• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාටත් අමතක වෙච්ච – බහිනවට වඩා වේගයෙන් නැග්ග සුමනවීර!Sri Lanka Latest News

July 7, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
කාටත් අමතක වෙච්ච – බහිනවට වඩා වේගයෙන් නැග්ග සුමනවීර!Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘දැන් මේ තරගකරු දෙහිවල හන්දිය පසුකරමින් කොළඹ දෙසට ඉතා වේගයෙන් ගමන් කරනවා. දෙවැනි තරගකරු හෝ දෙවැනි තරගකරුවන්ගේ කණ්ඩායම පේනතෙක් මානයකවත් නැහැ. මේ කෙසඟ ශරීරයකින් හෙබි තරගකරු ඒ.ඇම්. සුමනවීර. සුමනවීරට ලංකා සවාරිය අවසන් කිරීමට ඇත්තේ තවත් සැතපුම් කිහිපයක් පමණයි…’ යනුවෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්තෘවට සජීවී විස්තර විචාරයක් මීට දශක 04කට පමණ පෙර එනම් 80 දශකයේ මුල (1981 හෝ 1982) ඉදිරිපත් කරන ලද්දේ ප්‍රවීණ විස්තර විචාරක පාලිත පෙරේරා විසිනි. Sri Lanka Latest News

ඉන් විනාඩි කිහිපයකට පසුව සුමනවීර ලංකා සවාරියේ අවසන් අදියරේ ජයග්‍රාහකයා වූයේ කොළඹ ලේක්හවුස් ඉදිරිපිට ජය කණුව පසුකරමිනි.
එදින ලංකා සවාරියේ අවසාන දින තරගය ආරම්භ වූයේ කතරගමිනි. කතරගම සිට කොළඹ ලේක්හවුස් ඉදිරිපිට දක්වා අවසාන අදියර ක්‍රියාත්මක විය. කතරගම සිට කොළඹ දක්වා කිලෝමීටර් 290ක පමණ දුරක් සුමනවීර තම පාපැදිය ධාවනය කරමින් එදින ජයගත්තේ තවත් නමගිය තරගකරුවන් රැසක්ද පරාජයට පත්කවමිනි.

බොනිපස් පෙරේරා, හෙන්ඩර්සන්, සරත් ඇතුළු දිවයිනේ නමගිය තරගකරුවන් රැසක් පරාජයට පත්කරමින් සුමනවීරට එදා ලංකා සවාරිය ජයගැනීමට හැකි විය.
සතියක් හෝ දින 10ක කාලයක් තුළ ලංකා සවාරිය ඒ දිනවල පැවැත්වෙන්නේ රට පුරාය. ඒ කාලයේ ලංකා සවාරිය රට පුරා පැවැත්වුණු අතර එක් දිනක් තුළ තරගකරුවන් සාමාන්‍යයෙන් කිලෝමීටර් 200ත් කිලෝමීටර් 250ත් අතර දුරක් ගමන් කළ යුතු විය. එතරම් දුර ප්‍රමාණයක් වර්තමානයේදී තරගවල දක්නට ලැබෙන්නේ නැත.
වර්තමානයේ ලෝකයේ ප්‍රකටතම පාපැදි සවාරිය වන ප්‍රංශ සවාරිය :* තුළ එක් දිනකට උපරිම වශයෙන් ධාවනය කෙරෙන්නේ කිලෝමීටර් 150ක් පමණි. බොහෝ දිනවල එක් දිනක් තුළ ප්‍රංශ සවාරිය සීමා කෙරෙන්නේ කිලෝමීටර් 120-140ත් අතර දුරකටය.

තාක්ෂණය බෙහෙවින් දියුණු වී ඇති වර්තමානයේ එක් දිනකට දුර ප්‍රමාණය අඩුකර තිබියදී තාක්ෂණය එතරම් නොදියුණු කාලයේ එනම් මීට වසර 40කට පමණ පෙර සුමනවීරලා දැක්වූ දස්කම් කෙතරම්ද කියා සිතාගත හැකිද?

දිනකට කිලෝමීටර් 250කට වැඩි දුර ප්‍රමාණයක් ලංකා සවාරිය තුළ ගමන් කිරීමට එදා කාලයේ පාපැදි ශූරයන් වූ සුමනවීරලාට හැකි වීම විශේෂත්වයක් නොවන්නේද?
මෙරට පාපැදි ක්‍රීඩාව ඉදිරියට ගෙන යෑමට සුමනවීරලා දැක්වූ සහයෝගය අතිමහත්ය. ඒ කාලයේ සුමනවීර රේස් පදින පාපැදි සවාරියක් නැරැඹීමට වැඩිපුරම ක්‍රීඩා ලෝලීන් මග දෙපසට එන්නේ සුමනවීර දැකබලා ගැනීමටය. ඒ තරමටම ඔහුගේ ගමන වේගවත්ය.

