පරාටේ නීතිය වහාම අත්හිටුවන ලෙස ඉල්ලමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දිනයේ විශේෂ වීඩියෝවක් සිය ෆේස්බුක් පිටුවේ පළ කොට තිබේ.Sri Lanka Latest News
ඒ, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායන්ගේ ජාත්‍යන්තර දිනය නිමිති කොටගෙනය.
‘අප රටේ ද.දේ.නිෂ්පාදනයට 50%ක දායකත්වයක් සහ ලක්ෂ 40කට ආසන්න රැකියා උත්පාදනය කරන රටේ ආර්ථීකයේ ගාමක බලවේගය වන්නේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායන් ය. නමුත් පසුගිය වසර 5 ඔවුන් විඳි දුක් අපමණ ය. රටක් ලෙස අප ඉදිරියට යාමට නම් ආර්ථික දියුණුවක් අත්පත් කර ගැනීමට නම් අප ඔවුන්ව සවිබල ගැන්විය යුතුය. ඒ වෙනුවෙන් වන ආර්ථික ප්‍රතිපත්තියක් වෙනුවෙන් අප සැවොම පෙළ ගැසෙමු.’










