• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොඩ්ඩක් කල්පනා කරලා බලන්න… දැන් නම් නාට්‍ය බලන්න වෙලාවක් නෑ! සමහරු චිත්‍ර අඳිනවා! සමහරු ගල් බඳිනවා! සමහරු වැලි හලනවා! සමහරු බැකෝ පදිනවා! Sri Lanka Latest News

July 12, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
පොඩ්ඩක් කල්පනා කරලා බලන්න… දැන් නම් නාට්‍ය බලන්න වෙලාවක් නෑ! සමහරු චිත්‍ර අඳිනවා! සමහරු ගල් බඳිනවා! සමහරු වැලි හලනවා! සමහරු බැකෝ පදිනවා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සහෝදරයා, සහෝදරිය, පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, අපි අවුරුදු ගානක් තිස්සේ ලංකාවේ දේශපාලනය ඇතුළේ එක එක සෙල්ලම් දැක්කා. විවිධ නාට්‍ය සංදර්ශන අපි දැක්කා. ගොඩක් කට්ටිය අපේ ඉස්සරහා රඟපෑවා. ඒ රඟපෑම්වලට අපි රැවටුණා. රැවටිලා අවුරුදු හැත්තෑ ගානක් තිස්සේ මේ රට හොරුන්ට, තක්කඩින්ට, වංචාකාරයන්ට භාර දුන්නා. ඔහොම භාරදීලා ඇති වෙලා මේ රට ඔයාලට දීලා තියෙන්නේ. එතකොට එහෙම ඔයාලට භාරදුන්නේ නැවතත් පරණ සින්දුවම අහන්න නෙමෙයි. නැවතත් පරණ කතන්දරයම කියන්නත් නෙමෙයි. ලංකාවේ දේශපාලනය කියලා කියන්නේ, සෙප්පඩ විජ්ජාවලට කියන තව නමක් බව අපි දන්නවා. ගොඩක් වෙලාවට ලංකාවේ දේශපාලකයෝ දේශපාලනය කරන්නේ, ක්‍රියාවෙන් නෙමෙයි, කරන්න ඕන දේවල්වලින් නෙමෙයි, මිනිස්සුන්ට සේවය කරලා නෙමෙයි. ඒ වෙනුවට මිනිස්සුන්ට මැජික් පෙන්වලා. Sri Lanka Latest News

දැන් අපි ඔබතුමාලාගෙන් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඇත්තටම ලංකාවේ මහ පොළොවේ මේ වෙද්දී බොහෝ දේ වෙනවා. පාරවල්වල යද්දී පේනවා, පාරවල් හදනවා, ලයිට් දානවා, කානු හදනවා. ලොකු ප්‍රශ්න ගොඩකට උත්තර, ඔබතුමාලා විසින් හොයමින් ඉන්නවා. ඒක හොඳයි. අනික අපි දන්නවා ඔබතුමාලට මේ රටේ දේශපාලනයට ආවා කියලා, මේ රට ඇමෙරිකාවක් කරන්න බෑ, නවසීලන්තයක් කරන්න බෑ, එංගලන්තයක් කරන්න බෑ. හැබැයි, අපි අඩුම තරමේ බලාපොරොත්තු වෙනවා, ඔබතුමාලා මේ රට ශ්‍රී ලංකාවක් කරයි කියලා. මොකද පහුගිය දවස්වල අපේ රට ශ්‍රී ලංකාවක් වෙලා තිබුණේ නෑ. අපේ රට වෙනුවෙන් අපිට කරන්න තිබුණු ගොඩක් දේවල්, අපේ රටේ හිටපු මිනිස්සුත් කළේ නෑ. එහෙම නොකරපු බොහෝ දේ වෙනුවෙන්, ඒ මිනිස්සුන්ගෙන් අපි පලිගත්තා. අපි මේ විදිහට නොකරපු බොහෝ දේ වෙනුවෙන්, ඒගොල්ලන්ව පන්නලා දැම්මා. දැන් නොකරපු දේවලුයි කරපු දේවලුයි දෙකම හොයලා බලලා, අපි ඒගොල්ලන්ව පන්නලා දැම්මා විතරක් නෙමෙයි, සමහර අයව හිරේ දැම්මා. ඒ නිසා, දැන් අපි හිතන්නේ වැඩේ වෙනවා කියලා. හැබැයි එහෙම වැඩේ වෙනවා කියලා හිතන අස්සේ, අපිට පේනවා හරිනි මැතිනිය චිත්‍ර අඳිනවා. සමන්ත ඇමැතිතුමා ගල් බඳිනවා. සරත් ඇමැතිතුමා වැවක බැහැලා ඉන්නවා. අම්බිකා නෝනා වැලි හලනවා. මේ වගේ එක එක ජාතියේ සංදර්ශන තැන් තැන්වල දකිනවා. තව එක්කෙනෙක් බැකෝ එකක් පදිනවා. මේ වගේ එක එක ජාතියේ සංදර්ශන තැන් තැන්වලින් මතුවෙනවා අපිට පේනවා. අපි ඕවට සංදර්ශන කිව්වට සමාවෙන්න. ඒවා සංදර්ශන නෙමෙයිද? එහෙම නැත්නම් ඇත්තටම ඒ වැඩ කරන්නේ ඔබතුමාලමද කියලා අපි දන්නේ නෑ.

