• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වෙඩිල්ලක් වැදුණද? වසක් විසක් කැවුණද? විල්පත්තුව හොල්ලගෙන සිටි කාලි මැරුණාද? මැරුවාද? Sri Lanka Latest News

June 29, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
වෙඩිල්ලක් වැදුණද? වසක් විසක් කැවුණද? විල්පත්තුව හොල්ලගෙන සිටි කාලි මැරුණාද? මැරුවාද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ සතියේ කැලෑ කොලමෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙරට සුවහසක් වනලෝලීන් හා වනජීවීන්ට ආදරය කරන ඇතෙකුගේ තවත් ශෝකාන්තයක් ගැනයි. ඒ ‘කාලි’. මෙරට මහේශාක්‍ය අලි ඇත් පරපුර මිනිස් ක්‍රියාකාරකම් හා විවිධ හේතූන් නිසා අකාලයේ අහිමිව යාම ආරම්භ වූයේ මින් දශක දෙක තුනකට පෙරාතුවය. අවිධිමත් සංවර්ධනය, කැලෑ කුට්ටි එළිකිරීම, අයාලේ යන කෘෂිකර්මාන්තය හා අනීතික දඩයම, වනජීවී කළමනාකරණයක් නැතිවීම හා නියාමනය ක්‍රමවේදයක් නොමැති බව ඉන් ප්‍රධාන වේ. Sri Lanka Latest News

මෙරට පරිසර පද්ධතියේ අග්‍රගණ්‍ය සලකුණ අලි ඇතුන් වේ. එය සත්‍ය කාරණයකි. එහෙත් ඔවුන්ගේ ජීවන චක්‍රය යථා පරිදි පවත්වා ගැනීම සඳහා අපේ රටේ ජාතික වැඩපිළිවෙළක් තිබේද? පැලැස්තර විසඳුම්වලින් අද වනතුරු කිසිදු ප්‍රතිඵලයක් අත්වී නැත. මීට ආසන්නතම උදාහරණය වනුයේ විල්පත්තුව, පොම්පරිප්පුව, මොල්ලිකුලම් බීට්ටුව, කල්ලාරු රක්ෂිතය හා මෝදරගම් ආරු වනය රජදහන කරගත් ‘කාලි’ නම් මහේශාක්‍ය ඇතා අකාලයේ අපට අහිමි වීමයි. අපට මෙවැනි පාංශු දේහධාරී ඇතුන් සිටින්නේ අතළොස්සක් පමණි. ඔවුන්ගේ සංචරණ රටාවන් හා ගමන් බිමන් ආරක්ෂිතව පවත්වා ගැනීමට සක්‍රීය ක්‍රමවේදයක් යෙදීම වනජීවියේ වැඩකි.
අපි හැමදෙනාම සිද්ධියක් වූ විට එය ජනගත කරනවා විනා ඊට එහා දෙයක් කිරීමට අපට අවකාශ නැත. ඊට බලය හා නිලය ඇත්තේ අදාළ දෙපාර්තමේන්තුවටයි. ‘කාලි’ ඇතා අසාධ්‍යව වැටී සිට ඇත්තේ මීට දින හතරකට පෙරාතුවය. ඇතා හමුවන විට තත්ත්වය ඉතාම බරපතළ තත්ත්වයක තිබී ඇත. කොතෙක් උත්සාහ කළද පසුගිය සඳුදා රාත්‍රියේ කාලි සිය අවසන් හුස්ම තමන් ඉපදුණු ප්‍රදේශයේ වාතලයට මුදාහැරියා. දැනටමත් තවත් ඇතුන් දෙදෙනකු සිටිනුයේ ඉතා අවදානම් අඩියකය. ඒ, කලා වැවේ ‘යස’ හා ගල්ගමුව හා නිකවැරටිය ප්‍රදේශවල ජීවත්වන ‘භාතිය’ වේ.

කනෙහි තිබූ තරමක් පැරැණි තුවාල හා බඩෙහි තිබූ වෙඩිමූනිස්සම් කැබැලි ඇතාගේ මරණයට ඍජුවම හේතුවක් වී නැති බව වනජීවී වෛද්‍යවරුන්ගේ මතයයි. එහෙත් හඳුනා නොගත් වසක් විසක් හෝ වෙනයම් කරුණක් නිසා කාලිගේ මරණය සිදුව ඇති බව ඔවුන්ගේ මූලික අදහස වී ඇති අතර, ඒ සඳහා ශරීර කොටස් රසායනාගාර පරීක්ෂණ සඳහා යවා ඇති බවද සඳහන් වේ.

