• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාමඤ්ඤ මහා නිකායේ 74 වන උපසම්පදා මහෝත්සවයට අනුර එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

July 1, 2025
in Exclusive
Reading Time: 11 mins read
A A
රාමඤ්ඤ මහා නිකායේ 74 වන උපසම්පදා මහෝත්සවයට අනුර එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බලය හා ධනය හමුවේ සියලු යහපත් දේ විනාශ කරමින් අයහපත් වටිනාකම් එක් කළ සමාජයට යළි මනුෂ්‍යත්වයේ ජීවය කැඳවාගෙන එමින් විනයගරුක සහ යහපත් සමාජයක් ගොඩනැඟිය යුතු බවත් එහිදී මෙරට මහා සංඝරත්නයට විශාල දායකත්වයක් ලබා දිය හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.Sri Lanka Latest News

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ගල්නෑව මහවැලි ක්‍රීඩාංගණයේදී පැවති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 74 වන උපසම්පදා මහෝත්සවයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.

භෞතික වශයෙන් අත්කරගත යුතු ජයග්‍රහණ මෙන්ම අධ්‍යාත්මික වශයෙන්ද ළඟා කර ගත යුතු ජයග්‍රහණ රැසක් තිබෙන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා දිගු කලක් මෛත්‍රිය, කරුණාව, අවිහිංසාව පදනම් කර ගෙන ධර්මය දේශනා කළ, එම ධර්මයට සවන් දුන් රටකට අද අත් වී ඇති ඉරණම සියලුදෙනා අවබෝධ කර ගත යුතු බව පැවසීය.

එබැවින්, විනයගරුක සහ යහපත් සමාජයක් නිර්මාණය කිරීමේ වගකීම ඉටු කිරීමට සියලුදෙනා අප්‍රමාදව එක්ව කැප විය යුතු බව අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, බුදු දහමේ චිරස්ථිතිය සහ අඛණ්ඩතාව ඉදිරියට පවත්වාගෙන යාමේදී උපසම්පදා විනයකර්ම ආදී අවස්ථා ඉතා වැදගත් වන බවද කියා සිටියේය.

එසේම, ඇතැම් දේශපාලන කණ්ඩායම් බලය යළි අත්පත් කර ගැනීමේ මෙවලමක් ලෙස ජාතිවාදය උපයෝගි කර ගත් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, එහි ගොදුරු බවට පත් වුයේ එම දේශපාලකයින් නොව උතුරේත්, දකුණේත් අහිංසක දෙමව්පියන්ගේ දරුවන් බවද ප්‍රකාශ කළේය. එබැවින්, ජාතිවාදය ප්‍රතික්ෂේප කරමින් ජාතික සමගිය ගොඩනැඟීමට වෙහෙස දැරිය යුතු බවත්, සියලුදෙනාට ප්‍රජාතන්ත්‍රවාදීව සහ නිදහසේ කටයුතු කිරීමට හැකියාව තිබුණද, යළි කිසිදු අවස්ථාවක ජාතිවාදයට හිස එසවීමට ඉඩ නොතබන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. ඒ සඳහා පවත්නා නීති ප්‍රමාණවත් නොවන්නේ නම් නීති ශක්තිමත් කර හෝ ජාතිවාදය පරාජය කරන බවත්, සිංහල, දෙමළ, මුස්ලිම් සියලුදෙනා එකට ජිවත් වන සමාජයක් නිර්මාණය කිරීම තම රජයේ අරමුණ බවත් පැවසිය.

එමෙන්ම ස්වාමින් වහන්සේලාගේ විනය පිළිබඳ කතිකාවතක් ඇති කිරිමේ සාකච්ඡාව පිළිබඳවද අදහස් දැක් වූ ජනාධිපතිවරයා, ඒ පිළිබඳ මහනායක ස්වාමින්වහන්සේලා පොදු සම්මුතියකට එළැඹෙන්නේ නම් එම කතිකාවත ඉදිරියට ගෙන යාමට රජයට හැකි බවද සඳහන් කළේය. එතෙක් විහාර දේවාලගම් පනතේ 42 සහ 43 වගන්ති සංශෝධනය කිරීමට කළ ඉල්ලීම බුද්ධශාසන අමාත්‍යවරයා වෙත භාර දී තිබෙන බවත්, දැනටමත් එය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට භාර දී තිබෙන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදි අනුශාසනාවක් සිදු කළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහාපණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල මාහිමිපාණන් වහන්සේ සදහන් කළේ ශාසනයේ ඉතා සුළු පිරිසක් සිදු කරන අකටයුතුකම් සමාජ මාධ්‍ය ඔස්සේ හුවා දක්වමින් සමස්ත සංඝ සමාජයටම අපවාද එල්ල කිරීම, සැදැහැවත් ජනතාව මහා සංඝරත්නයෙන් දුරස් කිරීමට හේතු වී ඇති බවයි.මෙරට භික්ෂු සමාජය ආරක්ෂා කර ගනිමින් රටට අවශ්‍ය බහුශ්‍රැත හා විනයධර භික්ෂු පරපුරක් ගොඩනැඟීම වෙනුවෙන් මෙවන් උපසම්පදා විනයකර්ම වැදගත් වන බවද උන් වහන්සේ පෙන්වා දුන්හ.

