මෝටර් රථයක් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ඇතුළත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව තමන්ව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් එය වළක්වාලන නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය සහකාර කොමසාරිස්වරියක වන සූරියා ප්‍රියංගනී සිරිමාන්න මහත්මිය ඊයේ (3 දා) කළ ඉල්ලීමක් සලකා බැලීම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය මෙම මස 8 වැනිදා දක්වා කල්තැබුවාය. Sri Lanka Latest News