කඳු නැගීමේ ශූරයකු වන සුමනවීර ඕනෑම තරගයකදී කඳු ආශ්‍රිත ප්‍රදේශයේදී ඉදිරියට පැමිණෙන්නේ නිරායාසයෙනි.
‘සමහර ක්‍රීඩකයන් කඳු බහිනවට වඩා වේගයෙන් සුමනවීර කඳු නගිනවා…’ යනුවෙන් ඒ දිනවල පුවත්පත්වල පවා වාර්තා පළවිය.
ලංකා සවාරිය කඳු ආශ්‍රිතව ගමන් කරන අදියරවලදී සුමනවීර ඉදිරියට පැමිණෙන අතර, එම ඉදිරි පියවර සමස්ත ලංකා සවාරිය ජයග්‍රහණය කිරීම සඳහා සුමනවීරට බොහෝ විට ඉවහල් වේ.

සුමනවීරට කඳු නැගීමේ ශූරයා වීමට ප්‍රදාන හේතුවක් වූයේ ඔහු නිතරම කඳු තරණය කළ නිසාය. ඊට හේතුව ඔහු දිනපතා රාජකරියට ගමන් කළේ පාපැදියෙන් වීමයි.
එය එසේ මෙසේ දුරක් නොවේ. රත්නපුරයේ සිට කොළොන්නාවට කිලෝමීටර් 100ක් පමණ දුරක් දිනපතා සුමනවීර පැමිණෙන්නේ සවස වැඩ අවසන් වී රත්නපුරයට ගියේත් තමා තරගවලට සහභාගි වන පාපැදියෙන්ම වීම විශේෂත්වයකි.

කොළොන්නාවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරම්භක නිලධාරියකු වශයෙන් වසර තිස් ගණනක් සේවය කළ සුමනවීර තම ගම වන රත්නපුරයේ සිට කොලොන්නාවේ තෙල් සංස්ථාව දක්වා දිනපතා රාජකාරියට පැමිණියේ පාපැදියෙනි. මේ නිසා අමුතුවෙන් පාපැදි තරග සඳහා පුහුණු වීමට සුමනවීරට අවශ්‍ය නොවීය.
තමාට වයස අවුරුදු 06දී තම පියා අහිමි වූ අතර, තම මව සහ අනෙක් සහෝදරියන් දෙදෙනා සමග සුමනවීර ගත කළේ දුෂ්කර ජීවිතයකි.
නමුත් එම දුෂ්කර ජීවිතයට නිතරම සුමනවීර මුහුණ දුන්නේ එන ඕනෑම අභියෝගයක් ජයගැනීමේ චේතනාවෙනි.
කඳු ශිඛර ජයගෙන පාපැදි ශූරයකු වූ සුමනවීරට තමාගේ ජීවිතය තුළ මුහුණ දීමට සිදුවූ බොහො දුෂ්කරතා තුළින් ලබාගත්තේ දැඩි අධිෂ්ඨානයකි.
සුමනවීරගේ හිත පාපැදියට ගිය කතාවද හරිම අපූරුය.

සුමනවීර ඉපදුණේ මිරිස්සේය. මිරිස්ස මහා විද්‍යාලයෙන් 2 ශ්‍රේණිය දක්වා ඉගෙනගත් සුමනවීර ඉන් පසුව ගියේ රත්නපුර නිවිතිගල සුමන විද්‍යාලයටයි.
තම නිවසේ සිට පාසලට කිලෝමීටර් 04ක් පමණ වූ අතර, සුමනවීර පාසල් ගියේ බස් රථයෙනි. බස් රථයේ ගමන් කරන සුමනවීර දිනක් අපූරු දසුනක් දුටුවේය.
තම ගමේ පුංචි මහත්තයා සහ ආරිය රත්න යන දෙදෙනා පාපැදි දෙකකින් වේගයෙන් ගොස් තමන් ගමන් කරන බස් රථය පසුකරනවා සුමනවීර දුටුවේය.
මෙය සුමනවීරට මහා වීර ක්‍රියාවක් විය. බස් රථය පසුකර මේ දෙදෙනා ගමන් කරන ආකාරය බොහෝ දිනවල දී සුමනවීර බස් රථයේ සිට බලාගෙන සිටියේ මහත් ආශාවෙනි.
ඔහුටද පාපැදියක් ලබාගැනීමට අවශ්‍ය විය. ඒ කාලයේ පාපැදියක මිල රුපියල් 30කි. නමුත් ඒ සඳහා වත්කමක් නොවීය. සුමනවීර මවට කීවද ඵලක් වූයේ නැත. සුමනවීරට බස් රථයෙන් පාසල් යෑම සඳහා දිනකට ශත 30ක් මවගෙන් ලැබිණි.

