේදී මන්ත්‍රීවරුන්ට විශාල අදායම් බද්දක් ගෙවීමට යටත් වෙන්න වෙනවා.’

‘මන්ත්‍රීවරුන් ඔක්කොටම බදු ලිපිගොනු තියෙන්න ඕනෙ මේ ලබන වැටුපත් එක්ක. එතකොට ඔවුන් ඔක්කොටම වසර අවසානයේදී විශාල බදු මුදලක් ගෙවන්න වෙනවා දැන් අඩුවෙන් නම් බද්ද ගෙවන්නේ…’ මහාචාර්යවරයා පැහැදිලි කළේය.

මන්ත්‍රීවරුන් අඩුවෙන් බදු ගෙවන්නේ ඇයි?
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළකර ඇති වැටුප් පත්‍රිකාවට අදාළව සඳහන් වී ඇති බදු අයකිරීම අවම ගණනකට යටත්ව ඇති හේතුව කුමක්ද යන්න පිළිබඳ බීබීසී සිංහල සේවය දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළේ.

එහිදී දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නම හෙළිකිරීමට අකැමැත්ත පළකළ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවැසුවේ, මීට වසර දෙකකට පමණ ඉහතදී නිකුත් කරන ලද චක්‍රලේඛයකට අනුව රාජ්‍ය සේවකයන්ගේ දීමනා ආදිය සඳහා බදු අයකිරීමේදී යම් ප්‍රතිශතයන් සඳහා සීමාවන් පැනවීමක් සිදුකර ඇති බවය.
‘මේ මන්ත්‍රීවරයාගේ වැටුප් පත්‍රිකාව අනුව ඒකෙ දුරකතන, ප්‍රවාහන සහ සහ ඉන්ධන වෙනුවෙන් දීමනාවන් ලබාදීලා තියෙනවා. 2023 අවුරුද්දේ අප්‍රේල් 06 වැනිදා චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා සේවා නියුක්තික ආදායම් ගණනයේදී ප්‍රතිලාභ සඳහා ඇතැම් මුදල් ප්‍රමාණයන් ප්‍රමාණනය කිරීම කියලා.’
‘ඒකෙ 03 වැනි සහ 04 වැනි අයිතම්වලදී පිළිවෙළින් දැනුම් දීලා තියෙනවා ඉන්ධන සහ වාහන සඳහා වෙන්කරන මුදලින් සියයට 25ක් විතරයි බද්දට යටතේ වෙන්නේ කියලා. එතැනින් සියයට 75ක් බද්දට යටත් වෙන්නේ නැහැ.’

‘මේ අයවත් පාර්ලිමේන්තු සේවකයන් කියලයි ගණන් ගන්නේ. මේ මන්ත්‍රීවරුන් සේවා නියුක්තිකයෙක් විදිහට ඔවුන්ගේ රාජකාරී සඳහා වන ගමන් වියදම් රාජකාරී සඳහා කරන වියදම් ගණනය කරන්නේ රාජකාරී අවශ්‍යතා වෙනුවෙන්.’
‘එතකොට මේ මන්ත්‍රීවරයාගේ වැටුපේදී ඉන්ධන, ප්‍රවාහන වගේම දුරකතන දීමනා එකතු කරලා බැලුවාම ලක්ෂ 02කට අධික මුදලක් තියෙනවා. එතකොට ඒ මුළු මුදලෙන් 25%කට වගේ තමයි බදු අයකිරීම සිදුකරලා තියෙන්නේ පෙනෙන විදිහට.’
‘ඒ වගේම මේ බදු සහනය රජයේ සේවකයන්ට විතරක් නෙමෙයි, පෞද්ගලික අංශයේ අයටත් සහන තියෙනවා මේ චක්‍රලේඛය ඔස්සේ…’ එම නිලධාරියා පැවැසුවේය.

පාර්ලිමේන්තුවේ කරුණු දැක්වීම
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුපට අදාළව බදු අයකිරීම සම්බන්ධයෙන් සාමාජයේ ඇතිවී තිබෙන කතාබහ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා බීබීසී සිංහල පාර්ලිමේන්තුවේ මූල්‍ය අංශයේ ප්‍රධානියාගෙන් විමසීමක් කළේය. එහිදී ඔහු කියා සිටියේ, තොරතුරු දැනගැනීම සඳහා තොරතුරු දැනගැනීමේ පනත යටතේ විමසීමක් සිදුකරන ලෙසය.

ඒ අනුව, අදාළ තොරතුරු ඉල්ලා අයැදුම් පතක් යොමුකර ඇති අතර, එම තොරතුරු ලැබීමෙන් අනතුරුව එය පළකිරීමට පියවර ගනු ඇත.

බීබීසී සිංහල

SendShareShare
Previous Post

ට්‍රම්ප්ගේ 30%ක බද්ද ගැන අනුර හා අපනයනකරුවන් අතර විශේෂ සාකච්ඡාවක්! අනුරගෙන් තවත් සහතිකයක්! PHOTOS I Sri Lanka Latest News

Next Post

මෛත්‍රී තහනම් කළා! ෂාරුක් එන අලුත් කැසිනෝ එකට කව්ද ලයිසන් දුන්නේ? කැබිනට් පත්‍රිකාව කෝ? 45%ක බද්ද ගහනවද? Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.