ගිලන්ව සිටින ජනප්‍රිය ගායක ඉෂාක් බෙග් මහතාගේ ප්‍රතිකාර සදහා ආරම්භ කළ ‘ඉෂාක්ට කෝටියක්’ ව්‍යාපෘතිය දින 4ක් ඇතුළත සාර්ථකව සම්පූර්ණ කර ගැනීමට හැකිවූ බව ගායක ගායිකා සංගමයේ සභාපති රොහාන් ද සිල්වා මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ මේ වනවිට එක්කෝටි පහලොස් ලක්ෂයක මුදලක් ඊට එකතු වී ඇති බවත්, ලබන ඇසල පොහොය දිනය දක්වා ඊට ආධාර කළ හැකි බවත්, එදිනට අදාළ මුදල් ඉෂාක් බෙග් හට පිළිගන්වන බවත්ය.










