බොරැල්ල ලෙස්ලි රණගල මාවත ප්‍රදේශයේදී ඊයේ (08) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුකර තිබේ.Sri Lanka Latest News
පොලීසිය සඳහන් කළේ, පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.
වෙඩිතැබීමෙන් පසු සැකකරුවන් පලාගොස් තිබෙන අතර වෙඩිවැදීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බවද පොලීසිය පැවසීය.
සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.