අපේ රටේ මහේශාක්‍ය දළ ඇතුන් ඉන්නේ ඉතා සීමිත පිරිසකි. ඔවුන්ගේ සංරක්ෂණයේ වගකීම වනජීවී දෙපාර්තමේන්තුව සතුවන අතර, ඔවුන්ගේ සංචරණය, ගමන් බිමන්, ජීවන රටාව, ආහාර ලබාගන්නා පිළිවෙළ පිළිබඳ නිරන්තර අධ්‍යයනයක යෙදීමට ක්ෂණික විහිදුම් බළකායක් හෝ ජී.පී.එස්. පලඳවා සතුන් ආරක්ෂා කරගැනීමේ ක්‍රමවේදයක් ඉතා කඩිනම්ම සලසාගත යුතුය. එය ලෝකයේ අනිත් රටවල් භාවිත කරයි. එසේ කළහොත් තවත් කාලයක් මෙවන් අනර්ඝ ස්වභාවික වනජීවී සම්පත් අපට රැකගත හැකි බව කැලෑ කොලමේ අපි අවධාරණය කර සිටින්නෙමු.

‘කාලි’ මට හමුවූ දින මතකයට නැගෙන විට එය සිහිනයක් මෙන් දැනේ. අද එය තවත් ශෝකාන්තයකින් කෙළවර වී ඇත. 2022 ජූලි 26 වැනි දින උදෑසන තලවිල පොම්පරිප්පු මාර්ගයේ අපි සෆාරියක් යනවිට අපේ ජ්‍යෙෂ්ඨ සගයා වූ රවීන්ද්‍ර සිරිවර්ධන එක් වරම කියා සිටියේ සුදු පැහැති කොටන් දෙකක් කැලේ සෙලවෙන බව නිරීක්ෂණය වන බවයි. ගතවූයේ නිමේෂයකි. මහේශාක්‍ය ගජිඳා වන කාලි එක්වරම කැලයෙන් මතුවිය. ක්ෂණිකව ඔහු පාර හරස් කොට සිටියේය. ඒ අවස්ථාවේ හැටියට වංගු හා ගස් වැල් වැලි සහිත මාර්ගයේ අපි ජීප් රථය හෙමිහිට පිටුපසට ගෙන නිසොල්මන්ව සිටියෙමු. විනාඩි 10ක 15ක ඇවෑමෙන් කාලි නිසොල්මනේ පාරෙන් ඉවත් විය. අපි ක්ෂණිකව ඉදිරියට ඇදෙනවාත් සමග ගස් ඉති අතු පොඩිකරමින් කාලි අප පසුපස හඹා ආවේය. අද මාතෘකාවට අදාළව ඒ ත්‍රාසජනක අත්දැකීමෙන් ලබාගත් ඡායාරූපය මේ සමග ඉදිරිපත් කොට ඇත.

ඉන් පසුව කාලි වසර දෙකක් පමණ කැලයෙන් එළියට ආවේ නැත. විල්පත්තු පොම්පරිප්පු වනාන්තර මන්නාරම් මාර්ගයේ ඇති නාවික හමුදා කඳවුර ඇති කැලෑ කුට්ටියේ කාලි ඉතා සුරක්ෂිතව දිවි ගෙවීය. නැවත කාලිව මතුවූයේ පසුගිය වසරේ සැප්තැම්බරයේදීය. කාලිගෙන් කිසිවකුට අතුරු ආන්තරාවක් සිදු නොවූ අතර, සාපේක්ෂව අනෙකුත් වන අලින් ඇතුන් දෙස බැලූ විට කාලිගේ සිරුරේ වෙඩි පහරවල් දකින්නට තිබුණේම නැත. කාලිගේ මරණය ස්වභාවික මරණයක්ද, නැතහොත් මිනිස් ක්‍රියාකාරකමක් නිසා එය සිදුවූයේද යන්න අද වනවිට ප්‍රශ්නාර්ථයක් වී තිබේ. පරීක්ෂණ කටයුතුවලින් එය තහවුරු කොට ගතහැකිය. අද අපි මොනවා කීවත් කාලි අපෙන් සමුගෙන අවසන්ය. මෙහෙම ගියොත් මෙරට අලි ඇත් පරපුර තවත් දශක දෙකක් යන විට කෞතුකාගාරයට පමණක් සීමා වනු ඇත. වනජීවී සංරක්ෂණය ගැන මීට වඩා දෙයක් අපට කළ නොහැක්කේ ඇයි? පිළිතුර බීරි අලින්ට වීණා වැයීමකි. කාලි ඇතුට සුබ ගමන්. කැලෑ කොලමේ ප්‍රාර්ථනය වේ.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

එදත් මගේ හිත අද මෙන් කැපවී මේ අයුරින් පුද දෙන්න ඇතී…! Sri Lanka Latest News

Next Post

රටේ මිනිස්සුන්ට ලුණු නෑ! ලුණු රටින් ගේනවා! සභාපතිගෙන් ඇහුවාම අධ්‍යක්ෂ මණ්ඩලේ අයගෙ නම් ගැන උත්තර දෙන විදිහ බලන්න! මිනිස්සුන්ට ලුණු දෙන සැලසුම් ඇහුවාම උත්තර දෙන විදිහ බලන්න! මුදල් කමිටුවේ මේ රැස්වීම බලලා ලුණුවලට වෙන දේ හිතාගන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

Load More
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා (24) විවාදයට ගැනීමට නියමිතය.Sri Lanka Latest...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.