කිලෝමීටර් 04ක් බස් රථයෙන් නොයා පා ගමනින් පාසලට ගොස් නැවත පාගමනින්ම සුමනවීර නිවසට පැමිණියේ පාපැදියක් ලබාගැනීම සඳහා මුදල් එකතු කිරීමටය.
එසේ මවටත් හොර රහසේ එකතු කරන ලද කාසිවලින් නෙස්ටමෝල්ට් ටින් දෙකක් පිරෙන විට පාපැදියක් ලබාගැනීමට අවශ්‍ය වී තිබුණු රුපියල් 30ක මුදල සොයාගැනීමට සුමනවීර සමත් වී තිබිණි.

තමාගේම මුදලින් ලබාගත් පාපැදිය පැදගෙන මුල් වරට පාසලට ගිය සුමනවීර වැඩි කල් නොගොස්ම බස් රථය පසුකර පාපැදිය ධාවනය කරවන්නට විය.
සුමනවීර වේගයෙන් පාපැදිය පදිනවා දුටු බොහෝ දෙනකු කියා සිටියේ පාපැදි තරග සඳහා සහභාගි වන ලෙසයි.

රත්නපුරයේ පාපැදි ශූරයකු වූ කේ.ජී. රණසිංහ සුමනවීරට කීවේ නිදහස් දිනය වෙනුවෙන් රත්නපුරයේ පැවැත්වෙන පාපැදි තරගයකට සහභාගි වන ලෙසයි.
ඒ අනුව 1965 වසරේ පෙබරවාරි 04 වැනිදා නිදහස් දිනය වෙනුවෙන් පැවැති පාපැදි තරගයට මුලින්ම සුමනවීර ඉදිරිපත් වූ අතර, එම තරගයේදී සුමනවීර ප්‍රථම ස්ථානය දිනාගන්නා විට කේ.ජී. රණසිංහ දෙවැනියා බවට පත්විය.

සුමනවීර කවදා හරි රටේම පාපැදි ශූරයා වන බවට කේ.ජී. රණසිංහ එදින කියූ අනාවැකිය වැඩිකල් නොගොස් සාර්ථක වන්නට විය.
සුමනවීර මිලදී ගත් හර්කියුලිස් වර්ගයේ මුල්ම පාපැදියට සුමනවීර බොහෝ ලෙස ඇලුම් කර තිබිණි.

1984, 1985, 1986 මෙරට ප්‍රධානතම පාපැදි සවාරිය වන ලංකා සවාරිය පිට පිට තෙවතාවක් ජයගෙන සුමනවීර තැබූ වාර්තාව තවමත් බිඳ දැමීමට කිසිවකුට හැකි වී නැත.
ලංකා සවාරිය වැනි දැවැන්ත පාපැදි සමාරි වසර ගණනාවක් තිස්සේ දක්නට නොලැබීමද කනගාටුවට කරුණකි.

සුමනවීර ලංකා සවාරිය ජය ගන්නා විට රත්නපුරයේ මැණික් මුදලාලිලා කිහිප දෙනකුගේම අනුග්‍රහය සුමනවීරට ලැබිණි. විශේෂයෙන්ම කහවත්තේ ගුරුගේ මැණික් මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතුය.

1978 තායිලන්තයේ බැංකොක් නුවර පැවැති ආසියාතික පාපැදි තරගයේදී දස්කම් දැක්වූ සුමනවීර කිලෝමීටර් 71ක් එම තරගය පුරා ඉදිරියෙන් සිටියේය.
ඔහු තරගයට ඒ අවස්ථාවේදී සහභාගි වූයේ වසර 100කට වඩා පැරැණි පාපැදියකිනි. ඒ වනවිට ලංකා සවාරිය ජයග්‍රහණය කර නොතිබූ නිසා සුමනවීරට අනුග්‍රහය දැක්වීමට කවුරුවත් ඉදිරිපත් වූයේ නැත.

‘අවුරුදු 100ක් පරණ පාපැදියෙන් තරග වදින වීරයා…’ යනුවෙන් තායිලන්තයේ පුවත්පත් සුමනවීර ගැන ලිපි පළකර තිබිණි.

