• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩොලර් බිලියන 3.8ක් අනතුරේ! ඇඟලුම් ඇනවුම් 40%ක් අඩුවෙනවා! ලක්ෂ තුනහමාරක රැකියා අවදානමක! ආනයන වියදම් වැඩිවෙනවා! රුපියල අවප්‍රමාණය වෙනවා! ඍජු විදේශ ආයෝජනවලට බාධාවක්! තේ-රබර් නිෂ්පාදනවලට මරු පහරක්! ට්‍රම්ප් ගහපු බද්දෙන් රටට එන බලපෑම්වලට ආණ්ඩුව ගන්නා පියවර මොනවාද? සජිත් ආණ්ඩුවෙන් උත්තර ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

July 10, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඇමෙරිකානු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අප රටට ප්‍රතිචාරක තීරුබදු 30%ක් පැනවීම තුළ අප රටේ අපනයන ක්ෂේත්‍රයට බරපතල සෘණාත්මක බලපෑමක් සිදුවන බවත් ඇගලුම්, තේ, රබර්, තොරතුරු තාක්ෂණය, ධීවර ක්ෂේත්‍රයන්ට මෙහි සෘණාත්මක බරපතල බලපෑම සිදුවන බවත් අප රටේ අපනයනවලින් 26.4%ක අපනයන ගමනාන්තයක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය හැඳින්විය හැකි බවත් 2024 අප රටේ අපනයන වටිනාකම ඇ. ඩොලර් බිලියන 3.8ක් බවත් 30%ක ප්‍රතිචාරක තීරුබදු පැනවීම තුළ අපනයන වෙළෙඳාම කිරීම බරපතල ගැටලුවලට මුහුණ දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

අප රටේ ඇගලුම් අපනයනවලින් 60%ක් ඇමෙරිකාව බලා යන බවත් මේ බදු පැනවීම තුළ අප රටට ලැබෙන ඇනවුම් 30-40%ත් අතර ප්‍රමාණයකින් අඩුවන බවත් මෙය රබර් සහ තේ යන ක්ෂේත්‍රවලට බරපතල බලපෑමක් සිදුවන බවත් මේ හරහා රටට එන ඩොලර් ප්‍රමාණය අඩු වී රුපියල අවප්‍රමාණය විය හැකි බවත් ඒ තුළින් උද්ධමනය වැඩි වී ආනයන වියදම වැඩි විය හැකි බවත් ඊට අමතරව ඇගලුම් ක්ෂේත්‍රයේ 350000ක් පමණ රැකියාවල නිරත වන නිසා මේ තීරුබදු පැනවීම හරහා රැකියා සුරක්ෂිතභාවයට මරු පහරක් එල්ල වී අප රට අපනයන කේන්ද්‍රීය සෘජු විදේශ ආයෝජන කේන්ද්‍රස්ථානයක් පවත්වාගෙන යාමට බරපතල බාධාවක් වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරාත්මක බදු පැනවීම ගැන විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

මෙම ව්‍යුහාත්මක වෙළෙඳ හිගය දිගින් දිගටම ක්‍රියාත්මක වන බවත් එය මගහරවා ගත හැක්කේ අපනයන ගමනාන්තයන් විවිධාංගීකරණය කිරීම හරහා බවත් පැනවූ බදු 44% සිට 30%ට අඩු වීම අප රටට බරපතල බලපෑමක් නොවන බවට බොහෝ අය සිතුවත් මෙවන් විශාල ප්‍රතිචාරක තීරු බද්දක් පැනවීම තුළ අප රටට විශාල හානියක් බවත් වියට්නාමය බංග්ලාදේශය වැනි රටවලට වාසිදායක තත්ත්වයක් නිර්මාණය වන බවත් ඇගලුම් ක්ෂේත්‍රය මිල සංවේදී නිෂ්පාදනයක් බැවින් උසස් තත්ත්වයේ සන්නාම අප රටට අහිමි වීමේ ප්‍රවණතාවක් ඇති විය හැකි බවත් අගය එකතු කළ තේ රබර් ආශ්‍රිත නිෂ්පාදනවලට විශාල මරුපහරක් එල්ලවන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මේ අර්බුධය ඇති වෙන්න පෙර සමගි ජන බලවේගයේ අපි අනතුරු ඇගවූවා