අපිට තියෙන ප්‍රශ්නේ මේකයි. ඇත්තටම රටේ අගමැතිනියව පත්කරලා තියෙන්නේ චිත්‍ර අඳින්න නෙමෙයිනේ. රටේ ඇමැතිවරු පත් කරලා තියෙන්නේ ගඩොල් බඳින්න නෙමෙයිනේ. රටේ මන්ත්‍රීතුමියලා ඉන්නේ වැලි හලන්න නෙමෙයිනේ. ඒගොල්ලෝ ඉන්නේ වැලි හලන අයට උපදෙස් දෙන්න. චිත්‍ර අඳින අයට උපදෙස් දෙන්න. මහපොළොවේ වැඩකරන අයට උපදෙස් දෙන්න. ඒ අයට අවශ්‍ය කරන උපදෙස් දීලා, ඒ අයට අවශ්‍ය කරන පරිසරය හදලා දෙන්න. මේ වෙලාවේ රටේ මැති ඇමැතිවරු ගඩොල් බඳින්න ගියාම, වැලි හලන්න ගියාම මේ රට කරන්නේ කවුද? ඒ නිසා මේ වගේ විකාර වැඩ තවදුරටත් අපිට අවශ්‍ය නෑ. ඇත්තටම අපිට සංදර්ශන එපා. අපිට ඕනේ වැඩ. අපිට ඕනේ බල්ලගේ වැඩේ බූරුවා කරන දේශපාලන සංස්කෘතියක් නෙවෙයි. අපි ඉස්සර දැක්කනේ එහෙම සංස්කෘතියක්. ගොඩක් වෙලාවට අපේ රටේ දේශපාලකයෝ, අපිට පේන්න තමයි එක එක නාඩගම් නැටුවේ. සමහර දේශපාලකයෝ පාපැදියෙන් යනවා. එයාගේ ආරක්ෂකයා පිටිපස්සෙන් දුවන් එනවා. සමහර වෙලාවට ඇමැතිතුමා පයින් යනවා. පිටිපස්සෙන් වාහන ටික එනවා. සමහර වෙලාවට, මඩේ බැහැලා වැඩකරන්න යනවා. අන්තිමට ඇමැතිතුමාගේ,මන්ත්‍රීතුමාගේ ඔළුවේ ඉඳන් මඩ. බොරුවට තැන් තැන්වල එක එක සංදර්ශන පෙන්වනවා. බොරුවට වැස්සේ තෙමෙනවා, තප්පර ගානක් කැමරාව ඉස්සරහා. මේ වගේ ඒවා දැන් අපිට එපා. මොකද අපිට මේවා ඇතිවෙලා තියෙන්නේ.

කෙනෙක් අහන්න පුළුවන් ඔබතුමාලට මේ දැන්ද මතක් වෙන්නේ කියලා. නෑ, එහෙම නෑ. අපි දන්නවා හරිනි අගමැතිතුමිය තීන්ත ගාන්නවත්, සරත් මන්ත්‍රීතුමා වැව්වල බැහැලා, එක එක නාඩගම් නටන්නවත්, අම්බිකා නෝනා වැලි හලන්නවත්, සමන්ත මහත්තයා ගල් බඳින්නවත්, තව කෙනෙක් බැකෝ පදින්නවත් මේ වෙලාවේ වගකීම් පවරලා නෑ කියලා.

අර අලියා බේරගන්න තැනට ගිහිල්ලා, මේ වළ පල්ලේ වාඩිවෙලා කල්පනා කර කර ඉන්න ඕනේ නෑ ඇමැතිතුමා. ඇමැතිතුමාට තියෙනවනේ පුටුවක්, ඇමැතිතුමාට තියෙන්නනේ මේසයක්. ඇමැතිතුමා පුටුවේ ඉඳගෙන, මේසේ ඉඳගෙන, ඒ දේවල් කතා කරලා, කල්පනා කරලා, සැලසුම් කරලා, දේවල් කරන එකයි කරන්න ඕනේ.
දැන් අපිට ඇතිවෙලා තියෙන්නේ. ඒ නිසා ඔබතුමාලත් අර පරණ ගහපු තැටියම නම් ගහන්න හදන්න එපා. මොකද මේ වෙලාවේ අපේ රටේ මිනිස්සුන්ට ඇත්ත දේශපාලනයක් අවශ්‍යයි. මොකද අපිට දැන් හති. මොකද, ගොඩක් වෙලාවට ආපු ආපු අය කළේ අපිව රවට්ටපු එක. ගෝඨාභය රාජපක්ෂව ලංකාවේ මිනිස්සු ජනාධිපති කරගත්තේ, මහා පුදුම වෙනසක් රට ඇතුළේ වෙනවා කියලා. අන්තිමට වෙච්ච වෙනස තමයි, කවදාවත් නැතුව අරගලයක් ඇවිල්ලා, ජනාධිපතිව පන්නලා දාන එක. ඒ වගේ එක එක්කෙනා ඇවිල්ලා, එක එක නාට්‍ය පෙන්වලා, දැන් අපිව රවට්ටලා, රවට්ටලා, රවට්ටලා ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා ඔබතුමාලා එහෙම කරන්න නැතිවෙයි කියලා. ඔබතුමාලා, ඔබතුමාලාගේ රාජකාරිය කරලා, රාජකාරිය භාරදීලා තියෙනවා, ඒගොල්ලන්ට වැඩකරන්න දීලා, වැඩ බලන වැඩේ විතරක් කරන්න. ඇමැතිතුමාලට ඉතින්, වැලි හලන්නයි, ගල් බාන්නයි ඕනේ නෑනේ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

භාතිය, අපිට සමාව දෙන්න පුළුවන් නම්…! Sri Lanka Latest News

Next Post

චීනය නෝර්වේ හරහා ලංකා මුහුදට අත දාන්නද යන්නේ! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.