මෙය දුටු ඔමානෝ නමැති සමාගමක් සුමනවීරට අලුත් පාපැදියක් ලබාදීමට සූදානම් වූ අවස්ථාවේදී එවක සුමනවීරගේ පාපැදි කණ්ඩායම භාරව ගිය කළමනාකරු එය ප්‍රතික්ෂේප කළේය. ඊට හේතුව වශයෙන් ඔහු ප්‍රකාශ කර තිබුණේ එම අවස්ථාවේදී සුමනවීර එම පාපැදිය භාරගත්තා නම් එය ශ්‍රී ලංකාව සිදුවන අපකීර්තියක් බව සඳහන් කරමිනි. එවැනි අසාධාරණ තීන්දුවලටද මුහුණ පෑමට සුමනවීරට සිදුවූ අවස්ථා විරල නොවේ.

ගමේ ගොඩේ ක්‍රීඩාව වන පාපැදි තරග සඳාහ සමාජය තුළ මෙන්ම විදෙස් රටවලදීද ශ්‍රී ලංකාවට මහත් ගෞරවයක් ගෙනදුන් සුමනවීර තම පුතුන් දෙදෙනාට හා දියනියන් තිදෙනාටද පාපැදි ලබාදුන්නේ තමා කුඩා කාලයේදී මුහුණ දුන් දුෂ්කර අත්දැකීම් තම දරුවන්ට ලබා නොදීමටයි.

දරුවන් පස්දෙනාම පාපැදි ශූරයන් වූ අතර, දියණියන් දෙදෙනා මෙරට ජාතික ශූරතා රැසක් පමණක් නොව විදෙස් රටවලදී ජාත්‍යන්තර ශූරතා රැසක්ද දිනාගෙන මවුබිමට ලබාදුන් කීර්තිය අමතක කළ නොහැක.

තමා පාපැදිය වෙනුවෙන් කළ කැපවීම තම දරුවන් හරහාද රටට ලැබෙන විට සුමනවීර දෑසින් සතුටු කඳුළු හෙළුෑ වාර අනන්තය.
නමුත් රටක් ලෙස පෙරළා සුමනවීර වෙනුවෙන් යම් දෙයක් කළාද, යම් දෙයක් කළා කියා සෑහීමකට පත්විය හැකිද?

මෙම ජාතික පාපැදි ශූරයා වසර 77ක් ආයු වලඳා පසුගියදා අභාවප්‍රාප්ත විය. ඔහු සමග එදා සිටි සමකාලීන පාපැදි මිතුරන් කිහිප දෙනකුම සුමනවීර අවසන් ගමන් යන විට අවමඟුල් පෙරහැරේ ගමන් කළේ පාපැදි තල්ලුකරගෙනය.

ගමේ පොඩි මිනිසාගේ ජනප්‍රියතම ක්‍රීඩාවක් වන අවුරදු උත්සවවලදී නැතුවම බැරි ක්‍රීඩාවක් වන මුළු ගමම, මුළු රටම එකතු කරන ක්‍රීඩාවක් වන පැවැදි ක්‍රීඩාව වෙනුවෙන් අතිවිශාල මෙහෙවරක් තමා පමණක් නොව තම දරු පවුලත් සමගම රට වෙනුවෙන් සිදුකළ සුමනවීරට රටක් ලෙස අප අපගේ යුතුකම ඉටු කළාද?
සුමනවීර වැනි කෙනකු ඉන්දියාවේ සිටියා නම් තත්ත්වය මීට වඩා වෙනස් වීමට ඉඩ තිබිණි.

සුමනවීර වෙනුවෙන් ජාතික උපහාරයක් සිදුකරන ලෙස වසර ගණනාවක් තිස්සේ අවධානයට ලක් නොවීම කනගාටුවට කරුණකි.
සුමනවීරලා වැනි තවත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් තවමත් සිටී. ඔවුනුත් අවසන් ගමන් යෑමට පෙර ජීවත්ව සිටියදීම ඇගයීමට ලක් වෙනවා නම් කෙතරම් අගනේද?

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

SendShareShare
Previous Post

ජවිපෙ මහලේකම් ටිල්වින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය බින්දුවටම දාලා කතාකරයි! ඒගොල්ලේ ගැන අහලා නිකම් කාලෙ නාස්ති කරන්න එපා! VIDEO I Sri Lanka Latest News

Next Post

සුපිරි කොලිවුඩ් නළු සත්‍යරාජ් චෙම්මනි මිනීවළ ගැන ජාත්‍යන්තර අපරාධ පරීක්ෂණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

MORE NEWS

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.