රජය අනුමත කොට ඇති මිලට වඩා වැඩි මිලට සහල් විකුණුවහොත් එවැනි සහල් නිෂ්පාදන සමාගම් සහ ආයතන ලක්ෂ 50ක දඩයකට යටත් කෙරෙන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
දැනට අනුමත උපරිම සිල්ලර මිලට වඩා අධික මිලකට සහල් අලෙවි කළහොත්, රුපියල් ලක්ෂ 50ක දඩයක් ගෙවීමට එවැනි වෙළෙඳුන් සූදානමින් සිටිය යුතු බවද අධිකාරිය කියයි.
රජය මිල නියම කර ඇති රෙගුලාසි උල්ලංඝණය කරන ඉහත කී වෙළෙඳුන්ට එරෙහිව දැඩිව නීතිමය පියවර ගනු ලබන බවද, හිතූ මනාපෙට සහල් මිල වැඩිකරන පෞද්ගලික සමාගම් සහ ආයතනවලට රුපියල් ලක්ෂ පහේ සිට රුපියල් මිලියන 5 දක්වාද, තනි හිමිකරුවන්ට රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ 5 දක්වාද, මාස 6ක සිර දඬුවමක් හෝ එම දෙකම නියම කළ හැකි බවද ඒ පිළිබඳ දැනටමත් නිවේදනයක් නිකුත්කර ඇති බවද පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රකාශකයෙක් පැවැසීය.
නන්දන ශ්‍රී දොරකුඹුර