වත්මන් රජය මේ ගැටලුව දැක දැක මේ ප්‍රශ්නයෙන් අප රටට හොදම විසදුම ලබා ගන්න කළ හැකි උපරිම දේ කළාද කියා ගැටලුවක් ඇති බවත් මේ ගැටලුව ඇති වන්නටත් පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයත් සමග මේ සිදුවන දේ ගැන පාර්ලිමේන්තුවේ සහ ඉන්පිටත රජයට අනතුරු ඇගවූ නමුත් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් අපනයන ක්ෂේත්‍රය වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රිකව ඒ යුතුකම ඉටු වූවාද ගියා ගැටලුවක් ඇති බවත් රටවල් දෙක අතර සාකච්ඡා කර අනුගමනය කළ යුතු ක්‍රමවේද හරියට වූවාද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ බදු පැනවීම සමාජ ව්‍යසනයකට මුල පිරීමක්

විශේෂයෙන්ම සෙනට් සභාවේත් හවුස් ඔෆ් රිප්ප්‍රසන්ටේටිව් සභාවේත් ශ්‍රී ලංකාවට සම්බන්ධ සාමාජිකයන් සමග සාකච්ඡා කර ඔවුන් හරහා ඇමරිකානු රජයට එල්ල කළ හැකි උපරිම බලපෑම එල්ල කළ යුතු බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ අණ පනත් මේ සභා දෙකෙන් අනුමත වූයේ සුළු ප්‍රමාණයකින් බැවින් මේ තත්ත්වයන් උපයෝගී කර ගෙන අප රට නිසි බලපෑමක් කළ හැකි බවත් මේ හරහා රජයට කළ හැකි බලපෑම හරියාකාරව ඉටු කළා ද කියා ගැටලුවක් ඇති බවත් ලෝක වෙළෙද සංවිධානය හරහා කළ හැකි බලපෑම් ටික නිසි ආකාරව සිදුවූයේ ද යන්න ද ගැටලුවක් ඇති බවත් මේ ප්‍රතිචාරක තීරුබදු පැනවීම නිසා අප රටේ ක්ෂේත්‍ර ගණනාවකට බරපතල බලපෑමක් එල්ල වන බවත් මේ ගැටලුවට රජය ලබා දෙන පිළිතුරු සහ විසදුම් දැන ගැනීමට අවශ්‍ය බවත් රැකියා අහිමිවීම කර්මාන්තශාලා වැසී යාම තුළ සමාජ ව්‍යසනයක් නිර්මාණය විය හැකි බැවින් මෙය දරිද්‍රතාව වැඩි වීමට හේතුවක් බවත් මෙවැනි තත්ත්වයක් තුළ මේ ගැටලුවට නිශ්චිතව ලබා දෙන විසදුම දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂයේ අපි රට වෙනුවෙන් උපරිම දායකත්වය ලබා දෙනවා

විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් අපනයන ක්ෂේත්‍රය වෙනුවෙන් කළ හැකි උපරිම දායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ජගත් විතාන එළියට දාපු පාර්ලිමේන්තු පඩි වාර්තාවලින් දොස්තරවරුත් කැළඹෙයි! දොස්තරවරුන්ගෙයි මන්ත්‍රීවරුන්ගෙයි පඩිය ටැක්ස් වෙන්නේ දෙවිදිහකටද? තොරතුරු දැනගැනීමේ පනත යටතේ GMOA එක මන්ත්‍රී පඩිය ගැන පාර්ලිමේන්තු මහලේකම්වරියගෙන් තොරතුරු ඉල්ලයි! I Sri Lanka Latest News

Next Post

ට්‍රම්ප් ගහපු 30% බද්ද ගැන වාණිජ මණ්ඩලය ආණ්ඩුවෙන් කරපු ඉල්ලීම! කලාපයේ අනෙක් රටවලට ගහන බද්ද ගොඩක් අඩු වේවි! අපි‌ට දාපු බද්ද තවත් අඩු කරගන්න අමෙරිකාව එක්ක දිගටම සාකච්ඡා කරන්න! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.