ශ්‍රී ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2025 ජුනි මාසයේ නිල සංචිත වත්කම් වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 6,080ක් ලෙස දැක්වේ.Sri Lanka Latest News
2025 මැයි මාසයේ මෙම අගය පැවතියේ ඩොලර් මිලියන 6,286ක් ලෙසිනි.
මේ අනුව පසුගිය ජුනි මාසය තුළ දී මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 3.3% කින් එනම් ඩොලර් මිලියන 206කින් පහළ ගොස් ඇත.
මේ සඳහා ප්‍රධාන වශයෙන් විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 6,231 සිට ඩොලර් මිලියන 6,023ක් දක්වා පහත වැටීම හේතු වී තිබේ.