මෙවර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා මහා විනය කර්මය උතුරු මැද පළාතේ ප්‍රාදේශීය සංඝ සභාවල සහ උපසම්පදා මහෝත්සව කමිටුවේ සංවිධානයෙන් කලාවැව, කලාකරඹෑව, ශ්‍රී විද්‍යාධාර මහා පිරිවෙන කේන්ද්‍ර කර ගනිමින් අද (30) සිට ජූලි 08 වන දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ලක්දිවෙහි පිහිටුවීමෙන් පසුව 1864 ජූලි මස ගාල්ලේ වැලිවත්ත විජයානන්ද පිරිවෙන කේන්ද්‍ර කර ගෙන මහමෝදර උදකුක්ඛේප සීමාවේදී ප්‍රථම උපසම්පදා විනය කර්මය සිදු කර ඇත. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය පිහිටුවීමෙහි මූලික වූ අතිපූජ්‍ය අඹගහවත්තේ ඉන්දාසභ වර ඥානසාමී සරණංකර මාහිමිපාණන් වහන්සේගේ සිට මේ දක්වා ඉතාමත් ඉහළින් ශාසනික පිළිවෙත් පරිදි සිදු කර තිබේ.

ඒ අනුව, මෙවරද චිරාගත සම්ප්‍රදායානුකූලව කලාවැව ගෝණනදී (කලා ඔය) උදකුක්ඛේප සීමා මාලකයේදී සාමණේරයන් වහන්සේලා 400ක් පමණ අධීසීල සංඛ්‍යාත උපසම්පදා සීලයෙහි පිහිටුවීම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහාපණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ “සසුන” උපසම්පදා කලාපය, “පටිපදා” ශාස්ත්‍රීය සංග්‍රහය සහ “උරුමයක අභිමානය” නම් ග්‍රන්ථයද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

දෙස්, විදෙස් වශයෙන් උදාර ආගමික හා ශාසනික සේවාවක නිරත ශ්‍රී ලංකා රාමඤ්ඥ මහා නිකායේ ස්වාමීන් වහන්සේලා වෙත ගෞරව නාම ප්‍රදානය සහ විජිනිපත් පිළිගැන්වීමද මෙහිදී ජනාධිපතිවරයා විසින් සිදු කරන ලදී.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක අග්ගමහාපණ්ඩිත මහාචාර්ය පූජ්‍ය අත්තංගනේ රතනපාල, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය අත්තංගනේ සාසනරතන, නියෝජ්‍ය අධිකරණ ලේඛකාධිකාරි පූජ්‍ය හාල්පන්විල පාලිත, උපසම්පදා පුණ්‍ය මහෝත්සව කමිටුවේ ප්‍රධාන සංවිධායක උතුරු මැද පළාත් නායක පූජ්‍ය ඇලප්පන්කුලමේ වංශානන්ද, හන්තාන සඳගිරි සෑ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, උතුරු මැද පළාත් ආණ්ඩුකාර ජිනදාස විමලසිරි යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයෝ සහ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කේ.ජී.ආර්. විමලසූරිය මහතා ඇතුළු රාජ්‍ය නිලධාරිහුද, තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු දෙස්-විදෙස් ආරාධිතයෝ පිරිසක්ද, දායක සභාවේ සාමාජිකයන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-06-30

SendShareShare
Previous Post

කරන්ට් බිල 15%කින් මේ මාසේ ඉඳන් වැඩිවෙනවා! ඒ අස්සේ අද රෑ ඉඳන් පෙට්‍රල් ලීටරෙත් රුපියල් 12කින් නගිනවා! ඩීසල් නගින්නේ 15කින්! භූමිතෙල් 7කින්! සැපයි නේ…! I Sri Lanka Latest News

Next Post

කහවත්ත රතු වෙයි! ගෙදරට ආපු 4 දෙනෙකුගේ කණ්ඩායමක් තරුණයන් දෙදෙනකු පැහැරගෙන ගිහින් වෙඩි තියලා! එක තරුණයෙක් එතැනම මරුට! අනෙකාට බරපතළයි! I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.